Tuesday, July 16, 2024

විනය පිහිටුවිමේ කාර්ය සාධක බලකාය යුදකරණයේ සහ අධිපතිවාදයේ නිමිත්තකි – විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය

ඡායාරූපය: මුලතිව්හි අලුතින් නම් කළ ගෝඨාභය හන්දියේ අලුතින් පිහිටුවා ඇති මුරපොළ.

විධායකය අධික්ෂණය කැරෙන පාර්ලිමේන්තුව අක්‍රීය වී ති අතරවාරයෙහි ජනාධිපති රාජපක්ෂ විසින් කාර්ය සාධක බලකා දෙකක් පත්කිරීම විසින් අධිකාරවාදී සහ යුදකරණයේ ගැටලු සහගත ප්‍රවණතාවයන් පෙන්නුම් කරන්නේ යැයි ප්‍රකාශනයක් නිකුත් කරමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය කියා සිටී. ඒ විසින් ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථානුකූල ප්‍රජාතන්ත්‍රවාදයටත් සංහිදියාවටත් බරපතල බලපෑමක් ඇති කරනු ඇතැයි ද එම ප්‍රකාශණය සඳහන් කරයි.

ම ප්‍රකාශය තවදුරටත් මෙසේ සඳහන් කරයි:

අංක 2178/18 දරණ ගැසට් පත්‍රිකාව මගින් ජනාධිපතිවරයා “ සදාරවාරවාදී, විනය සහ නීති ගරුක සමාජයක්” ශ්‍රී ලංකාවේ බිහි කිරීම පිනිස කාර්ය සාධක බලකායක් පිහිටුවා තිබේ. එයට නායකත්වය දෙන්නේ ආරක්ෂක අමාත්‍යාංයශයේ ලේකම් විසින් වන අතර එයට යුද හමුදා සහ පොලිස් බුද්ධි ප්‍රධානීන්, රේගු අධ්‍යක්ෂ ජෙනරාල්, සහ ආරක්ෂ ආමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකුද ඇතුළත් වෙයි. තවත් වැදගත් කරුනක් වෙන්නේ කාර්ය සාධක බලකාය සමන්විත වන්නේ වත්මන් සහ හිටපු යුද සහ නීතිය හා සාමය රැකීමේ නිලධාරීන්ගෙන් වීමය.

කාර්ය සාධක බලකායේ විධානය අපැහැදිළි සහ සීමා රහිතය. ඊට අයත් “ සමාජ විරෝධී ක්‍රියා” යන්නට කිසිදු නීතිමය අර්ථයක් නැත. එවැනි කටයතු වලට එරෙහිව නීතිමය පියවර ගන්නට යන්නේ කෙසේදැයි යන ප්‍රශ්ණය මතුවෙයි. මෙම කාර්ය සාධක බලකා පිහිටුවා ඇත්තේ හුදෙක් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පියවර ගැනීමට පමණක් ද නැත්නම් එය තවත් පුළුල් පරාසයක් ආවරණය කරන්නේ ද යන්න පැහැදිලි නැත. තවත් ව්‍යාකූලතාවයක් නම් කාර්ය සාධක බලකාය ප්‍රතිපත්ති සම්පාදනයේ ද නියැළෙන්නේ ද නැත්නම් එහි කාර්ය වනු ඇත්තේ පවත්නා නීති සහ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමද යනුය.

වැලිත්, එහි ප්‍රකාශිත අරමුණ නොසළකා, කාර්ය සාධක බලකාය ඇමැති මණ්ඩළය මඟහැර රාජ්‍ය සේවාවන්ට කෙලින්ම නියෝග දිය හැකි දැනටමත් පවත්නා ආයතනයන්ට සමාන්තරව ක්‍රියාකළ හැකි අන්දමින් එය සැළසුම් කර තිබීම ද සටහන් කළ යුතුය. මෙම කාරනා, තවත් කාරනා ගණනාවක්ම සමඟ අතිශය බරපතල බලපෑමක් ඇති කරන බැවින් හදිසි අවධානයට ලක් කළ යුතුව තිබේ.

සිය අවධානය යොමු වන්නේ ශ්‍රී ලංකාවේ ආන්ඩුව සහ ආන්ඩුකරණය එන්න එන්නම යුදකරණයට සහ ආරක්ෂකරණයට බදුන් කිරීමත් මූලික තීන්දු සහ තීන්දු ගැනීමත් විශ්‍රාමික සහ සේවයේ නියුතු යුද සහ පොලිස් නිලධාරීන් අත මත තහවුරු කිරීම සම්බන්ධයෙන් බව එම ප්‍රකාශය පවසයි.

මෙම කාර්ය සාධක බලකායන් පිහිටුවීම සහ වර්ධනය විය හැකි දුක්ගැනවිලි සහ ත්වරණයන් ඉහළ ගොස් අද ලංකාවෙහි මූලිකත්වයන් විය යුතු සංහිදියාවේ සහ සංක්‍රමණීය යුක්තියේ බලාපොරොත්තු අනතුරේ හෙළනු ඇතැයි ද විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ප්‍රකාශ කරයි.

ඉංග්‍රිසි බසින් ප්‍රකාශිත එම ප්‍රකාශණය මෙහි ඇත.

Archive

Latest news

Related news