Sunday, May 5, 2024

ආබාදිත දරුවකුට පොලීසිය පහර දී වෛද්‍යවරයකු විසින් අංගොඩ යැවීමට නිර්දේශ කිරීම

ඡයාරූපය: පොලිස් පහරදීමේ සීසීටීවී දර්ශන සහ සමාජ ජාල නොතිබුණි නම් මෙම කුරිරු ප්‍රහාරයද වැසී යන්නට ඉඩ තිබුණි.

අළුත්ගම, ර්ගා නගරයේ 14 හැවිරිදි ඔටිසම් ආබාදිත (ඔටිසම් යනු සමාජ අන්තර්ක්‍රියා සහ සන්නිවේද අපහසුකම් හා සීමිත පුනරාවර්තන හැසිරීම් වලින් යුතු මානසික වැඩීම මන්දගාමී කරවන ආබාධයකි.) පිරිමි ළමයෙකු වන තරික් අහමඩ්ට පොලීසිය විසින් කරන ලද අමානුෂික පහර දීමට අමතරව කලුතර අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් ද එම දරුවා මුස්ලිම් වීම නිසා දක්වන ලද දුෂ්ඨ හැසිරීම ද දැන් අනාවරණය වී තිබේ. තරික්ට ඔටිසම් ආබාධයක් ඇති බව හඳුනා ගෙන ඇත්තේ වසය හතරෙහිදීය. එතැන් පටන් ඔහුගේ මානසික වර්ධනයට එය බාධාවක් විය. එබැවින් අද ඔහුට ඇත්තේ වයස අවුරුදු 6 ක දරුවෙකුගේ හැසිරීමක් සහ හැකියාවන්ය.

මෙම දරුවාට පොලිස් නිලධාරීන් විසින් අමානුෂික ලෙස පහර දීමත් අනතුරුව කලුතර ජේඑම්ඕ විසින් දරුවා අංගොඩ යවා පාජමක් ඉගැන්වීමට දරන ලද ප්‍රයත්නයත් පෙන්වන්නේ මෙරට වර්ධනය වෙමින් ඇති පොලිස් අවනීතිය සහ වාර්ගික විශම සැළකීමය.

පොලිස් ප්‍රහාරයට ලක් වූ මෙම දරුවා සම්බන්ධයෙන් පොලීසියේ පැමිණිල්ලක් කිරීම අපහසු වු නමුත් පසුව එම සිදුවීම කළුතර දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අවධානයට යොමු කිරීමට පියාට සමත් විය. දරුවා වෛද්‍ය පරීක්‍ෂණයකට ලක් කර ඒ අනුව පියවර ගන්නා ලෙස ඔහු උපදෙස් දුන්නේය. තරික්, ඔහුගේ පියා සහ තවත් පොලිස් නිලධාරියෙකු පසුව කළුතරයේ නාගොඩ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි (ජේඑම්ඕ) හමුවීමට ගොස් තිබේ. දරුවා පරීක්ෂා කිරීමෙන් පසු අධිකරණ වෛද්‍ය නිලධාරියා පොලිස් නිලධාරියාට අපහාත්මකව මෙසේ කී බව වාර්තා වෙයි:තමා මෙයා මෙහෙට ගෙනාවේ මොකද? මූ යවන්න ඕන අංගොඩට. අද අපි හැමෝටම මුඛ ආවරණ දාගෙන ඉන්නවෙලා තියෙන්නේ මේ ජාතිය (එනම් මුස්ලිම්) නිසයි. ූට කරපු දේ හරි. උන් හැමෝටම ඩුවම් කරන්නයි තියෙන්නේ. මං වැඩ පෙන්වන්නම්”

සති කිහිපයක් තිස්සේ දරුවා ෂධ ලබා නොගෙන ඇතැයි තීරණය කොට තරික් අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ රඳවන ලෙස නිර්දේශ ක අධිකරණ වෛද්‍ය නිලධාරියා දරුවා රෝහලේ මනෝචිකිත්සකවරයා වෙත යොමු කළේය. අධිකරණ වෛද්‍ය නිලධාරියා එකී නිගමනයට එළඹ ඇත්තේ තරික්ගෙන් හෝ ඔහුගේ පියාගෙන් බෙහෙත් ගත්තාදැයි විමසන්නේ නැතිවය. ඔවුන්ගේ වාසනාවට, උපදේශක මනෝචිකිත්සකවරයා තරික් වසර ගණනාවක් බෙහෙත් ගනිමින් සිටින වෛද්‍යවරයා විය. තරික් ඔහුගේ බෙහෙත් නිතිපතා ගන්නා බවත්, වසර ගණනාවක් සායන සඳහා පැමිණෙමින් සිටි බවත් උපදේශක මනෝචිකිත්සකවරයා හොඳින් දැන සිටියේය. දරුවාට සුපුරුදු බෙහෙත් නියම කර රෝහලෙන් නිදහස් කර ගෙදර යැවීමට ඔහු පියවර ගත්තේය.

මේ අතර පහරදිමේ සිද්ධිය වසන් කිරීමේ උත්සාහයක් පොලිස් පාර්ශවයෙන් ගැනෙමින් තිබුණි. එසේ නමුත් පියා සහ තවත් අය මෙම සිදුවීම සීසීටීවී දර්ශනවල ආධාරයෙන් මෙම පුවත රටපුරා පතුරුවා හැරීමට දායක විය. මනෝචිකිත්සකවරයා නොවී නම් මේ අසරණ දරුවා අංගොඩ මානසික රෝහලට යවන්නට ඉඩ තිබූනි. කලුතර රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා පෙන්වා ඇත්තේ ලංකාවෙහි පද්දතිමය සහ ආයතනික වශයෙන් මුල් බැසගනිමින් පවතින සංහල වර්ගවාදයයි. තවද දශරාජ ධර්මයෙන් රට පාලනය කරන බවට පාරම්බාන නමුත් දරුවකුට අමානුෂික ලෙස පහර දුන් පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගැනීමට ආණ්ඩුව සමත් වී නැත.

ඔහුගේ ශරීරයේ ඇති පහරදීමෙන් ඇතිවුණු සලකුණු

තරික්ට සිදු වූ අසාධාරණය සමබන්ධ කතාව හිටපු පාර්ලිමේන්තු මංත්‍රීවරයකු වන අලි සහීර් මවුලානා විසින් ටීවීට පණිවඩ මගින් වාර්තා කර තිබේ.

තවත් වධහිංසා ලකුණු

මැයි 25 වන දින ඇඳිරි නීතිය පනවා තිබියදී තරීක් සිය නිවසේ සිට පා පැදැයක නැගී ඉබාගාතේ ගොස් තිබේ. ඔහු දර්ගා නගරයේ ගහ හන්දිය අසලින් ගමන් කරමින් සිටි අතර එතැන වූ පොලිස් නිලධාරීන් හය හත් දෙනෙකු සහිත පොලිස් මුරපොළක් විය. සිවිල් ඇදුමින් සැරසුණු පොලිස් නිලධාරියෙකු විසින් ඔහු නැවත්වා ඔහුගේ පාපැදිය තල්ලු කර දමන ලදී. තරීක් ඔටිසම් රෝගියෙකු වූ නිසා ස්වාභාවිකවම ඔහු කවුද සහ ඔහු එහි කරන්නේ කුමක්ද යන්න හොදින් තේරැම් කිරීමට ඔහුට හැකියාවක් නොතිබුණි. ඔහුගේ පියාට අනුව, ඔහු බිය වී අවුල් සහගත තත්වයකට පත්විය.

 

එම නිලධාරයා විසින් ඔහු ඇදගෙන යද්දී තවත් පොලිස් භටයන් 5 දෙනෙකු පැමිණ ඔහුට අමානුෂික ලෙස පහර දීමට පටන් ගත් බව සීසීටීවී දර්ශන පෙන්නුම් කරයි. ඔහුගේ මුහුණට, හිසට සහ පිටට පහර දෙන ලදී. ඔහු මුරපොල දෙසට දෙසට පාර හරහා ඇදගෙන යන අතර ත්‍රිරෝද රථයක පැමිණි තවත් සිවිල් පුද්ගලයින් දෙදෙනෙකු ද ඔහුට පහර දීමට පොලිසියට එක්වූ බවද එම වීඩියෝ දර්ශන පෙන්වයි.

 

ඔහු දුක් වෙමින් අඩන්නට විය. පොලීසිය මේ නිසා තවත් තරහ ගත් බව පෙනේ. ඔහු පොලිස් පහාරදීම් වලින් බේරිීමට උත්සාහ ගත නමුත ඔහුගේ අත් පිටුපසට බැඳ, මුරපොල අසල ගසක් යට කණුවකට බැඳ තබන ලදී. මෙම පහරදීම බැලීමට නතරවූ අය අතර තරික් සහ ඔහුගේ පියා දන්නා පුද්ගලයෙකු වහාම පියා මුරපොල වෙත ගෙන ආවේය. පියා වහාම තම සිය ආබාදිත පුතා වෙත ගොස් තම පුතාගේ වෛද්‍ය ආබාධය සහ තත්වය පොලීසියට පැහැදිලි කරමින් ඔහුව නිදහස් කරන ලෙස අයැද සිටියේය.

නමුත් සිටි නිලධාරීහු මුලදී පියාට නින්දා සහගත වචන මගින් හංසා කළේය. පසුව මෙම දරුවා ඇත්ත වශයෙන්ම මානසික රෝගියෙකු බව මුරපොළේ පොලිස් නිලධාරීන් වටහා ගත් බව පෙනේ. තම පුතා නිවසින් පිටතට ගෙනයාමේ වරද තමාගේ බවට එකඟවන්නේ නම් පමණක් තරික් නිවසට රැගෙන යාමට අවසර දිය හැකි බව මුරපොළේ නිලධාරීහු තර්ජනය කළහ. එසේ එකඟ නොවී නම් තරික්ද මේ වන විට ඇදිරි නීති කඩකිරීම නිසා පොලිසීය විසින් අත් අඩංඟුවට ගෙන නඩු පවරා ඇති 70,000කට ආසන්න ලංකිකයින්ගෙන් තවත් අංකයක් පමණක් වීමට ඉඩ තිබුණි.

තරීක්ගේ හිසෙහි කැපුමක්ද, ඔහුගේ පිටුපසට හා අත් වලටද, ඔහුගේ සිරුර පුරා තැලීම් කිහිපයක්ද දක්නට තිබුණි. මෙම දරුවාට අවම වශයෙන් වැඩිහිටි පුරුෂයන් 8 දෙනෙකු පහර දී ඇත. එසේ තිබියදීත් පොලිසිය විසින් පළිගනිතැයි බියෙන් පියා තාරික්ව එදින රෝහලට ගෙන යාමට බිය විය. මේ අතර බියට පත්ව වූ තාරික් කිසිවකුට තමාට ළඟාවීමටවත් ඉඩ නොදුන්නේය.

රික්ගේ පියා අවසානයේ පොලීසියට පැමිණිල්ලක් කළේ දන්නා හදුණන බොහෝ දෙනෙකු විසින් කරන ලද පෙරුත්ත කිරීම් වලින් පසුවය.

 

සේ. පියවර්ධන විසිනි.

Archive

Latest news

Related news