Thursday, July 18, 2024

පද්ධතිමය වර්ගවාදයට සහ අයුක්තියට එරෙහිව ඇමරිකාවෙහි සිවිල් ක්‍රියාවාදය (activism) අප සැමට ප්‍රබල පාඩමක් – කුමාර් සංගක්කාර.

අප ජීවත් වන්නේ කුමන රටක වුවත්, එය ඇමරිකාව වේවා, ශ්‍රී ලංකාව වේවා, වෙනත් රටක් වේවා, අපගේ සංවේදීතාවන් සහ සංවේදීතාවන් තීරණය කළ යුත්තේ රජය නොවේ.

එය ඔබේ සහ මගේ තේරීම.

අපගේ ප්‍රඥා, දයානුකම්පාව, සංවේදනය සහ අවබෝධය රජය විසින් තීරණය කළ යුතු දේ නොවේ. අපගේ හදවත් හා මනස එකිනෙකාට විවෘත කිරීම හෝ වෙනස හා වෙනස්කම් වැලඳ ගැනීමට හා අගය කිරීමට ඇති හැකියාව රජය විසින් සීමා නොකළ යුතුය.

එය තෝරා ගන්නා ජනතාව අපි වෙමු.

අපි අපේ නියෝජිතයින් ද අපේම අය අතුරින් තෝරා ගනිමු. ඔවුන් රජයට ගෙන යන චරිත ලක්ෂණ සඳහා අපි වගකිව යුතුය. ඔවුන් කුමණ අන්දමක පුද්ගලයින් ද කුමණ අන්දමක පුද්ගලියන් බවට පත්ව ඇත්ද යන්න ගැන අප වගකිව යුතුය. ඔවුන්ගේ ස්වභාවය සැකසෙන්නේ අපගේ බලපෑම හා ප්‍රති පෝෂණය මගිනි.

අපගේ තේරීම් රජයේ ආකල්ප, ක්‍රියා, ප්‍රතිපත්ති සහ නීති සම්පාදනය සඳහා මග පෙන්වයි. හොඳම රජය සහ හොඳම සමානාත්මතාවය ඇති කිරීම සඳහා අප වඩා හොඳ පුද්ගලයන් විය යුතුයි. අපගේ ශක්තීන් සහ අපගේ දුර්වලතා එකිනෙකා තුළම මෙන්ම අප විසින් තෝරා පත් කරනු ලබන නියෝජිතයින්ගේ හැසිරීමෙහි පිළිබිඹු වෙයි.

ජනතාව වන සාමාන්‍ය පුරවැසියා වන අපට, විවෘත, ගෞරවය සහ අවබෝධය සහිත ලෝක සංස්කෘතියක් ඇති කිරීම සඳහා එකාවන්ව වඩා හොඳ අසාමාන්‍ය වෙනසක් අත්කර ගත හැකිය. නොදැනුවත්කමට හා අගතියට තැනක් නැති සහ සැබෑ නිදහස රජයන වන ලෝක සංස්කෘතියක්.

අප ධෛර්යවත්ව සිටිය යුතුය, විශ්වාසයෙන් යුතුව මෙමමනෙහි ක්‍රියාශීලීව සහභාගී විය යුතුය.

අද අපේ තේරීම් විසින් අපේ දරුවන්ට හෙට උරුම වන සංස්කෘතිය තීරණය කරනු ඇති.

අපට අපගේ ජීවිත ගැන සාඩම්බර වීමට අවශ්‍ය නම්, අපේ උරුමය ඉදිරියට ගෙනයෑමට අපේ දරුවන් සාඩම්බර වනවා දැකීමට නම්, අපි වඩා යහපත් වෙමු.

අපි අපේ දරුවන් වෙනුවෙන්, අපෙන්මද එකිනෙකාගෙන් එයම ඉල්ලමු.

තෝරාගන්න.

කුමාර් සංගක්කාරගේ ටිවීට පණිවිඩ එකතුවක සංහල පරිවර්ථනය ශ්‍රි ලංකා බ්‍රීප් විසිනි)

ඇමෙරිකානු සිවිල් අරගලයේ අවස්ථා:

දණහිස මත අඅත තබා විරෝධතාකරුවන්ට සහයෝගිතාවය දක්වන ඇමෙරිකානු පොලිස් කණ්ඩායමක්
සුද ජාතික පරමෝතමවාදය අවසන් කරනූ!
අසමාන දිරිය!
ඔබ අප හදවත්හි සදා හුස්ම ගනී!

 

Archive

Latest news

Related news