Friday, May 3, 2024

මැරෙනවා නම් තොන්ඩමන් වගේ මැරෙමු…

දුප්පත් මිනිහෙකුගේ මිනියක් පැය විසිහතරක් ගෙදර තියාගන්න බැරි, මගුලක් කන්නට ගියත්, එකේ ඉන්න ඕනේ ගාන ආණ්ඩුව තීරණය කරන වෙලාවක,

තොන්ඩමන් මහතා ගේ දේහය මුලින්ම ජයරත්න මල් ශාලාවෙන් දවස් හතකට එම්බාම් කර ගෙන ලෑස්ති උනේ එසේ මේසේ කෙලියකට නොවේ.

ඉස්සර අපි අසා ඇත්තේ දවස් හතක් මගුල් කන හැටි මිසක් දවස් හතක් අවමගුල් කන හැටි නොවේ.

නීතිය, ධනය සහ බලය ඉදිරියේ අසරණ ද..

නැතහොත්, නීතිය ඉදිරියේ නැති බැරි එකා අසරණ ද යන්න අපි දන්නේ නැත.

මුලින් ම දේහය කොළඹ බත්තරමුල්ල නිවසේ එක දවසක් තබා ගනී..

හෙට පාර්ලිමේන්තු වට සහ පිත්තල හන්දියේ cwc කාර්යාලය ට ගෙන යන බව සැලයි.

අනිද්දා රම්බොඩ නිවසට ගෙන යනු ඇති.

ඉන්පසු ව 30 වෙනිදා නැවත හැටන් කොටගල පුද්ගලික නිවසට ගෙන යනු ලැබේ.

පසුව 31 වෙනිදා හවස නොවූඩ් ක්‍රීඩාංගනයේදී ආදාහනය කරනු ඇති.

තොන්ඩමන් මහතා මෙරට දමිළ නායකයෙක් ලෙස ඉටුකළ නොකළ දේවල් විවේචනය ට මෙය මොහොත නොවේ, මනුෂ්‍යන් ලෙස ඔහු වෙනුවෙන් අපි ද අවසන් ගෞරවය පුදන්නේමු.

එහෙත් අපට උවමනා වී ඇත්තේ, මේවාට යටින් දිවෙන දේශපාලන ය සහ සමාජ අසාදරණය ප්‍රශ්න කිරීමට ය.

මේ රටේ තක්කඩි දේශපාලන න්‍යාය පත්‍රයන් විසින්.

කවර ව්‍යසනය ක්‌ යටතේ උවත් නීතිය තමන්ගේ බාජනයේ හැඩයට නවන හැටි පිළිකුල් සහගත ය.

මැතිවරණ ය,
පසුගිය මැතිවරණයෙදී කඳුකර චන්ද වල හැසිරීම,
කොරෝනා.
නිරෝදායන නීතිය,
සමාජ දුරස්ථ භාවය..

මෙකි නොකී සියලු කරුණු එතුමන්ගේ අවමගුල් පෙරහරේ කොටස් බව අපගේ හැගීමයි.

හෙට මේ රටේ මිය යන සාමාන්‍ය පුරවැසියෙකුගේ මරණයක් ඔවුන් ගේ දරුවන්ට මේසේ රට වටේ ගෙන යා හැකිද.

පාලකයන් මේ විහිලු කරමින් සිටින්නේ අපේ දුප්පත්කම්, සහ මෝඩකම් වලට මිස වෙන කුමකටද..

තොන්ඩමන් මහතාණනි ඔබ‍ට නිවන් සුව….
(චමින්ද ගුණසිංහ/ මුහුණු පොත)

Archive

Latest news

Related news