Friday, May 3, 2024

රාජපක්ෂවාදී  දයාන් ජයතිලක සහ තමාරා කුනනායගම්ගෙන් ජනපති ගෝඨාභයට ප්‍රහාරයක්!

දයාන් ජයතිලක සහ තමාරා කුනනායගම් යන දෙදෙනාම උග්‍ර මහින්ද රාජපක්ෂවාදීන් ය. දෙදෙනාම මහින්ද රාජපක්ෂ පාලනය යටතේ ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සදහා රාජපක්ෂ විසින් තානාපති තනතුර සඳහා පත් කරන ලදී. ඊට අමතරව ජයතිලක ප්‍රංශයේද කුනනායගම් කියුබාවේද ශ්‍රී ලංකා තානාපතිධුර හෙබවූහ. තමාරා කුනනායගම් ජනාධිපති රාජපක්ෂගේ දීර්ඝකාලීන මිතුරියක් ද වෙයි.

මේ දෙදෙනාම පසුගිය 21 දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සැර විවේචන දෙකක් එල්ල කළහ. ආණ්ඩුවේ රණවිරු සමරු උත්සවයේදී ගෝඨාභය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය එල්ල කර වෙඩිල්ලක් පත්තු කළේය. ඔහු කීවේ “ ශ්‍රී ලංකාවේ රට වෙනුවෙන් අසීමිත කැපකිරීම් කළ රණවිරුවන් අනවශ්‍ය පීඩනයට පත් කිරීමට තමා කිසිවිටෙකත් ඉඩ නොදෙන බවත් රටට අසාධාරණයක් වන අයුරින් යම් ජාත්‍යන්තර ආයතනයක් හෝ සංවිධානයක් දිගින් දිගටම කටයුතු කරන්නේ නම් එම ආයතනයේ හෝ සංවිධානයේ සාමාජිකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත් කර ගැනීමට කිසිවිටෙකත් පසුබට නොවන” බවත්ය.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දිගටම යෝජනා සම්මත කළ ඇත්තේ ජිනීවාහි මානව හිමිකම් කවුන්සියල පමණි. එබැවින් පැහැදිළිවම මෙම තර්ජනය එල්ල කරන ලද්දේ එ.ජා. මානව හිමිකම් කවුන්සිලයටය.

[title]තමාරා කුනනායගම්ගේ නිවේදනය[/title]

ගෝඨාභය එම ප්‍රකාශය කළදාට පසුදාම තමාරා කුනනායගම් නිවේදනයක් නිකුත් කරමින් මෙසේ කීවේය:

ජනාධිපතිවරයගේ ප්‍රකාශයෙන් ඇඟවෙන්නේ ඔහුට එක්සත් ජාතීන් ගැන වැරදි ලෙස උපදෙස් දී ඇති බවයි. ශ්‍රී ලංකාවට, එහි රණවිරුවන් ආරක්ෂා කිරීම සඳහා නිශ්චිතවම ජාත්‍යන්තර සහයෝගය අවශ්‍ය වේ. ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයෙකු නොවේ. එය නිරීක්ෂණ රාජ්‍යයක් පමණි. එබැවින් ‘ඉවත් වීම’ පිළිබඳ ප්‍රශ්නය පැන නගින්නේ නැත. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වීමට ඇති එකම ක්‍රමය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉවත් වීමයි.”

ඇය එමගින් කියන්නේ ජනාධිපති රාජපක්ෂ අන්තර් ජාතික සංවිධාන ගැන අවබෝධයක් නැති ළණුකන පුද්ගලයකු බවයි.

ය තවදුරටත් මෙසේ කියයි. අප වැනි අඩු බලවත් රාජ්‍යයන්ගේ අවශ්‍යතා ද එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය යටතේ ස්ථාපිත කර ඇත. එහි දුර්වලතා කුමක් වුවත් බාහිර මැදිහත්වීම්, මැදිහත්වීම්, ආක්‍රමණ සහ යුද්ධවලට එරෙහිව අඩු බලවත් රාජ්‍යයන්ගේ සහ අප වැනි අතීත යටත් විජිතයන්හි ස්වෛරීභාවය ආරක්ෂා කළ හැකි එකම ආයතනය වන්නේ එයයි.”

එම උපදේයෙන් පසු ඇය මෙසේ කියන්නේ ගෝඨාභයගේ ඇමෙරිකානු සම්බන්ධයට ඔළොක්කුවට මෙන්ය: එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉවත් වීම ලෝකයේ එක්සත් ජනපද අධිපතිවාදී ඒකපාර්ශ්වික දැක්ම ශක්තිමත් කරනු ඇත. ස්වාධීන හා ස්වෛරී ජාතීන් ලෙස පැවැත්ම සහ පැවැත්ම රඳා පවතින්නේ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ ඇතුළත් කර ඇති අරමුණු හා මූලධර්මවලට ගරු කිරීම මතය.”

[title]අතුල් පහර[/title]

කුනනායගම් අන්තිමට දෙන්නේ අතුල් පහරකි. ඇය කියන්නේ “මෙම ප්‍රකාශයත් හරියට වසංගතය දඩමීමා කරගෙන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත්වන බවට ඩොනල්ඩ් ට්‍රම්ප් කරන තර්ජනය වැනිය” කියාය.

දයාන් ජයතිලක ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලනයේ කේන්ද්‍රයම ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කර තිබේ. එනම් ඔහුගේ සිංහල බෞද්ධ රාජ්‍ය ව්‍යාපෘතියයි.

පොතුවිල්හි මුහුදු මහා විහාරය පිළිබඳ කරුණු සොයා බැලීම සඳහා ආරක්ෂක ඇමැති, යුදහමුදාපති සහ නාවික හමුදාපති යන තිදෙනාම ඇතුළක් දූත පිරිසක් යැවීම නිමිත්ත කරගනිමින් පසුලිය 21 දින “ඩේලි ෆප් ටී” පුවත්පතට ඔහු දීර්ඝ ලිපියක් ලියන ලදී. මෙම දූත පිරිස යවන ලද්දේ ජනාධිපති රාජපක්ෂගේ නියෝගයෙන් බව සදහන් කරමින් දුත කණ්ඩායම ගැන ඔහු කියා ඇත්තේ අඩුවකට තිබුණේ ගුවන් හමුදාපති පමණක්යැයි කියාය. මෙවැනි බලගතු කණ්ඩායමක් යැවීමට තරම් එතැන තිබූ ජාතික ආරක්ෂාවට ඇති තර්ජනය කුමක්දැයි ජයතිලක ආරම්භයේදීම ප්‍රශ්ණ කරයි.

[title]සිංහල බෞද්ධ රාජ්‍ය ව්‍යාපෘතිය[/title]

අනතුරුව හු කියන්නේ සිංහලබෞද්ධයන්ගේ ආයතන අතර සිංහල බහුතර ප්‍රදේශයක එවැනි ආරවුලක් ඇති වූයේ නම්, ඉහළ පෙළේ හමුදා නිලධාරීන් එහි ගොස් හමුදා කඳවුරක් පිහිටුවා ගනු ඇතැයි සිතිය නොහැකි බවය. නැගෙනහිර පළාත වැනි සංවේදී බහු වාර්ගික, බහුආගමික, බහුභාෂා ප්‍රදේශයක එවැනි පියවරක් ගැනීම විවේචනය කරමින් පොලිස් මුරපොළක් හෝ සහ සාමාන්‍ය ජංගම පොලිස් මුර සංචාරයක් ආරම්භ කිරීම නිවැරදි හා සමානුපාතික ප්‍රතිචාරයක් විය හැකිව තිබූ බව ඔහු සඳහන් කරයි.

මුහුදු මහා විහාරයට අයත් ඉඩම් අනවසරයෙන් අල්ලා ගැනීම දිගින් දිගටම සිදුවී ඇත්නම්, නීතිපතිවරයා විසින් වැරදිකරුවන්ට නඩු පවරන්නේ නැත්තේ මන්දැයි ඔහු තවදුරටත් ප්‍රශ්ණ කරයි.

ලෝකයේ හමුදාව යනු රාජ්‍යයේ අවසාන ප්‍රතිවාරය වන නමුත් දැන් ශ්‍රී ලංකාවේ එය දැන් ප්‍රථම ප්‍රතිචාරය බවට පත්ව තිබේ යැයි ජයතිලක සඳහන් කරන්නේ ගෝඨාභය යටතේ සිවිල් කටයුතු හමුදාකරණය වී ඇති බවට නොකියා කියමිනි.

යාන් ජයතිලක පහත සඳහන ප්‍රශ්ණ ගණනාව නගන්නේ ඒවාට පිළිතුරුදම ප්‍රශ්ණතුළම ඇතුළත් කරමිනි.

නව පාලන තන්ත්‍රය යටතේ ජාතික ආරක්ෂාව සහ රාජ්‍යයේ ආරක්ෂාවට ඇති තර්ජනය පිළිබඳ අර්ථකථන වෙනසක් වී තිබේද? “ජාතික”, “රාජ්‍ය”, “ආරක්ෂක”, “ආරක්ෂාව” සහ “තර්ජනය” යන අර්ථ දැක්වීම් දැවැන්ත වෙනසකට භාජනය වී තිබේද?

ප්‍රචණ්ඩ ගැටුමක් හෝ සන්නද්ධ සතුරෙකු සම්බන්ධයෙන් නොවූවත් ආරක්ෂක අමාත්‍යාංශය සහ හමුදාව ප්‍රාදේශීය/සිවිල් ආරවුල්හිදී ක්‍රියාකාරී මැදිහත්වීම කරා සිය භූමිකාවක් වෙනස් කර ඇත්ද?

ලෝක සම්මතය නම්, ගැටුමක් උත්සන්න ව මොහොත දක්වා පොලීසිය විසින් ප්‍රාදේශීය ආරවුල් හැසිරවීමය. සන්නද්ධ හමුදාවන් කැඳවනු ලබන්නේ යම් මට්ටමක තීව්‍රතාවයකින් යුතු සන්නද්ධ ප්‍රචණ්ඩත්වයක් ඇති වූ විට පමණි.

මූලෝපායික ප්‍රශ්ණයක් හෝ අවම වශයෙන් සන්නද්ධ තර්ජනයක් හෝ සන්නද්ධ සතුරෙකු නොමැති අවස්ථාවක පොලිස් ස්ථානයක් වෙනුවට හමුදා කඳවුරක් පිහිටුවන්නේ ඇයි?

බහු ජනවාර්ගික, බහුආගමික, බහුභාෂා වටපිටාවක ආරක්ෂක උපංගයන්හි සහ මිලිටරි යන්ත්‍රයෙහි අනන්‍යතාවය හා ක්‍රියාකාරිත්වය දැන් වෙනත් ලෙසකින් අර්ථ දක්වා තිබේද?

ඊටත් වඩා මූලික වශයෙන්, යුද හමුදාවන් එහි කඩුව සහ පලිහ වන ශ්‍රී ලංකා රාජ්‍යයේ අනන්‍යතාවය, භූමිකාව, ක්‍රියාකාරිත්වය සහ ස්වභාවය රාජපක්ෂ පාලන තන්ත්‍රය විසින් රැඩිකල් ලෙස වෙනස් අර්ථ දැක්වීමක් කර තිබේද?

එසේ නම්, නැවත සකස් කිරීම අවසන් වූ පසු එයට මඟ පෙන්වන දෘෂ්ටිවාදය සහ රාජ්‍යයේ අවසාන ස්වරූපය එයින් හෙළි වන්නේ කුමක්ද?”

මෙම ප්‍රශ්ණවලට ඔහු ඍජු පිළිතුරක් දෙයි. රාජපක්ෂගේ “නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතේ, ශ්‍රී ලංකා රාජ්‍ය යන්ත්‍රයේ නව දිශානතිය සහ ස්වභාවය ඒකමාන, ඒකආගමික, ඒකභාෂා, එක්සංස්කෘතික ආධිපත්‍යයේ ආයුධයක් ලෙස විධිමත් කැරෙනවා ඇත.”

ොතුවිල්හි මුහුදු මහා විහාරයට අදාළ කාරණා විභාග කීරීම පිනිස ගෝඨාභය රාජපක්ෂ විසින් යවන ලද දූත කණ්ඩයමේ ජායාරූපය ජයතිලක විසින් මෙසේ අර්ථ දක්වයි:

හැගීම් දැක්වෙන ආණ්ඩුකාරවරිය, ආරක්ෂක ලේකම්, හමුදාපති සහ බෞද්ධ භික්ෂූන්ගේ සමුහ ඡායාරූපය, ශ්‍රී ලංකා රාජ්‍යය දැනටමත් සිංහලබෞද්ධ රාජ්‍යයක් ලෙස ක්‍රියාත්මක වන බව ප්‍රකාශ කිරීමකි. ශ්‍රී ලංකා රාජ්‍යය තවදුරටත් සමස්ථ, බේරුම්කරණ, හෝ සමතුලිතරාජ්‍යයක් නොවේ.”

මේ වනාහී තවමත් මහින්ද රාජපක්ෂවාදියකු ලෙස පෙනී සිටින, ප්‍රධාන පෙළේ රටවල් තුනක ශ්‍රී ලංකාවේ තානාපති ධූරය හොබවන ලද විශ්ව විද්‍යාල ආචාර්යවරයකු විසින් විසින් ගෝටාභය රාජපක්ෂගේ දේශපාලන ව්‍යාපෘතියට එල්ල කරන ලද බරපතල ප්‍රහාරයකි. එය දෙස් විදෙස් වශයෙන් රාව ප්‍රතිරාව දැක්වෙනු ඇති බව නිසැකය.

(C) SLB

Archive

Latest news

Related news