Friday, April 19, 2024

ෂානි අබේසේකර සහ රවි සෙනවිරත්න ගැන තවත් පරීක්ෂණයක්

රිශාඩ් බද්ර්දීන් සම්බන්ධයෙන් හිටපු රහස් පොලිස් අධ්‍යක්ෂ හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ෂානි අබේසේකර සහ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ හිටපු ප්‍රධානී ජේෂ්ඨ පොලිස්පති රවි සෙනවිරත්නට විරුද්ධව පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි දැනුවත් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම පරීක්ෂනය පැවැත්වෙන්නේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයන්ට එවකට ඇමැතිවරයකු වූ රිශාඩ් බදුර්දීන් සම්බන්ද යැයි සාක්ෂි නැති බවට ෂානි අබේසේකර විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවක් සම්බන්ධයෙනි.

පාස්කු ඉරිදා ප්‍රහාරයන්ට රිශාඩ් බදුර්දීන් ගේ කවර හෝ සම්බන්ධයක් ඇත්දැයි රවි සෙනවිරත්නගෙන් වාර්තාවක් කැඳවූ අවස්ථාවක පැය 24ක් ඇතුළත ෂානි අබේසේකර විසින් එවැනි සම්බන්ධයක් පිළිබඳ සාක්ෂි නැතැයි යනුවෙන් ලබා දෙන ලද වාර්තාව මෙම පරීක්ෂනයට නිමිත්ත වී තිබේ.

එවැනි වාර්තාවක් පැය 24ක් තුළ ලබාදෙන ලද්දේ කෙසේදැයි ෂානි අබේසේකරගෙන් දැනටමත් ප්‍රශ්න කර ඇත. ඔහු ප්‍රකාශ කර ඇත්තේ ඒ වන විටත් රිෂාඩ් බදුර්දීන් එකී ප්‍රහාරයන්ට අදාළ ද නැත්ද යන්න සම්බන්ධයෙන් තොරතුරු සොයාගෙන තිබූ බැවින් තමාට පැය 24ක් තුළ එම වාර්තාව ලබා දීමට හැකියාවක් තිබූ බවයි. ඒ් වන විට තමා යටතේ සේවය කළ පොලිස් පරීක්ෂකවරුන් විසින් ලබා දුන් තොරතුරු අනුව තම‌ා ඒම වාර්තාව ලබාදුන් බව ද ෂානි අබේසේකර විසින් පවසා ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් දනටමත් තවත් උප පොලිස් අධිකාරීවරුන් තිදෙනෙකුගෙන්ද පොලිස් පරීක්ෂකවරුන් ගණනාවකින් ද ප්‍රශ්ණ කර ඇති අතර මෙම පරීක්ෂණය වතමන් රහස් පොලිස් ජේෂඨ පොලිස් අධිකාරී අධ්‍යක්ෂ ඩබ්ලිව්. තිලරත්න යටතේ ජේෂ්ඨ පොලිස් අධිකාරී ගුරුසිංහ විසින් මෙහයවන බව ද වාර්තාවේ.

රිශාඩ් බදුර්දීන්ගේ ලේකම් වශයෙන් කටයතු කළ ඔහුගේ සහෝදරයා දැනටමත් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගේ බිරිඳ විසින් සිය සැමියා නිර්දෝශී බවට නිවේදනයක්ද නිකුත් කරන ලදී. හිටපු ඇමැති රිෂාඩ් බදුර්දීන් තමා ඇත් අඩංගුවට ගැනීම වළක්වන ලෙස අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

Archive

Latest news

Related news