Monday, May 20, 2024

කතු සංසදයේ ලේකම් හිටගෙනම ජඩමාධ්‍ය අසූචි හලයි! කරු ජයසුරියගෙන් නිවේදනයක්.

රාජපක්ෂවාදී පුවත්පතක් වන “මවිබිම” හිටපු කතා නායක සහ ව්‍යවස්ථා මණ්ඩලයේ සභාපති කරු ජයසූරිය මහතා සම්බන්ධයෙන් පළ කර ඇති මඩ පුවතක් පිළිබදව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන කරු ජයසූරිය මහතාගේ මාධ්‍ය සම්බන්ධීකරණ අංශය “විශේෂයෙන්ම ශ්‍රී ලංකා කතෘ සංසදයේ ලේකම් ධුරය දරණ සිසිර පරණතන්ත්‍රී මහතා කතෘ මණ්ඩල අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන පුවත්පතක් විසින් කතෘ සංසදය විසින් උසස් කොට සලකන සියළු ආචාර ධර්ම ඉතාමත් නින්දිත ආකාරයෙන් උල්ලංඝනය කිරීමද විමතියට කරුණකි” යැයි සදහන් කරයි. මෙම සිසිර පරණතන්ත්‍රී ලේලම් කම දරන ශ්‍රී ලංකා කර්තෘ සංසදය මෙරට ජනමාධ්‍ය ආචාර ධර්ම නිකුත් කර ඇති ආයතනය ද වේ. එමෙන්ම ජනමාධය මගින් පළ කරන අසත්‍ය වාර්ති පිළිබඳව සොයා බලා පියවර ගැනීම පිනිසද කර්තෘ සංසදය යටතේ වෙනම ආයතනයක්ද පිහිටුවා තිබේ. මෙම පුවත්පත් ආයතනයේ හිමිකරු වන ටිරන් අලස් මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් මහ මැතිවරණයට තරඟ කරන පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු කණ්ඩායමෙහි ද සිටී.

එම පුවත්පත් නිවේදනය පහත පළවේ.

2020.05.17 වන ඉරුදින මව්බිම පුවත්පතේ “පොලිස් කොමිසමේ සභාපති කරුගේ රෙදි ගලවයි.” යන ප්‍රධාන සිරස්තලය යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති කරු ජයසුරිය මහතා ජාතික පොලිස් කොමිසම් සභාවට බලපෑම් කරන ලද බවට පළකර ඇති ප්‍රවෘත්තිය මව්බිම පුවත්පතටම ආවේණික සාවද්‍ය හා ද්වේශ සහගත පුවත් පළ කීරිමේ කුප්‍රකට මාධ්‍ය භාවිතාව අනුවම පළ කරන ලද අසත්‍ය පුවතක් බව අවධාරණය කරමු. (එම අසත්‍ය පුවත මව්බිම පුවත්පතෙහි ඉංග්‍රීසි පරිවර්තනය ලෙස පළවන 2020.05.17 දින සිලෝන් ටුඩේ පුවත්පතෙහිද “ NPC exposes Karu” යනුවෙන් පළකර ඇත.)

එමෙන්ම පොලිස් කොමිසම් සභාවේ සභාපතිවරයා සහ සාමාජිකයන් අතර ඇති වු සාකච්ඡාවක් වෙනත් කිසිදු මුලාශ්‍රකින් තහවුරු නොකොට ආරංචි මාර්ගවලින් දැනගැනීමට ලැබුණු බව දක්වමින් ප්‍රධාන පුවත ලෙස ගැනීම ම අතිශයින් පහත් හා හාස්‍යජනක වාර්තාකරණයක් බව සඳහන් කළ යුතුය.

කෙසේ වෙතත් මව්බිම පුවත්පත අල්පමාත්‍ර වශයෙන් හෝ වගකිව යුතු මාධ්‍ය භාවිතාවක නිරත වන්නේ නම් උක්ත පුවතෙහි අන්තර්ගත කිසියම් හෝ කරුණක් පොලිස් කොමිසම් සභාවේ සභාපතිවරයා මඟින් නිල වශයෙන් තහවුරු කිරීමට කටයුතු කරන ලෙස අප අභියෝග කරන්නෙමු.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සහ සමස්ත කොමිසන් සභාවන්හි ක්‍රියාකාරිත්වය පිළිබඳව වැරදි මතයක් සමාජ ගතකොට කිසියම් ප්‍රජාතන්ත්‍ර වීරෝධි දේශපාලන ක්‍රියාදාමයක් සඳහා පසුබිම සකස් කිරීම මෙවැනි පුවත් පළ කිරිමේ අරමුණ බව පැහැදිලිය.

1999 අපකීර්තිමත් වයඹ මැතිවරණයෙන් පසුව දිගින් දිගටම ස්වාධීන මැතිවරණ කොමිසමක්, ස්වාධීන අධිකරණයක්, ස්වාධීන රාජ්‍ය සේවයක් හා ස්වාධීන පොලිස් කොමසමක් වෙනුවෙන් පෙනී සිටි කරු ජයසුරිය මහතා එම ප්‍රතිසංස්කරණ උදෙසා ගෙන එනු ලැබු 17 වන ව්‍යවස්ථා සංශෝධනයේ පුරෝගාමියෙකු වෙයි.

එබැවින් කරු ජයසුරිය මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති ධූරය දරණ අවසන් මොහොත දක්වාම ස්වාධීන කොමිසම් සභා මඟින් ශ්‍රී ලාංකීය ජන සමාජය හිමි කරගත් ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් කිලිටි කිරිමට කිසිදු බලවේගයකට ඉඩ නොතබනු ඇත.

මෙවන් පුවතක් පළ කිරිමේදී “තතු දත් ආරංචි මාර්ගවලින් පවසයි.” වැනි දියාරු වචන යොදාගන්නා මව්බිම පුවත්පතේ බලධාරීන්ට එම පුවත වාර්තා කරන මාධ්‍යවේදීයාගේ නම සඳහන් කිරීමට තරම්වත් කශේරුකාවක් නොමැති වීම පිළිබඳව අප කණගාටු වෙමු. කිසියම් මාධ්‍යවේදීයෙකුගේ නමින් මෙම සාවද්‍ය පුවත පළ කිරීමට කතෘ මණ්ඩලය තුළින් හෝ මාණ්ඩලික වාර්තාකරුවන් අතරින් මාධ්‍යවේදීයෙකු සොයා ගැනීමට පුවත්පත මුද්‍රණයට යන අවස්ථාව දක්වා දරණ ලද උත්සාහය ව්‍යර්ථ වී ඇත්තේ කිසිවෙකු මෙම ව්‍යාජ පුවතට පීතෘත්වය දීමට ඉදිරිපත් නොවු නිසා බව අප වෙත තොරතුරු ලැබී ඇත.

[alert type=”success or warning or info or danger”]විශේෂයෙන්ම ශ්‍රී ලංකා කතෘ සංසදයේ ලේකම් ධුරය දරණ සිසිර පරණතන්ත්‍රී මහතා කතෘ මණ්ඩල අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන පුවත්පතක් විසින් කතෘ සංසදය විසින් උසස් කොට සලකන සියළු ආචාර ධර්ම ඉතාමත් නින්දිත ආකාරයෙන් උල්ලංඝනය කිරීමද විමතියට කරුණකි.[/alert]

කෙසේ වෙතත් මෙවන් අසත්‍ය ප්‍රධාන සිරස්තලවලින් මුල් පිටුව සැරසීම මඟින් මව්බිම පුවත්පතට හිමි අතලොස්සක් පාඨකයින් රැකගැනීමට එම පුවත්පත දරණ නිර්ලජ්ජිත උත්සාහය පිළිබඳව ද අප අතිශයින් කණගාටු වෙමු. මෙම පුවත මඟින් සිදුකර ඇති ද්වේශ සහගත අපහාසයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කරු ජයසුරිය මැතිතුමා නිසැකවම කටයුතු කරනු ඇත.

Archive

Latest news

Related news