Tuesday, July 16, 2024

තර්ජන ගර්ජන මැද වැළලී ගිය කොරෝන කාලයේ තවත් මරණයක්.

67 හැවිරිදි මැඩම්පිටියේ මුස්ලිම් ජාතිකයෙකු මැයි 5 වන දින මියගිය අතර, ඔහු කොවිඩ් 19 රොගියකු යැයි මුවාවෙන් ආදාහනය කරන ලද බවත් කට නොඅරින සේ එම පවුලට තර්ජනය කර බිය වද්දවන ලද බවත් හිටපු පාර්ලිමේන්තු මංත්‍රීවරයකු වන අලි සහීර් මවුලානා ට්විට් පණිවිඩ ගණනාවක් මාර්ගයෙන් ප්‍රසිද්ධ කර තිබේ. ඒසේ නමුත් මෙම සිදුවීම ජනමාධ්‍ය මගින් හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ ආණ්ඩුව විසින් හෝ වාර්තා කර නොමැත.

 

මේ පහත ඇති මරණ සහතිකය දෙස බලන්න. මෙය බලයෙන් ආදාහනය කරන ලද ඒම මුස්ලිම් පිරිමියා සම්බන්යෙන් දි ඇති සහතිකයි. හි සඳහන් වන්නේ ඔම පුද්ගලයාට කොවිඩ් 19 වැළදී ඇති බවට බරපතල සැකයක් ඇති බවයි. එනමුත් ඉන්පසුව හෝො එම පුද්ගලයා සම්බන්දයෙන් කරන ලද  කොවිඩ් 19 පරීක්ෂණවල ප්‍රතිපල එම පවුලට ලබා දී නොමැත. එමෙන්ම එම පවුල දැනට නිරෝධායනයකට යටත්කර ද නැත. රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති පරිදි වයිරසය ගැවී නොගැවී ගියද අයකු පවා නිරෝධායනයට ලක් කළ යුතුය.

තවද මෙම පුද්ගලයා මෙරට කොවිඩ් මරණ ගණනට එක් වන්නේ නැ. මෙ සහතිකය කරුණු දෙකක් පෙන්වයි. ඒකක් තමන්ට අවශ්‍ය පුද්ගලයින් ආදාහනය කිරීම පිනිස තහවුරු නොකළ වෛද්‍ය වාර්තා යොදා ගැනීමේ මානව හිමිකම් විරෝධී පිළිවෙතයි. අනෙක නම් ඔහුට කොවිඩ් 19 අසාදනය වී තිබුණේ නම් එය සමාජයෙන් වසං කිරීමේ වෑයමයි.

අලි සහීර් මවුලානා සදහන් කරන්නේ මියගිය අ ආදාහනය කිරීම සඳහා තමා කැමැති බවට  අත්සන් කිරීමට ඔහුගේ පුතාට බලකරන ලද බවත් පසුව මෙම තොරතුරු කිසිවක් ප්‍රසිද්ධියේ හෙළි නොකරන ලෙස බලධාරීන් විසින් මුළු පවුලටම තර්ජනය කරන ලද බවත්ය.

මෙම කරුණු මගින් පෙන්වන්නේ යුදකරණය කරන ලද කොවිඩ් 19 පාලනය සමාජයේ අවවරප්‍රසාදිත ජනකොටස් මත ඇති කරමින් තිබෙන බලහත්කාරයයි.

අවසාන වශයෙන් අලි සහීර් මවුලානා ජනාධිපති රාජපක්ෂ වෙත ප්‍රශ්ණයක් යොමු කරයි: එය නම් “තවත් එවැනි සිද්ධීන් කීයක් තිබේද? ශ්‍රී ලංකාවේ කොවිඩ් 19ට ගොදුරුවූ සත්‍ය මරණ සංඛ්‍යාව කුමක්ද? තවත් කී දෙනෙක් වැරදි ලෙස ආදාහනය කර පවුල් නිහකර තිබේද?” යන්නයි.

අවසාන වශයෙන් ඔහු කියා සිටින්නේ “ජනාධිපති රාජපක්ෂ අප සැමට පැහැදිලි කිරීමක් ලබා දිය යුතුබවයි

(සමහර විට එම පිළිතුර රහස් පොලීසියේ දී ලැබෙන්නට ඉඩ තිබේ)

Archive

Latest news

Related news