Tuesday, July 16, 2024

ප්‍රංශ වෛද්‍යවරු යුරෝපයේ ප්‍රථම කොවිඩ් 19 රෝගියා විය හැකි මිනිසා සොයා ගනී.

කොවිඩ් -19 චීනයෙන් ඔබ්බට හා යුරෝපය පුරා ව්‍යාප්ත වීමට පටන් ගත්තේ ජනවාරි සහ පෙබරවාරි මාසවලදී බව මේ තාක් වූ සාමාන්‍ය පිළිගැනීම විය. එසේ නමුත් දෙසැම්බර් අග වන විට කොරොන වයිරසය පැරිසියේ පැවැති බව තහවුරු වී ඇතැයි පසුගිය සතියේ ප්‍රංශ වෛද්‍යවරු කණ්ඩායමක් කියා සිටියහ. එනම් ප්‍රංශය රට වසා දැමීමට මාස දෙකහමාරකට පෙර.

පැරීසියේ තදාසන්න ප්‍රදේශයක වෙසෙන 43 හැවිරිදි අමිරූච් හම්මර්, ප්‍රංශයේ “රෝගයේ බිංදුව” ලෙස මෙකී පර්යේෂකයන් විසින් නම් කර ඇති අතර සමහර විට ඔහු යුරෝපයේ පළමු කොවිඩ් රෝගියා විය හැකිය.

කොවිඩ්-19 පුපුරා යාමේ ආරම්භයේ සිටම හෝඩුවාවන් හඹා යමින් පැරණි වෛද්‍ය වාර්තා පිරික්සන ලොව පුරා සිටින පර්යේෂකයන් අතර මෙම ප්‍රංශ කණ්ඩායමද සිටී.

හදිසි වෛද්‍ය අංශයේ ප්‍රධානී වෛද්‍ය යෙව්ස් කොහෙන්ගේ නායකත්වයෙන් පැරිසියේ අවිසෙන් රෝහලේ කණ්ඩායමක් පසුගිය මාසයේ රොගීන්ගේ සටහන් පිරික්සීම ආරම්භ කළහ. ඔවුන් 2019 වසර අවසානය දක්වා ගොස් දෙසැම්බර් 2 සිට ජනවාරි 16 දක්වා කාලය තුළ ඉන්ෆ්ලුවෙන්සා වැනි රෝගයක් සඳහා ඇතුළත් කරන ලද දැඩි සත්කාර රෝගීන්ගේ වෛද්‍ය වාර්තා නැවත පරීක්ෂා කරන ලදී.

අධ්‍යනයට අනුව, ඔවුන් නියුමෝනියාව සෑදී තිබී පරීක්ෂා කළ රෝගීන් 58 දෙනෙකු 19 දෙනෙකු දක්වා ලඝු කර ගත් අතර ඉන් එක් රෝගියකුට කොවිඩ් -19 අසාදනය වී තිබූ බව තහවුරු විය. ඔහු රෝහල් ගතවී තිබුණේ 2019 දෙසැමිබර් 27 දා ය. ඔහු 43 හැවිරිදි අමිරූචි හම්මරි නම් විය.

එය පුදුම සහගත මෙන්ම ඉතා වැදගත් සොයා ගැනීමක්බව කොහෙන් එන්බීසී ප්‍රවෘත්ති සේවයට පවසා තිබේ. දෙසැම්බර් අග වන විට ප්‍රංශයේ කොරෝන වයිරසය ගැන වාර්තා වී නොතිබූ බැවින් එම පුද්ගලයා ගැන වෛද්‍යවරු සැක කර නැත.

මෙම සොයා ගැනමෙන් පසුව කණ්ඩායම නැවත නියැදිය පරීක්ෂා කර බලා සති දෙකකට පෙර 43 හැවිරිදි හම්මර්ට කතා කළේය. ඇත්ත වශයෙන්ම නම් හම්මර්ට ප්‍රතිකාර කරන ලද්දේ මෙම යෙව්ස් කොහෙන් නම් වෛද්‍යවරයා විසිනි. එම අවස්ථාවෙහිදී ඔහුට හදුනා නොගත් වයිරසයක් අසාදනය වි ඇතැයි යන්න ඔහුගේ නිගමනය විය.

හම්මාර් දෙසැම්බරයේ තමාට තිබූ රෝග ලක්ෂණ පර්යේෂකයින්ට පැහැදිලි කළේය. ඔහුට දැන් කොවිඩ් -19 හි පැහැදිලි ලක්ෂණ ලෙස හදුණාගෙන ඇති කැස්ස, පපුවේ වේදනාව, හුස්ම ගැනීමේ අපහසුව තිබුණි. “මගේ පපුවේ පිහියෙන් ඇනීම වැනි වේදනාවක් දැනෙන්නට පටන් ගත්තා” යැයි ඔහු සිහිපත් කළේය. වෛද්‍යවරුන් කල්පනා කළේ ඔහුට නොදන්නා වෛරසයක් අසාදානය වී ඇති බවයි. ඔහු කොතරම් අසාධ්‍ය තත්වයකට පත් වූයේ ද යත් ඔහුගේ බිරිද සෑම විනාඩි 20කට වරක්ම ඔහුගේ සුවදුක් විමසමින් සිටියේය.

හම්මර්ට කොවිඩ්-19 අසාදනය වි තිබී ඇති බවට රෝග විනිශ්චය කිරීමෙන් පසුව, ඔහු සහ ඔහුගේ බිරිඳ ආ ගිය තැන් විමසා සිටින ලදී. ඔවුන් ඇල්ජීරියාවට ගිය අගෝස්තු මාසයෙන් පසු දෙදෙනාම ගුවන් යානයක ගමන් කර නොතිබුණි. එසේ වුවත් හම්මර්ගේ බිරිඳ වූ ෆාතිහා හම්මාර් සේවය කළේ ගුවන්තොටුපළට ආසන්න සුපිරි වෙළඳසැලක. සමහර විට “මගීන් ගුවනින් එන අතරවාරයේ සිය සූට්කේස් සමඟ වෙළද සැළට පැමිණෙන බව ඇය කීවාය. එසේ නම් ප්‍රථමයෙන් සංචාරකයෙකුගෙන් ඇයට ආසාදනය විය වූයේ ද යන කරුණ විමසා බලන ලදී.

දෙසැම්බරයේ අගභාගයේදී ඇයට අසනීප ගතියක් දැනී තිබුණි. “මහන්සියි. ගොඩක් මහන්සිය තිබුණාඇය සිහිපත් කළාය. ඇයට කුඩා කැස්සක්, සැහැල්ලු උණක් තිබූ අතර ඇය කල්පනා කළේ එය සමාන්‍ය හෙම්බරිස්සාවක් විය හැකි බවයි.සතියකට පසු, ඇගේ සැමියා රොහලේ හදිසි ඒකකයට ඇතුළත් විය. ඔවුන්ගේ දරුවන් දෙදෙනාටද යම් තරමකට එම රෝග ලක්ෂනම වැළදුණි.

හම්මර් සහ ෆාතිහා යන දෙදෙනාට කොරෝන වයිරසය අසාදනය වූයේ කොසේ ද? එය මෙතරම් ඉක්මනින් චීනයෙන් යුරෝපයට ගමන් කළේ ද?

පසුගිය අඟහරුවාදා ජිනීවාහි පැවති සාකච්ඡාවකදී ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රංශ අධ්‍යයනය අවධානයට ලක් කරමින් කියා සිටයේ මෙමගින් නව චිත්‍රයක් ලබා දෙන බවයි.

මෙම සොයා ගැනීම කරුණු දෙකක් පෙන්වා දෙයි. එකක් නම් නව කෙරෝන වයිරසය කොතරම් ඉක්මණින් සහ ලෙහෙසියෙන් අයෙකුගෙන් තවත් අයකුට අසාදනය විය හැකි ද යන්නයි. දෙවැන්න නම් අප නොදන්නා බොහෝ පිරිසකට දැනටමත් වයිරසය අසාදනය වී සුව වී තිබිය හැකිය යන්නයි.

රංචු ප්‍රතිශක්තිය සමාජයන් විසින් අත්කර ගන්නා තුරු නව කොරෝන වයිරසය බෝවනු ඇතැයි යන්න යුරෝපයේ වෛද්‍ය විශේෂඥයිගේ මෑත කාලීන නිරීක්ෂණයක් බවට පත්ව තිබේ. මෙම වසර පුරාම අඩු මට්මනකින් නමුත් වයිරස් අසාදනයන් වාර්තාවනු ඇතැයි නිරීක්ෂයන් කර ඇත්තේද ඒ අනුවය.

මෙවැනි පර්යේෂනයන් අදට වඩා අනාගතයට නැත්නම් ඊළඟ වසංගතයට අදාළ යැයි කියන ප්‍රංශ පර්යේෂ කණ්ඩායමේ ප්‍රධානී කොහෙන් කියන්නේ

සතුරෙකුට එරෙහිව සටන් කිරීමට නම්, සතුරාගේ ජීවිත විලාසිතාව අප දැන සිටිය යුතුයකියාය.

(ඉහත සඳහන් කරුණූ නිරීක්ෂනයන් පමණක් බව සළකන්න. තොරතුරු උපුටා ගන්නා ලද්දේ විශ්වසනීය වාර්තා වලිනි.)

Archive

Latest news

Related news