Sunday, May 19, 2024

කොවිඩ් 19 අසාදනයෙහි නව මෘදු රෝග ලක්ෂණ හයක්; බස් රථයක වයිරසයට පැය 72ක් පවතින්න පුලුවන්.

සීතල, නොනැවත සීතලෙන් වෙව්ලීම, මාංශ පේශි වේදනාව, හිසරදය, උගුරේ අමාරුව සහ රසය හෝ සුවඳ නැති වීම වයිරසයේ අසාදනයෙහි නව රෝග ලක්ෂණ හයක් ලෙස ඇමෙරිකානු රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන විසින් හදුණා ගෙන තිබේ.

තවමත් හරියටම විස්තරාත්මකව හඳුනා ගෙන නැති කොරොන වයරස් රෝගය පිළිබඳව සෞඛ්‍ය විශේෂයින්ගේ අවබෝධය වර්ධධනය වීමත් සමඟ වන විට මෙම එකතු කිරීම් සිදුර තිබේ. සීඩීසී නම්න් හදුන්වන රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන මීට පෙර උණ, කැස්ස සහ හුස්ම හිරවීම හුස්ම ගැනීමේ අපහසුතාවය ද ඇතුලුව රෝග ලක්ෂණ ලෙස ලැයිස්තු ගත කර තිබුණි.

කොරොන වයිරස් රෝගීන්ට විවිධාකාර රෝග ලක්ෂන, මෘදු රෝග ලක්ෂණ සිට දරුණු රෝග දක්වා ඇති විය හැකිය. මෙම රෝග ලක්ෂණ සාමාන්‍යයෙන් පෙනෙන්නට පටන් ගන්නේ වයිරසයට නිරාවරණය වීමෙන් දින 2-14 කට පසුවය. රෝග ලක්ෂණ පෙන්වීමට ආසන්න දිනවල රෝග වඩාත් බෝ විය හැකි බව අධ්‍යයනවලින් හෙළි වී තිබේ.

සීඩීසී නිර්දේශ කරන්නේ හුස්ම ගැනීමේ අපහසුව, නිරන්තර වේදනාව හෝ පපුව මත පීඩනය, තොල් හෝ මුහුණෙහි නිල පැහැය ඇත්නම්   සඳහා වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම ය.

COVID-19 පසුගිය මාස තුන තුළ ලෝකය කෙරෙහි සිය ග්‍රහණය දැඩි කර ඇති හෙයින්, වෛරසය පිළිබඳ වෛද්‍ය අවබෝධය වර්ධනය වී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය සහ සීඩීසී ආයතනය මුලින්ම මහජනතාවගෙන් ඉල්ලා සිටියේ උණ, වියළි කැස්ස සහ හුස්ම ගැනීමේ අපහසුතා පිළිබඳව සොයා බලන ලෙසයි.

තවත් නවතම රෝග ලක්ෂනයක්ද ඇමෙරිකානු වෛද්‍යවරු වාර්තා කර තිබේ.එනම් රෝගියාගේ පාදවල සහ ඇඟිලිවල දම් පාට හෝ නිල් පැහැති තුවාල ඇතිවීමය. එය බෙහෝ විට දක්නට ලැබෙන්නේ ළමුන් හා තරුණයින් අතර. එය “කොවිඩ් ඇඟිලි” ලෙස හැඳින්වේ.

මේ අතර නිව්යෝර්ක් ආණ්ඩුකාර ඇන්ඩෘ කූමෝ ප්‍රකාශ කරන්නේ කොරෝනා වයිරසය ප්ලාස්ටික් සහ සුදු යකඩ මතුපිට පැය 72 ක් ජීවත් විය බව තහවුරු වි ඇති බවයි. “එයට බස් රථයක පොල්ලක හෝ බස් රථයක අසුනක පැය 72 ක් ජීවත් විය හැකියැයි ඔහු පසුගිය සිකුරාදා ප්‍රකාශ කළේය.

වයිරසය එක්සත් ජනපදයෙහි දරුණු ලෙස පුපුරා යාමේ කේන්ද්‍රය වූ නිවයෝක්හි ප්‍රවාහණ සේවාව ද ඊට ගොදරු විය. වාර්තාවන්ට අනුව අපේ‍්‍රල් 24 වන විට ඒහි සේවකයන් 84 දෙනෙකු වෛරසයට ගොදුරු වී මිය ගොස් තිබුනි. පුපුරා යාම ආරම්භ වූ දා සිට සේවකයින් 3,352කට රෝගය වැළදී තිබුණි.

 

Archive

Latest news

Related news