Saturday, April 20, 2024

කොවිඩ්-19 ට පෙර අප සිටි කාලයට ආපසු යා නොහැක; මේ වනාහී මහා නායකත්ව පරීක්ෂාවකි – මානව හිමිකම් මහ කොමසාරිස්වරිය

(Photo courtesy of www.iths.org)

මෙම වසංගතය විසින් සෑම සමාජයකම ඇති අසමානතාවන්හි හානිකර බලපෑම අපට පෙන්වා දෙයි.

සංවර්ධිත රටවල දී සෞඛ්‍ය සේවාවන් ලබා ගැනීම, කම්කරු අයිතිවාසිකම් සහ සමාජ ආරක්ෂණ සම්බන්ධයෙන් ද ජීවන අවකාශයේ සහ ජීවිතයේ අභිමානයෙහි ද ඇති පැලූම් රේඛා එකවරම කැපී පෙනෙන්නට පටන් ගෙන තිබේ.

ජනගහනයෙන් විශාල කොටසක් දිවි ගලවා ගැනීම සඳහා දෛනික ආදායම මත යැපෙන, සංවර්ධනය වෙමින් පවතින රටවල, බලපෑම ඊට වඩා විශාල විය හැකිය. සෞඛ්‍යාරක්ෂාව ලබා ගැනීම දුෂ්කර, සහ වෙනත් විකල්පයක් නැති නිසා සනීපාරක්ෂාවක් නැති තදබදව ජීවත්වන සහ ආරක්ෂිත දැලක් හෝ පිරිසිදු ජලය හෝ නොමැති මිලියන සංඛ්‍යාත ජනතාවක් බොහෝ දුරට දුක් විඳිනු ඇත. ඔවුන්ට වයිරසයෙන් ආරක්ෂා වීමට ඇති හැකියාවක් ද ආදායමේ තියුණු පහත වැටීමකට ඔරොත්තු දීමේ හැකියාවක් නැති තරම් ය.

මර්දනය කර නොගතහොත් වසංගතය විසින් පැතිරුණූ දුගී භාවය මැද ඊටත් වඩා පුළුල් අසමානතාවයන් ඇති කිරීමට ඉඩ තිබේ.

මෙම වයිරසයෙන් ඇති වන තර්ජනයේ විශ්වීයත්වය විසින් විශ්වීය සහ මහා ජනයාගේ වැය සීමාවෙහි පවතින සෞඛ්‍ය ආරක්ෂණයත් ඇති කර ගැනීම සඳහා මෙතෙක් ඉදිරිපත් වූ වඩාත්ම ප්‍රබල තර්කය සපයයි. විශේෂයෙන් සෑම රටක්ම මහජන සෞඛ්‍ය සේවය වැඩිදියුණු කිරීමේ ක්‍රියාමාර්ග වහාම ගැනීම අවශ්‍ය ය.

කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් සොයා ගැනීමට, හුදකලා කිරීමට සහ ප්‍රතිකාර කිරීමට සියලු රටවල් සූදානම්ව සිටින බව සහතික කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පෙරමුණ ගෙන සිටී. මෙම උත්සාහය සම්පූර්ණයෙන් උපයෝගී කර ගත යුතුය. කවර රටක හෝ සෞඛ්‍ය පද්ධති බිඳවැටීම වළක්වා ගැනීම සඳහා සැලකිය යුතු කලාපීය හා ගෝලීය උත්සාහයක් තිබිය යුතුය.

මෙම වසංගතයේ කම්පන අවම කිරීමට සහ අසමානතාවන් තවදුරටත් වර්ධනය වීම අවම කිරීම සඳහා සෑම රටක පුළුල් ආර්ථික හා සමාජීය පියවර ගත යුතුය. වසංගතයෙන් ගෝලීය හා ජාතික ආර්ථිකයන් කෙරෙහි ඇති වියහැකි පූර්ණ බලපෑම තවමත් දැනී නොමැත. සෑම කලාපයකම විශේෂයෙන් යුරෝපයේ බොහෝ රාජ්‍යයන් කම්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහ රැකියා විරහිත වූවන්ගේ සංඛ්‍යාව අවම කිරීමට පෙර නොවූ විරූ පියවර ගෙන තිබේ. ප්‍රමාණවත් සම්පත් ඇති සියලුම රාජ්‍යයන් ඒ සඳහා උනන්දු කළ යුතුය.

බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවලට වසංගතයේ ආර්ථික හා සමාජීය බලපෑම උරා ගැනීමට සහ අවම කිරීමට ඇති හැකියාව අඩුය. වෙළඳ භාණ්ඩ මිලකරණය සහ විදේශ ආයෝජන පහත වැටීම සහ අඩු ප්‍රේෂණයන් වැනි යනාදියට උපතදෙනු ඇති ගෝලීය අවපාතයට එම රටවල් වඩාත් ගොදුරු විය හැකිය.ඊට පිළියමක් ‍ලෙස ණය සමනය කිරීම, ජා.මූ.. හරහා අරමුදල් ලබා ගැනීම සඳහා පුළුල් ප්‍රවේශයක් ඇති කිරීම සහ ගෝලීය මානුෂීය අරමුදලට දායක වීම ඇතුළු පියවර ගන්නා ලෙස මහලේකම්වරයා ඉල්ලා තිබේ.

[title]සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්[/title]

මෙම අර්බුදය තුළ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්වලට ගරු කිරීම අත්‍යවශ්‍ය බව අවධාරණය කිරීමට ද මට අවශ්‍යය.

බොහෝ ආණ්ඩු දුෂ්කර තීරණයන්ට මුහුණ දී සිටී. මෙම හදිසි මහජන සෞඛ්‍ය අවස්ථාවට ප්‍රතිචාර දැක්වීම සඳහා හදිසි පියවර අවශ්‍ය විය හැකිය. එහෙත් හදිසි තත්වයක් යනු මානව හිමිකම් බැඳීම් නොසලකා හැරීමට ලැබෙන විවෘත අවසරයක් නොවේ.

[title]හදිසි අවශ්‍යතා නීති[/title]

හදිසි අවශ්‍යතා අවශ්‍ය වන අතර එවා අවශ්‍යතාවය සපුරාලීමට සමානුපාතික විය යුතුය. හදිසි ක්‍රියාමාර්ග පිළිබඳව ජනතාව දැනුවත් කළ යුතු අතර ඒවා කොපමණ කාලයක් ක්‍රියාත්මක වේදැයි කිව යුතුය. හදිසි පියවරයන් බලාත්මක කිරීම සාධාරණ හා මානුෂිකව ක්‍රියාත්මක කළ යුතුය. ඕනෑම ඩුවමක් නීතියෙන් නියම කර ඇති වරදට සමානුපාතික විය යුතුය.

සමහර රටවල් අසීමිත හා සමාලෝචනය යටත් නොවන හදිසි බලතල භාවිතා කිරීම ගැන මම දැඩි ලෙස සැලකිලිමත් වෙමි. රටවල් කිහිපයකදී, වසංගතය නිත්‍ය මර්දනකාරී නීති සම්පාදනය කිරී සාධාරණ කිරීම සඳහා භාවිතා කරනු ලබන අතර, එය හදිසි අවස්ථාව අවසන් වීමෙන් බොහෝ කලකට පසුවත් බලාත්මක වනු ඇත.

මාධ්‍ය නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සඳහා සීමාවන් පැනවීමට ගත් පියවර ගැන ද මම සැලකිලිමත් වෙමි. පැමිණිළිවලට ලක්වූ “වැරදි තොරතුරු” මැඩපැවැත්වීම සඳහා නොපැහැදිලි ලෙස සකස් කරන ලද ක්‍රියාමාර්ග ඕනෑම විවේචනයක් මර්දනය කිරීම සඳහා යොදා ගත හැකි. සමහර රටවල මුහුණු ආවරණ හිඟයක් ඇතැයි වාර්තා කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්ට ඩුවම් ලබා දෙනු අපි දැනටමත් දැක ඇත්තෙමු. සෞඛ්‍ය සේවකයින් තමන්ට ආරක්ෂාවක් නොමැති බව පැවසීම නිසා තරවටුවලට ලක්ව තිබේ. වසංගතය පිළිබඳ සමාජ මාධ්‍ය පළ කිරීම නිසා සාමාන්‍ය ජනතාව අත්අඩංගුවට ගනු ලැබේ. විවේචනය අපරාධයක් නොවේ.

[alert type=”success or warning or info or danger”]නිවැරදි තොරතුරු හා සංඛ්‍යාලේඛන සඳහා ප්‍රවේශයවීම විශාල ලෙස වැඩි කරන ලෙස මම සියලු ආණ්ඩුවලින් ඉල්ලා සිටිමි. විනිවිදභාවය ඉතා වැදගත් වන අතර එය සෞඛ්‍ය අර්බුදයකදී ජීවිතාරක්ෂාව පිළිබඳ කරැණක් විය හැකිය. සැම අන්තර් ජාල තහනමක් සහ අන්තර් ජාල පහසුකම් අවහිර කිරීමක්ම නතර කරන ලෙස මම ඉල්ලා සිටිමි.[/alert]

මිලිටරි හමුදාවන්හි සාමාජිකයින් නීතිය බලාත්මක කිරීමේ කාර්යයන් සිදු කරන විට, ඔවුන් සිවිල් බලධාරීන්ට වග කිව යුතු අතර, ඔවුන් ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට යටත් වනු ඇත.

කොවිඩ්-19 සමඟ සටන් කිරීම සඳහා සෞඛ්‍ය හා සමාජීය පියවරයන් මහජනතාවගේ පූර්ණ සහභාගීත්වයෙන් ක්‍රියාත්මක කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය තරයේ අවවාද කරයි. මන්දයත් මානව අයිතිවාසිකම්වලට ගරු කිරීම කථා කිරීමේ අයිතිය සහ තීරණ ගැනීමට අර්ථවත් ලෙස සහභාගී වීම ඇතුළුව සාර්ථක මහජන සෞඛ්‍ය පිළිවෙත් ඇති කර ගැනීම උදෙසා අත්‍යවශ්‍යයෙන්ම මහජනතාව සතුවිය යුතු අධාරකයක් වන නිසා ය. වසංගතයකට එරෙහිව සටන් කිරීමට ඇති එකම ලදායී ක්‍රමය වන්නේ මහජන විශ්වාසයයි.

[title]කුමක් කරමු ද?[/title]

ක්‍රියාකාරී අංශ දෙකක් මම දකිමි: වසංගතයට ක්ෂණික ප්‍රතිචාර දැක්වීම සහ ප්‍රකෟති තත්වයට පත්වීමට සූදානම් වීම.

මෙකී ප්‍රතිචාරයන් සම්බන්ධයෙන්, වහාම ගතයුතු අදාළ ක්‍රියාකාරී පියවරයන් කිහිපයක් ඔබ සමඟ බෙදා ගැනීමට මට අවශ්‍ය . ඒවා ලදායී හා මානුෂීය ප්‍රතිපත්ති සම්පාදනය කිරීමට පිටුවහළක් වනු ඇත.

සියලුම ජාතික ප්‍රයත්නයන් මගින් වසංගතය විසින් කාන්තාවන්ට සහ අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වලට ඇති කරන බලපෑම අවම කිරීමට උත්සාහ කළ යුතුය.

Miniature people standing on piles of coins. Income and economic inequality concept

වැටුප් සහිත සෞඛ්‍ය නිවාඩු නැතිව, සෞඛ්‍ය රක්ෂණයක් හෝ සමාජ ආරක්ෂණයක් නොමැතිව, අඩු වැටුප් හා අවිධිමත් අංශවල පිරිමින්ට වඩා කාන්තාවන් සේවය කිරිමට ඇති ඉඩ ඉතා වැඩිය. කිසිදු ආකාරයක විශ්‍රාම වැටුපක් නොමැතිව ජීවත්වන පුරුෂයින්ට වඩා වැඩිහිටි කාන්තාවන් ද වැඩි ය.

සිරගත කිරීමි මගින් ද බොහෝ කාන්තාවන්ට රෝගීන් සහ වැඩිහිටියන් සහ පාසැල් යාම නතර කර ඇති ළමුන් බලා ගැනීම වැනි අමතර බරක් ද පැටවේ. ප්‍රංශයේ සහ ස්පායේ මෑත සංඛ්‍යා ලේඛන පෙන්වා දී ඇති පරිදි කාන්තාවන් සහ ගැහැණු ළමයින් ද ගෘහස්ථ හිංසනයට ලක්වීමේ වැඩි අවදානමකට මුහුණ දී සිටිති. දුරස්ථ පාසල් අධ්‍යාපනයට සහභාගිවීම සඳහා ගෝලීය වශයෙන් ගැහැනු ළමයින්ට පිරිමි ළමයින්ට වඩා අන්තර්ජාල හා ජංගම දුරකථන සඳහා ප්‍රවේශයවීම ඇති ඉඩකඩ අඩුය. මෙම බලපෑම් ක්ෂණිකව නොපෙනිය හැකි නමුත්, නමුත් එමගින් කාන්තාවන් සමානාත්මතාවය ළඟාකර ගැනීම තවත් පමා කළ හැකිය.

ඉහළ අවදානමකට මුහුණ දෙන සහ සහ රෝගය වැළදීමේ අනතුර වැඩි කණ්ඩායම් කිහිපයකට මේ අවස්ථාවේ දී වැඩි අවධානයක් යොමු කොට අනතුරු අවම කිරීමේ පියවර ගැනීම අවශ්‍ය. එනම් රැඳවුම් ස්ථානවල සහ වෙනත් ආයතන මනෝ චිකිත්සක ආයතන සහ අනාථ නිවාස යනාදියෙහි සිටින පිරිස්; ආබාධ සහිත පුද්ගලයින්; ආදිවාසීන් සහ සුළුතර ජාතීන්; සංක්‍රමණිකයන්, සරණාගතයින් සහ අභ්‍යන්තරව අවතැන් වූවන්; ගැටුම් කලාපවල ජනතාව; සහ විශේෂයෙන්, වැඩිහිටි පුද්ගලයින්, විශේෂයෙන් තනිවම හෝ ආයතනගතව ජීවත් වන අය.

[title]දුප්පතුන්ට විශම  බලපෑම[/title]

මෙම වසංගතයේ ආර්ථික හා සමාජ කම්පන අවශෝෂණය කර ගැනීමටත්, අසමානතාවයන් පුළුල් වීම අවම කිරීමටත් සෑම රටකම පුළුල් පියවර ගත යුතුය.

සෑම තැනකම වසංගතය දුප්පතුන්ට විශම ලෙස බලපානු ඇත. නිදසුනක් වශයෙන්, ස්පායේ කැටලන් කලාපීය බලධාරීන්ගේ තොරතුරු වලින් පෙන්නුම් කරන්නේ දුප්පත් අසල්වැසි ප්‍රදේශයන්හි පදිංචිකරුවන් වෛරසය වැළඳීමේ අවදානම ධනවත් ප්‍රදේශවල මිනිසුන්ට වඩා හය හත් ගුණයක් විය හැකි බවයි.

සමාජයේ දුප්පත්ම සාමාජිකයින්ට ආදායම් සුරක්‍ෂිතතාවය, ජීවනෝපායන් ආරක්ෂා කිරීම සහ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සඳහා ප්‍රවේශය සහතික කිරීම සඳහා රජයේ ක්‍රියාමාර්ගය අතිශයින්ම අවත්‍යවශය. රැකියා අහිමිවීමේ ප්‍රතිලයක් ලෙස ජනයාට නිවාස අහිමි වීම වැළැක්වීම අත්‍යවශ්‍ය වේ. පවුල්වලට කුලී හෝ ණය ගෙවීම් ප්‍රමාද කළ හැකි බවට සහතික කිරීමේ ක්‍රියාමාර්ග සහ කුලී ගෙවල් වලින් නෙරපා හැරීම් නතර කිරීම සඳහා මුදල් ප්‍රදාන ලබා දිය යුතුය. නිවාස නොමැති අයට සහ ප්‍රමාණවත් නිවාස නොමැති අයට, කෙටිකාලීන කුලී සහ හදිසි නවාතැන් භාවිතා කිරීම සඳහා අවස්ථා ලබා දීමද ඊට ඇතුළත් විය හැකිය.

මගේ කාර්යාලය දැනටමත් සෑම කලාපයකම රටවල් විසින් අනුගමනය කරනු ලබන හොඳ ආර්ථික හා සමාජ භාවිතයන් එක්රැස් කරමින් සිටී. ඒවායින් බොහොමයක් සංවර්ධනය වෙමින් පවතින රටවල් . අපි එම යහපත භාවිතයන් ඔබේ අවධානයට යොමු කරන්නෙමු. එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ වැඩ සටහන් වල සියලු කටයුතු සඳහා මානව හිමිකම් ඒකාබද්ධ කිරීමට ද අපි කටයුතු කරන්නෙමු.

[alert type=”success or warning or info or danger”]සෞඛ්‍ය සේවකයින්ගේ ආරක්ෂාව සහතික කිරීමත් සහ ඔවුන්ට ප්‍රමාණවත් වේතනයක් ලබා දීමත් ඉතා වැදගත් වේ. සැලකිල්ලට ගත යුතු කරුණක් නම්, ලෝකයේ සෞඛ්‍ය සේවක සේවිකාවන්ගෙන්  70% ක්ම කාන්තාවන් වන අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් මා සඳහන් කළ අමතර ගැටළුවලට ද මුහුණ දී සිටිය හැකි බවයි.[/alert]

පැවැත්මේ තර්ජනයක අප සැමට මුහුණ දෙන විට, සංක්‍රමණිකයන් සහ සුළුතර ප්‍රජාවන් එල්ල කැරෙන ජාතිකවාදයට හෝ පලිගැනීමට අවස්ථාක් තිබිය නොහැක. නැගෙනහිර ආසියානු සම්භවයක් ඇති පුද්ගලයින්ට සහ අනෙකුත් සුළුතර ජාතීන්ගේ සාමාජිකයින්ට එරෙහිව වර්ධනය වන හා හෙළා දැකිය යුතු, භෞතික හා වාචික ප්‍රහාර එල්ල වී තිබේ. ඊට එරෙහිව සටන් කිරීමට පියවර ගත යුතුය. ඇත්ත වශයෙන්ම, අතැම් අවස්ථාවලදී අපගේ දූත මණ්ඩළයන්හි සිටින බටහිරයන් ද අපයෝජනය සඳහා ඉලක්ක කර ඇත.

මෙම වසංගතයේ සෑම අදියරකදීම ප්‍රකෘතිමත් වීම ඇතුළුව ජාතික මානව හිමිකම් ආයතන , සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ ක්‍රියාකාරිනියන්ද මානව හිමිකම් ආරක්ෂා කරන්නන් සහ කරන්නියයන්ද සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ යුතුය.

එක් රටක වෛද්‍ය ප්‍රයත්නයන්ට ඇති කවර හෝ බාධාවක් අප සැමට ඇති අවදානම වැඩි කරයි.

[title]පරිසරය ආරක්ෂා කිරීම[/title]

වසංගත රෝග ඇතුළුව මානව සෞඛ්‍යය හා යහපැවැත්ම ආරක්ෂා කිරීමට හොඳම ක්‍රමය පරිසරය ආරක්ෂා කිරීම සහ ජෛව විවිධත්වය සහතික කිරීම බව ද පැහැදිලි විය යුතුය. පාරිසරික ඛාදනය හා ජෛව විවිධත්වය නැතිවීම සතුන්ගෙන් මිනිසාගේ වෛරස බෝවීම සඳහා කොන්දේසි නිර්මානය කරන අතර එමඟින් නැවත නැවතත් මහා වසංගත ඇති වී තිබේ. කොවිඩ්-19 පමණක් නොව – සාර්ස් (SARS),‍‍‍ (මෙර්ස්)MERS සහ ඉබෝලා (Ebola) සතුන්ගෙන් බෝවීමේ ප්‍රතිලයක් බව ඔබට මතක ඇත. එබැවින් අපි පරිසරයට ගරු කරන බව සහතික කළ යුතුය.

කොවිඩ්-19 ට පෙර එනම් මාස කිහිපයකට පෙර අප සිටි තැනට ආපසු යා නොහැක.

මේ වනාහී නායකත්වය මුහුණ දෙන දැවැන්ත පරීක්ෂණයකි. එය සියල්ලන්ගෙන් සහ සියල්ලන්ටම තීරණාත්මක, සම්බන්ධීකරණ හා නව්‍ය ක්‍රියාමාර්ග ඉල්ලා සිටී. අපි අද ශාරීරිකව දුරස්ව සිටියත් අපි එකට සිටිය යුතුයි.

(COVID-19 වසංගතය – මානව හිමිකම් කවුන්සිලයයේ නොනිල අවිධිමත්  රැස්වීම අමතා 2020 අප්‍රියෙල් 9 වන දින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැචලේ විසින් කරන ලද  ප්‍රකායේ(සිංහල පරිවර්ථනය ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙතිනි)

Archive

Latest news

Related news