Sunday, May 19, 2024

සිවිල් සමාජයෙන් පොලිස්පතිට: “වසංගතයට අදාළ අදහස් දැක්වීම් වළකන නියෝගය ඉවත් කරගෙන වෛර ප්‍රකාශණයන්ට වැට බදින්න.”

වැඩබලන පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා වෙග ලිපියක් යවන සිවිල් සමාජ එකතුවක් ඔහු විසින් අප්‍රේල් 01 දා නිකුත් කරන ලද වසංගතය ගැන අදහස් දැක්වීම් වළකන  නියෝගය අවලංගු කරන ලෙසත්, රාජ්‍ය නිලධාරීන්ට තර්ජනය කිරීම වැනි වරදක් වන ඕනෑම ක්‍රියාමාර්ගයක් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා පවත්නා නීතිමය විධිවිධාන භාවිතා කරන ලෙසත් ඉල්ලා සිටී. තවද විශේෂයෙන්, ඇතැම් ආගමික හා ජනවාර්ගික ප්‍රජාවන්ට එරෙහිව වෙනස් කොට සැලකීම, සතුරුකම හෝ ප්‍රචණ්ඩත්වය පොළඹවන, වෛරය අවුලුවා සහ කොවිඩ් 19 පැතිරීම වැඩි න්නේයැයි ඔවුන්ට දොස් පැවරීම මගින් ඔවුන් තර්ජන, බිය ගැන්වීම් සහ ප්‍රචණ්ඩත්වයට ඉලක්ක කරවන අයට එරෙහිව  උපරිම නීතිමය පියවර ගන්නා ලෙසත් එම ලිපිය ඉල්ලා සිටී.

ලිපිය පහත පළවේ:

සී. වික්‍රමරත්න. වැඩබලන පොලිස්පති. පොලිස් මූලස්ථානය. කොළඹ 1.

පිටපත්: කමල් ගුණරත්න, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්. සභාපති, ජාතික පොලිස් කොමිසමසභාපති, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව.

[title]පොලිස් මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද දැන්වීම සම්බන්ධයෙනි.[/title]

වැඩබලන පොලිස්පති ගේ උපදෙස් මත 2020 අප්‍රේල් 1 වන දින ශ්‍රී ලංකා පොලිසියේ මාධ්‍ය අංශය විසින් අසත්‍ය සහද්වේශ සහගත පණිවිඩ, ප්‍රවෘත්ති හෝ තොරතුරු පතුරුවන හෝ බෙදා ගන්නා අය සම්බන්ධයෙන් තදබල නීතිමය පියවර ගන්නා බවට සියලුම මාධ්‍ය සංවිධාන වෙත නිවේදනයක් නිකුත් කරන ලදී.

විවේචනය කරන’, ‘සුළු අඩුපාඩු / අසාර්ථකත්වයන්’ මතු කරන හෝ රාජ්‍ය නිලධාරීන්ට තම රාජකාරි ඉටු කරන අයට‘බැන වදින /සැරදමන අයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට ප්‍රකාශ කරන නිවේදනය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට, විශේෂයෙන් විසම්මුතිය ප්‍රකාශ කිරීම අහිතකර ලෙස බලපායි. ව්‍යවස්ථානුකූලව සහතික කර ඇති මෙම නිදහස, රාජ්‍යය එහි ක්‍රියාවන්ට වගකිව යුතු බව සහතික කිරීමට ඇති ප්‍රධාන ක්‍රමය වන අතර, රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියා හෝ අකාර්යක්ෂමතාව ප්‍රශ්න කිරීම සෑම පුරවැසියෙකුගේම ප්‍රජා යුතුකම වේ. නිරෝගිමත් සහ ක්‍රියාකාරී ප්‍රජාතන්ත්‍රවාදයක් සහතික කිරීම සඳහා එය මූලික වේ. එබැවින් ඉහත ඒවා රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරි ඉටුකිරීමට බාධාවක් ලෙස අර්ථ දැක්වීම වරදකි.

ව්‍යාජ හෝ ද්වේෂ සහගත තොරතුරු සංසරණය වීම වැළැක්වීමේ අවශ්‍යතාවය සහ රාජ්‍ය නිලධාරීන්ට ඔවුන්ගේ රාජකාරි ඉටුකිරීමට බාධා කරන හෝ තර්ජනය කරන අයට එරෙහිව පියවර ගැනීමේ අවශ්‍යතාව අපි තේරුම් ගනිමු. කෙසේ වෙතත්, මෙම නිවේදනය මගින් රාජ්‍ය නිලධාරීන්ගේ විවේචන සලකනු ලබන්නේ ඔවුන්ගේ රාජකාරිවලට බාධා කිරීමක් සහ දුශ්තොරතුරු ප්‍රචාරය කිරීමක් ලෙස. මෙම නිවේදනයයුතු ලෙස රාජ්‍ය බලය පාවිච්චි කිරීමකට සමාන වන අතර, රජය සහ එහි නියෝජිතයින්ගේ වගකිය යුතු ඉල්ලා සිටින සිවිල් යුතුකමට බාධා කරයි. මෙළෙස නිදහස කප්පාදු කිරීමත් බලය අයුතු ලෙස භාවිතා කිරීමත් යුක්ති සහගත කළ නොහැකි අතර වසංගතය මැඩපැවැත්වීමෙහිලා කිසිදු කාර්යභාරයක් ඉටු නොකරයි.

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීම සඳහා විනිවිදභාවය සහ කාලෝචිත හා පහසුවෙන් ප්‍රවේශ විය හැකි තොරතුරු මහජනතාවට ලබා දීම රජය කෙරෙහි මහජන විශ්වාසය ඇති කිරීම සඳහා අවශ්‍ය වේ. ඩුවම් සහ මර්දනකාරී ක්‍රියාමාර්ග මගින් විවේචන සඳහා අවකාශය හැකිලී යන අතර මහජනයා සැබෑ ගැටළු මතු කිරීමෙන් සහ රාජ්‍ය නිලධාරීන් නිසි පරිදි කටයුතු කරන බවට වගබලා ගැනීම වලක්වනු ඇත. එමගින් ඇතිවනු ඇත්තේ සහමුලින්ම ප්‍රතිවිරුද්ධ විපාකයකි. එය ඒ වෙනුවට බිය, භීතිය සහ මහජන කාංසාව ඇති කරයි. එය අකටයුතුකම් සහ දේශපාලනික අරමුනින් රාජ්‍ය බලය සහ අධිකාරය අයුතු ලෙස භාවිතා කිරීම සඳහා අවස්ථාව නිර්මාණය කරයි.

එපමණක් නොව, රාජ්‍යය ‘විවේචනය කරන’ අය අත්අඩංගුවට ගැනීමට අවසර දෙන නීතියේ විධිවිධාන නොමැත. එබැවින්, එවැනි පුද්ගලයින්ට එරෙහිව දැඩි ලෙස නීතිය භාවිතා කරන ලෙසත් ඔවුන් අත්අඩංගුවට ගෙන උසාවියට දිරිපත් කිරීමටත් සහ තවදුරටත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමත්, රහස් පොලීසියේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ සියලුම ස්ථානාධිපතිවරුන්ට ඔබ දුන් උපදෙස්වලින් අපි වික්ෂිප්තව සිටිමු. මන්ද යත් මෙය නීතියට පිටින් අත්අඩංඟවට ගැනීමක් සහ රඳවා තබා ගැනීමක් වන නිසා ය.

එම නියෝගය අවලංගු කරන ලෙසත්, රාජ්‍ය නිලධාරීන්ට තර්ජනය කිරීම වැනි වරදක් වන ඕනෑම ක්‍රියාමාර්ගයක් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා පවත්නා නීතිමය විධිවිධාන භාවිතා කරන ලෙසත් අපි ඔබෙන් ඉල්ලා සිටිමු. විශේෂයෙන්, ඇතැම් ආගමික හා ජනවාර්ගික ප්‍රජාවන්ට එරෙහිව වෙනස් කොට සැලකීම, සතුරුකම හෝ ප්‍රචණ්ඩත්වය පොළඹවන, වෛරය අවුලුවා සහ කොවිඩ් 19 පැතිරීම වැඩි න්නේයැයි ඔවුන්ට දොස් පැවරීම මගින් ඔවුන් තර්ජන, බිය ගැන්වීම් සහ ප්‍රචණ්ඩත්වයට ඉලක්ක කරවන අයට එරෙහිව  උපරිම නීතිමය පියවර ගන්නා ලෙසත් අපි ඔබෙන් ඉල්ලා සිටිමු.

(සිංහල පරිවර්ථනය ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙතිනි)

Offcial Sinhala translation is here as a PDF:CS letter to Actg IGP re notice issued by Police Media Division – 07April2020 (Sinhalese)

අත්සන් කළේ

Angelica Chandrasekeran.

Anushaya Collure.

Shalomi Daniel

Marisa De Silva

Sr. Nichola Emmanuel

Rev. Fr. Reid Shelton Fernando

Ruki Fernando

Rev. Fr. Terence Fernando

Anne-Marie Fonseka

Bhavani Fonseka, Centre for Policy Alternatives

Mike Gabriel

Mario Gomez

Shymala Gomez

Gehan Goonetileke

B. Gowthaman

Dr. Annahl Anbini Hoole

Prof. Dushyanthi Hoole

Elilini Hoole

Dr. Rajan Hoole

Prof. S. Ratnjeevan H. Hoole

Yovahn Y.R. Hoole

Ruwan Laknath Jayakody

Dr. Sepali Kottegoda, Women and Media Collective

Rev. Fr. Nandana Manatunga

Mahesh de Mel

Rev. Saman Perera

Muthulingam Periyasamy

Prabodha Rathnayaka AAL

Yamini Ravindran

Thyagi Ruwanpathirana

Dr. Athulasiri Kumara Samarakoon

Kumudini Samuel, Women and Media Collective

Dr. Paikiasothy Saravanamuttu, Centre for Policy Alternatives

Shreen Saroor

Ambika Satkunanathan

Rev. Fr. Rohan Silva, CSR

Ermiza Tegal

Sushmitha Thayanandan

Sirany Thevakumar, Rights activist

Sandun Thudugala, Activist

Deanne Uyangoda

Senel Wanniarachchi

Thiyagaraja Waradas

Dimantha Weliange

Subha Wijesiriwardene

Deshamanya Godfrey Yogarajah

Organizations

Adayaalam Centre for Policy Research

Centre for Policy Alternatives

Human Rights Office, Kandy

INFORM Human Rights Documentation Centre

International Centre for Ethnic Studies

Right to Life Human Rights Centre

Rights Now – Collective for Democracy

Women’s Action Network

Women and Media Collective

 

Archive

Latest news

Related news