පසුගිය සෙනසුරාදා දිනයේ දි අයිලන්ඩ් පුවත්පත “ඇමරිකාවේ අනතුරුදායක තත්වයෙන් ඉගෙන ගන්න” යනුවෙන් කතුවැකියක් පල කලේය.
එහි පලමු ඡේදය මෙසේය: “එක්සත් ජනපදය අභ්‍යවකාශ ගවේෂනය, මාරාන්තික ආයුධ නිෂ්පාදනය සහ එහි බලපෑමට යටත් නොවන රටවල පාලන තන්ත්‍ර වෙනස් කිරීමේ ව්‍යාපෘති සඳහා ඩොලර් ට්‍රිලියන ගනනක් වියදම් කරයි. එයට බිලියන 700 පමන ලෝකයේ විශාලතම මිලිටරි අයවැය හිමි ය. එහෙත් එයට තම ජනතාවටප්‍රමානවත් සෞඛ්‍ය පහසුකම් සැපයිය නොහැක.”
(Image courtesy of www.vox.com)
වසංගත අර්බුදය මගින් එක්සත් ජනපදයේ මෙම නොහැකියාව වඩාත් ඉස්මත්තට ගෙනැවිත් පවතී. මාර්තු 27 වනදා වනවිට ඇමරිකාවේ කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් ගනන අනෙකුත් රටවල් ඉක්මවා ගියේය. ඊයේ දිනය වනවිට එහි කොරෝනා මරන සංඛ්‍යාව හාරදහසකට ආසන්න විය. වසංගතය මෙම වේගයෙන් පැතිරුනහොත් මිලියන දෙකක ඇමරිකානු වැසියන් මියයනු ඇතැයි විද්‍යාඥයෝ පවසති.
ලොව වඩාත්ම ධනවත්ම රට සහ තාක්ෂනයෙන් දියුනුම යැයි සැලකෙන ඇමරිකා එක්සත් ජනපදයේ මෙම පරස්පර විරෝධී තත්වය වැදගත් ඇඟවුම් දරන අතර එය ලෝකය පුරාම මහජනතාවගේ අවධානයට ලක්ව ඇත. දි අයිලන්ඩ් කතුවැකිය ද, ඇමරිකාවෙහි පාඩම් පිලිබඳව අවධානය යොමු කරන්නේ එබැවිනි.
කෙසේ නමුත්, එම පාඩම් ගැන කතා කිරීමේදී දි අයිලන්ඩ් කතුවැකිය දෘශ්‍යමානයෙන් ඔබ්බට ගමන් නොකරමින් මතුපිට තලය පහුරු ගායි. කතුවැකියට අනුව ඇමරිකාව තුල ඇතිව තිබෙන අර්බුදය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් “මිනිස් ජීවිත ආරක්ෂා කරගැනීමට වෛද්‍ය නිර්දේශ” නොතැකීම නිසා සිදුවූවකි.
නිසැකවම ට්‍රම්ප් ඇතුලු ධනපති පාලක පන්තියේ සාපරාධී නොතැකීම ව්‍යසනය වඩාත් ගැඹුරු කිරීමට තුඩුදුනි. නමුත් වසංගතයෙන් ඇමරිකාව තුල සහ ලොවපුරා ජනිත කෙරී ඇති ගැඹුරු අර්බුදය ධනපති පාලකයන් දශක ගනනාවක් පුරා ගෙනගිය ප්‍රතිගාමී පිලිවෙත්වල නිර්මිතයකි. ධනපති ලාභ අවශ්‍යතා වෙනුවෙන් මහජන සෞඛ්‍යය ඇතුලු සමාජ සුබසාධන අනවරතව කප්පාදු කිරීම ඔවුනගේ පිලිවෙත විය.
කතුවැකියෙන් ඇඟවෙන ආකාරයට මෙය අහසින් කඩා පාත් වූ අර්බුදයක් නොවේ. ලෝක සෞඛ්‍ය සංවිධානය 2018 සිට ගෝලීයව පැතිරිය හැකි වසංගතයක් සම්බන්ධයෙන් අවධානය යොමු කලේය. ඇමරිකාවේමත් වසංගත විද්‍යාඥයෝ 2005 තරම් ඈත සිටම මේ ආකාරයෙන් පැතිරිය හැකි මාරාන්තික වසංගතයක් සම්බන්ධයෙන් අනතුරු ඇඟවූහ.
මෙවන් වසංගතයකට මුහුනදියහැකි අයුරින් රෝහල්වල ධාරිතාවන් සහ මහජන සෞඛ්‍ය සේවාවන් දැවැන්ත පරිමානව ඉහල දැමීම අත්‍යවශ්‍ය බව එම විද්‍යාඥයන් පෙන්වාදුන් නමුදු ඒ සියලු අනතුරු ඇඟවීම් සහ නිර්දේශයන් පාලක පන්තීහු නොතකා සිටියහ. ඊට විපරීත අයුරින් මහජන සෞඛ්‍ය සේවාවන් දැවැන්ත ලෙස කප්පාදු කරමින් ඒවා විනාශභාග් කලහ.
එසේ කලේ හුදෙක් ඒ හෝ මේ පාලකයාගේ දුර්දාන්තභාවය නිසා නොව පවත්නා සමාජ පර්යාය පදනම් වී ඇත්තේ බහුතරයක් වූ කම්කරු පීඩිත මහජනතාවගේ අවශ්‍යතා සන්තර්පනය කිරීම මත නොව සුලුතරයක් වූ ධනපතීන්ගේ ලාභ අවශ්‍යතා සැපිරීම මත බැවිනි. වසංගතයෙන් සමස්ත ඇමරිකාව බැට කද්දී කම්කරුවන් තම ජීවිත නොතකා හැකි ඉක්මනින් වැඩට යායුතුයැයි ට්‍රම්ප් යලියලිත් කියා සිටීම මෙම ලාභ අවශ්‍යතාවයේ නරුමම ප්‍රකාශනයකි.
පසුගිය දශක කීපය තුල වේගයෙන් වැඩුනු, සැබෑ නිශ්පාදනයෙන් වියෝවූ මූල්‍යකරන ක්‍රියාවලිය තුල සමස්ත සමාජ ධනය, පතුලේ සිට ඉහලට, එනම් මහා ධනවතුත් වෙත යලි හරවා යවනු ලැබිනි. සමාජ අසමානතාව, විරැකියාව සහ දරිද්‍රතාව දැවැන්ත පරිමානව ඉහල යාමත් මහජන අධ්‍යාපනයේ සහ සෞඛ්‍යයේ ඉමහත් ඛාදනයත් එහි ප්‍රතිඵලය විය.
මෙය හුදෙක් ඇමරිකාවට සීමා වූ ප්‍රපංචයක් නොව ධනවාදයේ අර්බුදයට ලොවපුරා ධනපති පන්තියේ ප්‍රතිචාරය විය. එය බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති මාගට් ත්‍රැචර් ගේ වචන වලින් ප්‍රකාශ වූයේ “සමාජය කියා දෙයක් නැත” යනුවෙනි.
මෙවන් වසංගතයකට මුහන දීමට ලංකාවේ රෝහල් පද්ධතියට ඇති නොහැකියාව ගැන සඳහන් කරන කතුවැකිය “සීඝ්‍රයෙන් බෝවන රෝගයක් පුපුරා යාමකදී එයට දැඩි සත්කාර ඒකකයන්හි ඇඳන් සංඛ්‍යාව මෙන් දස ගුනයක්වත් ප්‍රමානවත් නොවේ” යැයි පවසයි. එම නිසා “ලාංකිකයන් වෛද්‍ය උපදෙස් පිලිපැදීම සහ ප්‍රජා සම්ප්‍රේශනය වැලැක්වීම” සිදු නොකලහොත් “වෛද්‍යවරුන්ට ජීවත් වන්නේ කවුද මියයන්නේ කවුද” යන්න තීරනය කිරීමට සිදුවන බව පවසයි.
“ඇමරිකාවේ ඛේදවාචකයේ පාඩම් ලංකාව ඉගෙන ගනී” යැයි අපේක්ෂා කරන කතුවැකිය අවසානයේ, සෞඛ්‍ය බලධාරීන් ඇමරිකාවේ පාඩම් ගෙන එමින් “අහිතකර ඵලවිපාක පිලිබඳ නොහිතා ක්‍රියා කිරීමේ අන්තරාය මහජනයාට කියා දිය යුතු”බව සඳහන් කරයි. ඒ අනුව ඇමරිකානු අත්දැකීමේ පාඩම වනුයේ හුදෙක් මහජනතාවගේ නොදැනුවත් භාවය ඉහල දැමියයුතු බවයි.
මෙය ගෝලීය ධනපති පන්තියේ හඬ යි. සැබැවින්ම ඉතිහාසය ධනපති පන්ති ආස්ථානයකින් කතා කලහොත් වත්මන් ව්‍යසනය පිලිබඳව මෙසේ කියනු ඇත:
“මෙවන් වසංගතයක් පැමිනෙන බව අපි දැන සිටියෙමු. දැනදැනම අපි එය නොතකා හලේ ඒ සඳහා අවශ්‍ය සූදානමට අපේ ලාභ අවශ්‍යතාවන් යටකල නොහැකි බැවිනි. වසංගතය පාලනය කිරීමට ඇති ප්‍රශස්තම ක්‍රමය මහා පරිමාන වෛද්‍ය පරීක්ෂාව බව විද්‍යාඥයෝ පවසති. එම පරීක්ෂාවන් සහ අනෙකුත් අත්‍යවශ්‍ය පහසුකම් සඳහා අවශ්‍ය බිලියන සංඛ්‍යාත වියදම් අර්බුදයට පත් අපේ ආන්ඩු වලට දැරිය නොහැක. සියවස් කීපයක් පුරා අතිරික්ත වටිනාකම් මංකොල්ල කෑමෙන් සමුච්චය කරගත් අතිමහත් ධනයක් අප සතුව ඇතත් ඉන් අංශු මාත්‍රයක් හෝ ඒ වෙනුවෙන් කැපකල නොහැක. කම්කරුවනි නුඹලාම මෙම වසංගතය පාලනය කර ගනිවු. නැතහොත් මියයවු.”
දි අයිලන්ඩ් කතුවරයාගේ ධනේශ්වර ජාතිකවාදී දෘෂ්ටි ආස්ථානය නිසාම ඔහුට ඇමරිකානු පරස්පරයෙන් උකහාගත හැකි තවත් වැදගත් පාඩමක් නොපෙනී යයි. නැතහොත් හිතාමතාම වසන් කරයි. දේශ සීමා, වීසා හෝ සංක්‍රමන සීමාවන් නොමැති මෙම වසංගතයෙහි ඇති ගෝලීය ස්වභාවය නිසාම එය ඉල්ලා සිටින්නේ ජාත්‍යන්තර විසඳුමක් බව ඒ වැදගත් පාඩමයි.
ඇමරිකාවේත් ලංකාවේත් අනෙක් රටවලත් කොරෝනා වෛරසය මෙතරම් දරුනු තත්වයක් ඇතිවීම එකිනෙකින් ස්වාධීනව සිදුවූ දෑ නොවේ. මේ සියල්ලේම මූලය ගෝලීය ධනපති ක්‍රමයේ පද්ධතිගත අර්බුදයයි.
WSWS.