Tuesday, May 7, 2024

වෘත්තීය සමිති 20ක ප්‍රකාශනය:අත්‍යාවශ්‍ය සේවා සපයන සේවකයින්ට මුඛ ආවරණ, අත්වැසුම් සහ විෂබීජ නාශක වහාම සපයන්න!

COVID 19 වෛරසය ව්‍යාප්තිය වළක්වා ගැනීම සඳහා රජය විසින් දින තුනක විශේෂ නිරෝධායන කාලයක් ප්‍රකාශයට පත්කර ඇත. තව දුරටද රටතුලට COVID 19 වෛරස ආසාධිතයින් පැමිණිම සම්පුර්ණයෙන්ම වැළැක්වීම සඳහා ගුවන්තොටුපොළ ද වසා දමා තිබේ. මෙවන් ජාතික නිරෝධායන වැඩපිළිවෙළක් ක්‍රියාත්මකවීමේදි රටෙහි සාමාන්‍ය ජන ජීවිතය පවත්වා ගැනීම සඳහා රාජය අංශයේ සේවා රැසක ක්‍රියාකාරිත්වය අත්‍යාවශ්‍යව පවතී. ඒ අනුව මෙසේ අත්‍යාවශ්‍ය සේවා සපයන රාජ්‍ය නිළධාරින්ගේ සෞඛය ආරක්ෂාව පිළිබඳව දැඩිලෙස අවධානය යොමු කළ යුතුව ඇත. එම සේවකයින්ට අවශ්‍ය මුඛ ආවරණ, අත්වැසුම් සහ විෂබීජ නාශක මේ වන විටත් ප්‍රාදේශීය වශයෙන් උග්‍ර හිඟයක් පවතින බව දක්නට ලැබේ. එබැවින් අත්‍යාවශ්‍ය සේවා සපයන සේවකයින්ගේ සනීපාරක්ෂාව උදෙසා රජය විසින් මුඛ ආවරණ, අත්වැසුම් සහ විෂබීජ නාශක වහාම සැපයිය යුතුව තිබේ.

මෙම අත්‍යාවශ්‍ය සේවා සපයන ආයතනයන්හි සේවා සැපයීම සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩල පමණක් සේවා ස්ථානයන්ට කැඳවා අනෙකුත් සේවකයින් අවශ්‍ය  වූ විට පමණක් කැඳවීමේ (online) පදනම යටතේ පවත්වා ගැනිම කළ යුතු වේ. තවද මෙසේ කැඳවන කාර්ය මණ්ඩල සිටින ගර්භණි කාන්තාවන් සහ ඌණ ප්‍රතිශක්තිකරණ හෙබි සේවකයින් වෙතොත් ඔවුන් නොකැඳවිය යුතුය. අත්‍යාවශ්‍ය සේවා සඳහා ජනතාව සමග මුහුණට මුහුණ ගැටෙන සේවක මණ්ඩල සඳහා විධිමත් පරතරයක් සහිත නිර්මාණිය සැකසුමක් සළසා දිය යුතුය. එසේම මහජනතාව අත්‍යාවශය සේවා ලබාගැනීම සඳහා පමණක් අදාල ආයතනවලට යොමුවන ලෙසත්  අත්‍යාවශ්‍ය නොවන කටයුතු සඳහා පැමිණීමෙන් වළකින ලෙස රජය මාධ්‍්‍ය ඔස්සේ ජනතාව දැනුවත් කළ යුතුය.

මෙවන් ජාතික අපදා තත්වයකදි විශේෂ පුහුණුව ලත් රාජ්‍ය නියාමන අධිකාරිය වන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය යටතේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීම කළ යුතුය. එම මධ්‍යස්ථානය යටතේ සියළුම රාජ්‍ය සේවාවන් පෙළ ගස්වා විධිමත්ව COVID 19 වෛරසය ව්‍යාප්තිය වළක්වා ගැනීම සඳහා කටයුතු කිරිම ඉතා වැදගත් බව රජයට දන්වා සිටිමු.

දැනට මෙම ජාතික ආපදා තත්වය මැඩ පැවැත්විම සඳහා විවිධ වැඩපිළි‌වෙල ක්‍රියාත්මක වුවද සියළු අත්‍යාවශය සේවා ජාතික වැඩ පිළිවෙළක් සඳහා දායක වි නොමැත. මෙම අවිධිමත් තත්වය යටතේ COVID 19 වෛරසය ක්‍රමයෙන් රට පුරා ව්‍යාප්ත වන බැව් විවිධ ස්ථාන වලින් වාර්තා වි ඇති වෛරසය ආසාධනය වූ පුද්ගලයින්ගේ සංඛ්‍යා ලේඛන මගින් තහවුරු වේ.

එබැවින් 2005  අංක 13   දරන කළමනාකරණ පනත යටතේ පිහිටුවා ඇති ආපදා කළමනාකරණ පනත යටතේ ස්ථාපිත ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය යටතේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරිම අත්‍යාවශ්‍ය බවත් ඒ යටතේ සියළු රාජ්‍ය ආයතන පෙළ ගැස්විය යුතු බවත් වැඩිදුරටත් අවධාරණය කරමු.

01. සමස්ථ ලංකා රාජ්‍ය කලමනාකරණ නිළධාරීන්ගේ සංගමය
02. ලංකා වෙළඳ, කාර්මික හා පොදු සේවක සංගමය
03. ලංකා බැංකු සේවක සංගමය
04. ලංකා ගුරු සංගමය
05. ශ්‍රී ලංකා තැපැල් හා විදුලි සංදේශ සේවා සංගමය
06. වාර්මාර්ග පොදු සේවක සංගමය
07. ආණ්ඩුවේ කම්කරු සමිති සම්මේලනය
08. පළතා කළමණාකරණ සේවා නිළධාරින්ගේ සංගමය
09. ජාතික තැපැල් හා විදුලි සංදේශ සේවක සංගමය
10. දුම්රිය ඒකාබද්ධ පෙරමුණ
11. තොරතුරු හා විදුලි සංදේශ සියලූ සේවක සංගමය
12. රජයේ කර්මාන්තශාලා සේවක සංගමය
13. එක්සත් ජාතික තැපැල් සේවක සංගමය
14. එක්සත් තැපැල් හා විදුල් සංදේශ සේවක සංගමය
15. ශ්‍රී ලංකා නිදහස් තැපැල් වෘත්තියවේදීන්ගේ සංගමය
16. ලංකා වෘත්තිය සමිති සම්‌මේලනය
17. රජයේ ආහාර නිරීක්ෂිකා සංගමය
18. එක්සත් ලංකා පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීන්ගේ සංගමය
19. ජාතික නිදහස් වෘත්තිය සමිති සම්මේලනය
20. ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ සේවක වෘත්තිය සමිතිය

Archive

Latest news

Related news