Monday, May 6, 2024

නව කෙරෝනා වයිරසයට පැය ගණනාවක් වාතයේ ද දින ගණනාවක් පෘෂ්ඨය ද පැවතිය හැකි බව අධ්‍යනයක් පෙන්වා දෙයි!

ගෝලීය වසංගතයක් බවට පුපුරා ගොස් ඇති ‌වේගයෙන් බෝවන නව කොරොන වයිරස් ඇති ජල බිඳිති වාතයේ පැය ගණනක් සහ පෘෂ්යන් මත දින ගණනක් පවතිමින් බෝවන වයිරසයක් ලෙස පැවතිය හැකි බව නව පර්යේෂන මගින් සොයා ගෙන තිබේ.

එක්සත් ජනපදයේ ජාතික සෞඛ්‍ය ආයතනයේ කොටසක් වන ජාතික ආසාත්මිකතා සහ බෝවන රෝග පිළිබඳ ආයතනයේ (NIAID) විද්‍යාඥයින්යින්, ආසාදිත පුද්ගලයෙකුගේ කැස්සකින් හෝ කිවිසුම් යාමකින් පිටවන අන්වීක්ෂීය ජල බිඳිති තුල ඇති යිරසයන් ගෘහස්ථ හෝ රෝහල් පසුබිමක තැන්පත් කිරීගින් කරන ලද පර්යේෂ ඇසුරින් මෙම නිරීක්ෂනයන් ප්‍රකාශයට පත් කර තිබේ.

පසුගිය අඟහරුවාදා නිව් එංග්ලන්ඩ් වෛද්‍ය සඟරාවේ අන්තර්ජාලය ඔස්සේ පළ වූ අධ්‍යයනයකට අනුව, මෙම පෘෂ්යන් මත වෛරසය කොපමණ කාලයක් ආසාදන තත්වයේ පවතින්නේ දැයි විද්‍යායින් සොයා බලා තිබේ.

යමෙකු කැස්ස හෝ කිවිසුම් යන විට මුදා හරින ලද ජල බිඳිති මගින් වයිරසය ගෙන යන විට, එය අවම වශයෙන් පැය තුනක්වත් වාතය තුළ සක්‍රීයව පවතී. එනම් එය මගින් පුද්ගලයන්ටම කාලය තුළ ආසාදනය විය හැකිය.

ප්ලාස්ටික් සහ මල නොබැඳෙන වානේ මත, දින තුනකට පසුත්  වෛරසය  සක්‍රීයව පැවතුණි. කාඩ්බෝඩ් මත, පැය 24 කට පසු වෛරසය අක්‍රීය විය. තඹ මත, වෛරසය අක්‍රිය වීමට පැය 4 ක් ගතවිය.

අර්ධ ආයු කාලය සම්බන්ධයෙන් ගත් කල, පර්යේෂක කණ්ඩායම සොයා ගත්තේ  වායුගෝලීය ජල බින්දුවකදී වයිරස් අංශු වලින් අඩක  ක්‍රියාකාරිත්වය නැති වීමට මිනිත්තු 66 ක් පමණ ගත වන බවයි.

එයින් අදහස් වන්නේ තවත් පැයක් හා මිනිත්තු හයකට පසු වෛරස් අංශු වලින් හතරෙන් තුනක් අත්‍යවශ්‍යයෙන්ම අක්‍රිය වන නමුත් 25% තවමත් ක්‍රියාකාරී වනු ඇති බවයි. පර්යේෂනයන් විසින් පෙන්නුම් කර ඇත්තේ තෙවන පැය අවසානයේ වයිරසයේ සක්‍රීය ප්‍රමාණය 12.5% දක්වා පහත වැටෙනු ඇති බවයි.

මල නොබැඳෙන වානේ මත, වෛරස් අංශු වලින් අඩක් අක්‍රිය වීමට පැය 5 සහ විනාඩි 38 ක් ගත විය. ප්ලාස්ටික් මත අර්ධ ආයු කාලය පැය 6 විනාඩි 49 ක් බව පර්යේෂකයෝ සොයා ගත්හ.

කාඩ්බෝඩ් මත, අර්ධ ආයු කාලය පැය තුනහමාරක් පමණ විය, නමුත් පර්යේෂකයන්  එම ප්‍රතිපලවල විශාල විචල්‍යතාවයක් ඇති බවය ද කියා සිටියහ.

කෙටිම පැවැත්මේ කාලය තඹ මත වූ අතර මිනිත්තු 46 ක් තුළ වෛරසයෙන් අඩක් අක්‍රිය විය.

වයිරසයට පැය ගණනාවක් වාතයේ රැඳී සිටිය හැකි බවට මෙම නව අධ්‍යයනයෙන් සොයා ගැනීමෙන් පසු පසුව ලෝක සෞඛ්‍ය සංවිධානය වෛද්‍ය වෘත්තිකයින් සඳහා නව “වාත පූර්වාරක්ෂාවන්” ලබාදීමට සළකා බලන බව 16වන දා ප්‍රකාශ කරන ලදී.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය මාරියා වැන් කර්කෝව් සඳුදා අවධාරණය කළේ ආසාදිත රෝගීන් සම්බන්ධයෙන් කටයුතු කරන සෞඛ්‍ය සේවකයින් මෙම තත්වය යටතේ තම ආරක්ෂාව සඳහා අමතර පියවර ගැනීම වැදගත් බවයි.

(රොයිටර් වාර්තාවක් ද ඇසුරිනි. එම ඉංග්‍රිසි වාර්තාව මෙහි කියවිය හැක.)

Archive

Latest news

Related news