Tuesday, July 16, 2024

විද්‍යා ඝාතනයත් ජනාධිපති “පළිගැනීම්” කොමිසම හමුවට.

මෙරට කැළඹූ විද්‍යා ඝාතන නඩුව සම්බන්ධයෙන් අත් අංඩඟුවට ගෙන පසුව ඇප මත නිදහස් කරන ලද, දැනට වැඩ තහනම්ව සිටින හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ තමා අත් අඩංඟුවට ගන්නා ලද්දේ පළිගැනීමක් වශයෙන් යැයි පැමිණිළි කර තිබේ. ඔහු මෙම පැමිණිල්ල කර ඇත්තේ ජනාධිපති රාජපක්ෂ විසින් පත් කරන ලද දේශපාලන පළිගැනීම් විමර්ශන ජනාධිපති කොමිසමට ය. ‌‌‌මෙම ජනාධිපති කොමිසම තමන්ගේ බලාධිකාරයවත් නොදන්නා බව පසුගිය 12දා ත්‍රි ප්‍රද්ගල මහාධිකරණය විසින් කරන ලද නියෝගයක සඳහන් කර තිබුණි.

විද්‍යා දැරිය ඝාතනය කරන ලද්දේ 2015 මැයි 15 දින යාපනයේ පුරංගුඩුතිව් හි දීය.

සිිිිිිිිිිිිිවලෝගනාදන් විද්‍යා  සමූහ දූෂන සහ ඝාතන නඩුව විභාග කරන ලද්දේ වවුනියා මහාධිකරණයේ විනිසුරු බලේන්ද්‍රන් ශෂි මහේන්ද්‍රන්, ත්‍රිකුණාමලයේ මහාධිකරණ විනිසුරු අන්නලිංගම් පරමේශංකර්, සහ යාපනය මහාධිකරණයේ විනිසුරු මැණික්කවසගර්න් ඉලන්චෙලියන් ඇතුළත් වු ත්‍රි පුද්ගල මහාධිකරණය විසිනි. 2017 සැප්තැම්බර් 27 දින යාපනයේ මහාධිකරණයේ දී ප්‍රකාශ කරන ලද තින්දුව මගින් විත්තිකරුවන් හත් දෙනෙකුට මරණ දඬුවම නියම කරන ලදී.

එවකට යාපනයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වූ ලලිත් ජයසිංහ අත්අඩංගුවට ගන්නා ලද්දේ ද මෙම රට කැළඹූ නඩුව සම්බන්ධයෙනි. ඔහුට චොදනා කැරුනේ විද්‍යා දැරිය සමූහ දූෂණය කිරීම සහ ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් එක් අයෙකු වූ මහලිංගම් ශෂිකුමාර් නොහොත් ස්විස් කුමාර්ට පොලිස් අත්අඩංගුවෙන් බේරීමට ඉඩදීමේ චෝදනාව මත ය. මෙම ස්විස් කුමාර් ද සිරදඩුවම් ලැබූ හත් දෙනා අතර විය.

විද්‍යා දැරිය ඝාතනය සම්බන්ධයෙන් කෝපයට පත් පුංගුඩුතිව් පදිංචිකරුවන් මුලින්ම ස්විස් කුමාර් අල්ලා ගසකට බැඳ පසුව පොලිසියට භාර දුන්හ. පසුව ස්විට් කුමාර් පොලිස් අත්අඩංගුවෙන් බේරී ස්විට්සර්ලන්තයට පලා යාමට උත්සාහ කළේය. යාපනයේ අත්අඩංඟුවෙන් බේරී පලාගිය ස්විස් කුමාර් විශේෂ පොලිස් කණ්ඩායමක් විසින්  වැල්ලවත්ත නවාතැනක සිටිය දී පසුව අත් අඩංඟුවට ගන්නා ලදී.

මෙම සමූහ දූෂණය සහ ඝාතනය සංවිධානය කරන ලද්දේ එම සිදුවීම් පෙළ වීඩියෝ ගත කර විකිනීම පිනිස ස්විස් කුමාර් විසින් යැයි චෝදනා කෙරැණි. ඔහුට පලා යාමට ඉඩ ලබා දුන්නේ යැයි නීතිපතිවරයා විසින් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහට එරෙහිව අධිචෝදනා පත්‍රයක් 2017 සැප්තැම්බර් 24 දින යාපනයේ මහාධිකරණය ඉදිරිපත් කරන ලදී. ඔහු දණ්ඩ නීති සංග්‍රහයේ 209 වන වගන්තිය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් කර ඇති බව අධිචෝදනා පත්‍රයේ සඳහන් විය.

නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ 2017 ජූලි මාසයේ දී අත් අඩංඟුවට ගන්නා ලද්දේ විද්‍යා දැරිය සමූහ දූෂණයට ලක් කර ඝාතනය කිරීම සම්බන්ධ නඩුව විභාග කළ ත්‍රි පුද්ගල මහාධිකරණය හමුවේ හෙළිදරව්වූ කරුණු අනුව ය.

දැන් ලලිත් ජයසිංහ තමා අත්අඩංඟුවට ගෙන වැඩ තහනම් කරන ලද්දේ දේශපාලන පළිගැනීමක් වශයෙන් යැයි පැමිණිළි කර තිබේ. ඔහු විසින් කරන ලද පැමිණිල්ල විභාග කිරීමට එවකට රහස් පොලීසියේ ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා වූ ශානි අබේසේකරට පළිගැනීම් කොමිසම හමුවට හෙට එනම් 16වන සඳුදා පැමිණෙන ලෙස නියෝග කර තිබේ. මෙම පරීක්ෂනය ද සිදු කරන ලද්දේ ඔහු යටතේ ය.

මෙවැනි අවස්ථාවන්ට මුහුණ දීම සඳහා සිය වියදමෙන් නීතිවේදියකු ලබා ගැනීමට පොලිස් නිලධාරීන්ට සිදුව තිබෙන බවත් මෙවැනි තත්වයක් යටතේ රාජකාරී කිරීමට නීතිගරුක නිලධාරීන් මැලිවනු ඇති බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම පරීක්ෂනය සඳහා එම අවස්ථාවෙහි දී නියෝග ලබාදුන් නීතිපති දෙපාර්ථමෙන්තුව දැන් මෙම කොමිසමට කැඳවන එම පරීක්ෂන බාර නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටින්නේ නැත.

2015 ජනවාරි මාසයේ සිදුවූ මිනීමරුමක් සම්බන්ධයෙන් ද තොරතුරු වසං කරන ලදැයි හිටපු නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහට විරුද්ධව නඩුවක් පවරා තිබේ.

Archive

Latest news

Related news