Monday, May 20, 2024

ප්‍රභාකරන් ද්‍රෝහියා කීවේ මට නොව දෙමළ සන්ධානයටයි; සෛයින්දමරුදු අවලංඟු කෙරෙව්වෙත් මං- කරුණා අම්මාන්

තමා ද්‍රෝහියෙකු ලෙස හඳුන්වමින් දෙමළ ජාතික සන්ධානයේ නායකයින් කළ ප්‍රකාශවලට ප්‍රතිචාරයක් ලෙස විනයගමූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන් කියා සිටින්නේ සිය නායකයා විසින් ද්‍රෝහීන් ලෙස නම් කරන ලද්දේ එකී දෙමළ ජාතික සන්ධානයේ නායකයින් බවයි.

සිය නායකයා වු ප්‍රභාකරන් විසින් කිසිදු අවස්ථාවක තමා ද්‍රෝහියකු ලෙස නම් කර නැති බව ද ඔහු කියා සිටියි.

දෙමළ ජාතික සන්ධානය එල්ටීටීඊ සංවිධානයේ ම කොටසක් බවට ආන්ඩුවේ යම් යම් පිරිස් ගෙන යන ප්‍රචාරය සමඟ කරුනා අම්මාන් එකඟ නොවේ.

ඔහු මේ බව ප්‍රකාශ කරන ලද්දේ පසුගිව 22දා අම්පාරා හි කරෙයිතිව් විපුලානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවති සාකච්ඡාවකදී ය.

සෛයින්දමරුදු නගර සභාවක් කිරීමේ ගැසට් නිවේදනය අවලංඟු කරන ලෙස තමා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ඒත්තු ගැන්වූයේ ඔහු බව ද ඔහු ප්‍රකාශ කළේ ය. එසේ නමුත් සිංහල බෞද්ධ අන්තවාදී පිරිස් පවසන්නේ එළෙස එම ගැසට් නිවේදනය අවලංඟු කරවන ලද්දේ තමන් විසින් බවයි.

කරුණා අම්මාන් මහින්ද රාජපක්ෂගේ පොදු ජන පෙරමුණ හා එක්ව දේශපාලනය කරයි. මහින්ද රාජපක්ෂ විසින් වරක් ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයකු ලෙස පත් කරන ලදී.

බලහත්කාරයෙන් ළමා සොල්දාදුවන් එල්ටීටීඊයට බඳවා ගැනීම සම්බන්ධයෙන් කරුණා අම්මාන් අන්තර් ජාතික මානව හිමිකම් සංවිධානවල දෝශ දර්ශනයට ලක්ව සිටින පුද්ගලයෙකි.

පෙබරවාරි 14 වන දින සෛයින්දමරුදු නගර පභාව පිහිටුවීමේ ගැසට් නිවේදනයක් නිකුත් කරන ලද ආන්ඩුව ඉන් දවස් හයකට පසු එම ගැසට් නිවේදනය ඉල්ලා අස්කර ගන්නා බව නිවේදනය කළේ ය.

Archive

Latest news

Related news