Monday, May 6, 2024

අපරාධ නඩු නවත්වන්න බලයක් පොලිස්පතිටවත් ජනාධිපති කොමිෂමටවත් නැහැ! – නීතිපති

ඡායාරූපය: නරකළ යුතු බවට පොලිස්පති යෝජනා කරන නඩු අතර ප්‍රගීත් එක්නැළිගොඩ පැහැර ගැනීම සහඝතානය කිරීම සම්බන්ධ නඩුව ද වේ

පසුගිය ආන්ඩුව සමයෙහි පරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සහ පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් සිදුකරනු ලැබූ විමර්ශන කටයුතු අගතිදායක අන්දමින් සිදුකොට ඇතිදැයි යන්න තහවුරු කරගන්නා තුරු එම නඩු කටයුතු තාවකාලිකව බහා තබන්නැයි ඉල්ලමින් වැඩබලන පොලිස්පතිවරයා පසුගිය පෙබරවාරි 03 දාතමින් නීතිපතිවරයාට යොමු කර තිබූ ලිපියට පිළිතුරු දෙමින් නීතිපති වරය‍ා කියා ඇත්තේ තමන්ට එවැනි බලයක් නැති බවයි.

එළෙස නතර කළ යුතු යැයි යෝජනා වූ නඩු අතර ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගැනීම, කීත් නොයර් පැහැර ගැනීම, තාජුඩීන් ඝාතන නඩුව යනාදී දේශපාලනිකව බලපෑ හැකි නඩු ගණනාවක් තිබේ. තවද එම විමර්ශන කරන ලද්දේ දැනට වැඩ තහනම් කර ඇති ජේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර යටතේ ය. 

එයට පෙර ජනධිපති ගෝඨාභය විසින් පත් කරන ලද දේශපාලන පළිගැනිම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව ද එවැනි ඉල්ලීමක් කරමින් කියා සිටියේ තම පරීක්හිෂනය අවසන්ට වන තුරු හිටපු නාවික හමුදාපති සහ හිටපු කාවික හමුදා ප්‍රකාශකට විරුද්ධව නඩු ඇසීම නතර කළ යුතු බවයි. නීතිපති වෙත නියෝගයක් නිකුත් කිරීමට එවැනි කොමිසමකට බලයක් නැති බවද නීතිපතිවරයා ප්‍රකාශ කරයි. මෙම කොමසමෙහි සභාපතිවන හිටපු ශ්‍රේෂාධිකරණ විනිසුරු උපාලි අබේරත්නගේ විශමාචාර ක්‍රියා ගැන වික්ටර් අයිවන් විසින් රචිත “අධිකරණ නිදහසේ මළගම” නම් කෘතියෙහි විස්තරාත්මකව දක්වා තිබේ. එමෙන්ම එහි තවත් සාමාජිකයකු වන හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු, දේශපාලන හේතූන් මත නඩු පැවරීමක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දඩුවම කරන ලද අයෙකි. ඔහු පසුව මහින්ද රාජපක්ෂගේ උපදේශකයකු බවට පත් විය.

අධිකරණය හමුවේ පවතින නඩුවක් අත්හිටුවිය හැක්කේ ඉහළ අධිකරණයක නියෝගයකින් බවත් එය විධායක බලතලවලින් බැහැර කාර්යයක් වන බවත් වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී ඇති නීතිපතිවරයා අධිකරණයක් ඉදිරියේ ඇති සිද්ධියක් සම්බන්ධයෙන් තහනම් නියෝගයක් නිකුත් කිරීමට හෝ නීතිපතිවරයාට නියෝග දීමට කොමිෂන් සභාවකට බලයක් නැති බවද වැඩිදුරටත් අවධාරණය කොට ඇත.

 නීතිපති වරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත මෙම ලිපිය යවා ඇත්තේ ඊයේ (12) ය. එමගින් ඔහු දන්වා ඇත්තේ මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සහ පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් සිදුකරන ලද විමර්ශන අගතිදායක අන්දමින් සිදුකොට ඇද්දැයි යන්න තහවුරු කරගන්නා තුරු එම නඩු කටයුතු තාවකාලිකව බහා තැබීමට තමාට බලයක් නැති බවය.

“2020.02.03 දිනැති ඔබගේ ලිපියේ කරුණු කෙරෙහි මාගේ අවධානය යොමු වී ඇති අතර ඒ සම්බන්ධයෙන් මුල සිටම නිරීක්ෂණය වන්නේ එහි සඳහන් කරුණු සාක්ෂි මගින් තහවුරු වී නැති අතර, එකී කරුණු විමර්ශනයටද භාජන වී නැති බව ය යැයි නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට යොමු කර ඇති ලිපියෙන් අවධාරණය කර ඇත. එමෙන්ම අධිකරණය ඉදිරියේ පවතින ක්‍රියාවලියක් අත්හිටුවිය හැකි වනුයේ අධිකරණ නියෝගයකින් වන අතර එවැනි කටයුත්තක් විධායක බලතලවලින් බැහැර කාර්යයක් වනු ඇති බව ද නීතිපතිවරයා වැඩබලව පොලිස්පතිවරයාට එම ලිපිය මගින් දන්වා තිබේ.”

“පරීක්ෂණ කොමිෂන් සභා පනත (393 අධිකාරය වූ) යටතේ විමර්ශනයකින් හෝ පරීක්ෂණයකින් අනතුරුව උද්ගත වී ඇති සිද්ධියක් සම්බන්ධයෙන් නිර්දේශ එකී සිද්ධිය හෝ කාරණය පවතින අධිකරණ ක්‍රියාවලියක් මගින් සලකා බලා එකී සිද්ධිය හෝ කාරණය මගින් එකී අධිකරණමය ක්‍රියාදාමයට අගතිගාමී බලපෑමක් සිදු වේ ද යන්න සලකා බැලීම සහ ඒ සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් දීම අදාළ සිද්ධිය හෝ කාරණය පවතින අදාළ අධිකරණමය ආයතනය සතු වගකීමක් බව වැඩිදුරටත් දන්වා ඇත.

“එසේ හෙයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 () සමග කියවිය යුතු 105 ව්‍යවස්ථාව ප්‍රකාරව, නීතියෙන් පිහිටුවන ලද යුක්තිය පසිඳලන ආයතනයකින් එවැනි නියෝගයක් නොමැති අවස්ථාවක ඒ සම්බන්ධයෙන් වගකීමෙන් යුක්තව කටයුතු කර පැමිණිල්ලක් සම්බන්ධයෙන් අවශ්‍ය සියලු පියවර ගැනීමට මා සහ මා යටතේ කටයුතු කරන නිලධාරීන්ගේ කාර්යය බාරයක් වන අතර එම කාර්යයෙන් බැහැරව කටයුත්තක් කිරීමට මා හට හෝ මාගේ නිලධාරීන්ගේ බැහැර කාර්යයක් වනු ඇත. යනුවෙන්ද නීතිපති වරයා එමගින් අවධාරණය කර තිබේ.

“තවද නීතියෙන් පිහිටුවන ලද යුක්තිය පසිඳලන අධිකරණයක් හා ආයතනයක් ඉදිරියේ පවතින සිද්ධියක් සම්බන්ධයෙන් තහනම් නියෝගයක් නිකුත් කිරීම හෝ එවැනි සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිල්ල වෙනුවෙන් අවශ්‍ය කටයුතු කරගෙන යාම සම්බන්ධයෙන් නීතිපති වෙත නියෝගයක් නිකුත් කිරීමට 2008 අංක 16 දරන කොමිෂන් සභා පනතින් සංශෝධිත කොමිෂන් පරික්ෂණ සභා පනත (393 අධිකාරය වූ) යටතේ කොමිෂන් සභාවට බලයක් නොපවතින බව ද මින් සඳහන් කරමි. යැයි නීතිපතිවරයා තවදුරටත අවධාරණය කරයි.

“තවද ඔබගේ ලිපියේ 03 වන ඡේදයේ සඳහන් කරුණු මාගේ F/33/2019 සමාංක සහ 2020.01.20 වන දින ලිපියේ සඳහන් කරුණු නිවැරැදිව පිළිබිඹු කිරීමක් නොවන බව ද මින් දන්වමි.” යනුවෙන්ද නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට යැවූ ලිපියේ සදහන් වෙයි.

(ලංකා ට්රුත් වාර්තාවක් ද ඇසුරුණි)

Archive

Latest news

Related news