Friday, April 19, 2024

සිවිල් සමාජයට ප්‍රශ්ණයක්: පසුගිය දශක තුන හතර තුළ අපගේ ජිවිත වලට සිදුවුයේ කුමක්ද? – සරත් ඉද්දමල්ගොඩ පියතුමා

ඡායාරූපය: සරත් ඉද්දමල්ගොඩ පියතුමා.

පසුගිය වසර හතලිහක ජනාවෝධය කේන්ද්‍රයේ ගමන කෙසේවත් පහසු ගමනක් නොවීය. එය ගල් මුල් පාවාදීම් බොරු චෝදනා වලින් පිරි අතිශයින්ම බාධා සහිතවූ දුෂ්කර ගමනකි. කෙසේ වෙතත් අප ඒ ගැන කතා කිරීමට කාලය නාස්ති නොකළ යුතුය. පසුගිය කාලය පුරාවටම අප නිරතව සිටි කාර්යක් විය. ජනතාවට ස්වභාවධර්මයෙන්ම උරුමවු නමුත් පීඩනය නිසා සැගවූ, කෙළසී තිබු ඔවුන්ගේ ශක්තීන් තුලින් ඔවුන් අවදි කරවීමයි. යම් අවස්ථාවක ජනතාව තම වාසස්ථාන අයිතිය, කලපුවේ හෝ මුහුදේ අයිතිය දිනාගත්තානම් එම ජයග්‍රහණ තමන් විසින්ම දිනාගත් ජයග්‍රහණයි. ජනාවබෝධය කේන්ද්‍රය දුගී දුප්පත් ජනතාවගේ උන්නතිය වෙනුවෙන් දුන් දායකත්වය කිසිම විටෙක එක් පුද්ගලයෙකුගේ හෝ දෙදෙනෙකුගේ වැඩක් යයි කිව නොහැක. එය සාමුහික වැඩකි. ජනාවෝධය කේන්ද්‍රය තුල සිටින සහෝදර සහෝදරියන්ගේ සාමුහිකත්වය පමණක් නොව විවිධ සංවිධාන සමග හවුල්වී සහ ජාලගතවී කළාවූ සාමුහික ක්‍රියාමාර්ගයක්. ඒ සදහා සැමවිටම අප විසින් ගොඩනගා ගන්නට උත්සාහ කළාවූ සාමුහිකත්වය සහ අවස්තානුකුල නායකත්වය අපට උදවු වුනා.

මේ සාමුහික ගමනේදී ජනාවබෝධය කේන්ද්‍රය සියලුම ජනකොටස් සමග එනම්; සිංහල, දෙමල මුස්ලිම්,බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු සෑම ජනකොටසක් සමගම සමුහිකත්වයක් පවත්වාගෙන ගියා. ජාතිය, ආගම, දේශපාලනය නොතකා අපට වැදගත්වුයේ සියල්ලන්ගේම මනුෂත්වයයි.

අපිට ඉදිරියේ ඇති අභියෝගය වන්නේ අපගේ සාමුහිකත්වය ඉදිරියට පවත්වාගෙන යන්නේ කෙසේද යන්නයි. ජනාවබෝධය හෝ වෙනත් සංවිධානයක් හෝ වේවා අවුරුදු විසිපහක්, තිහක්,හතළිහක් ගතවු විට ඇසිය යුතු ප්‍රශ්නයක් ඇත එනම්: “මේ කාලය තුලදී අපගේ ජිවිත වලට සිද්ධවුයේ කුමක්ද?

ඉඩම් අයිතිය ගතහොත්, දකුණේ සිංහල ජනතාවගේ ඉඩම් අයිතිය පමණක් නොව උතුරු නැගෙනහිර දෙමල සහ මුස්ලිම් ජනතාවගේ ඉඩම් අයිතිය වෙනුවෙන් කල අරගලවලදී අප ඔවුන් සමග සිටියා. ඉදිරියේදීත් එය එසේමයි!

අපගේ ජාලගතවීම ඉතා ඉහල අවස්තාවක පැවති විට අප පිඩීත ජනතාව වෙනුවෙන් කල අරගලත් ඉතා ඉහල මට්ටමක තිබුනා. එය අඩුවූ විට අප ඔවුන්ට දුන් දායකත්වය දුර්වල වූ බව සත්‍යයක්!

සැමවිටම අපගේ ශක්තිය වුයේ සාමුහික බවයි. යම් අවස්ථාවක අප දුර්වලවුවා නම් එසේ වුයේ අප තුල සාමුහිකත්වය නොතිබීම නිසා හෝ බාහිර බලපෑම් අපව යටපත් කරගැනීම නිසායි.

අපිට ඉදිරියේ ඇති අභියෝගය වන්නේ අපගේ සාමුහිකත්වය ඉදිරියට පවත්වාගෙන යන්නේ කෙසේද යන්නයි. ජනාවබෝධය හෝ වෙනත් සංවිධානයක් හෝ වේවා අවුරුදු විසිපහක්, තිහක්,හතළිහක් ගතවු විට ඇසිය යුතු ප්‍රශ්නයක් ඇත එනම්: “මේ කාලය තුලදී අපගේ ජිවිත වලට සිද්ධවුයේ කුමක්ද?”

ඔබත් අපත් මෙම දුත මෙහෙවරට අතතැබූ මොහොතේදී එසේ කලේ උදාර අරමුණු සහ උසස් පරමාර්ථ ඇතුවයි. නමුත් හැත්තෑව දශකයෙන් පසුව ඇතිවූ වෙනත් වටිනාකම් වලින් ශක්තියකින් යුත් ප්‍රතිවිරුද්ධ බලවේගයක් දිගින් දිගටම අපට විරුද්ධව කටයුතු කළා. ඒ නව ලිබරල්වාදී ආර්ථික ක්‍රමයයි! අපගේ සාමුහිකත්වය බිද දැමීමට, අපගේ ශක්තිය දුර්වල කිරීමට, අපව භේද බින්න කිරීමට අප එකිනෙකා අතර සාමුහිකත්වය බිදදමමින් අප අතර තරගකාරිත්වයක් ඇති කරමින් අපව ගිලගනිමින් ඉදිරියට යාමේ හැකියාවක් මෙම නව ලිබරල්වාදී ආර්ථික ක්‍රමයට තිබුනා. බොහෝ විට එය සිදුවුයේ අප විසින් දියත් කරනු ලැබූ වැඩසටහන් තුලින්මයි.

( ජනවබෝධය කේන්ද්‍රයේ නිර්මාතෘ සහ වත්මන් සභාපති ගරු සරත් ඉද්දමල්ගොඩ පියතුමා ජනාවබෝධය කේන්ද්‍රයට වසර හතළිහක් පිරිම වෙනුවෙන් 2020 පෙබරවාරි 09 දින මීගමුවේදී  සංවිධානයකර තිබු සමරු උත්සවයේදී කළ කතාවයි)

Archive

Latest news

Related news