බටහිර ආක්‍රමණිකයන් ශ්‍රී ලංකාවට පැමිණෙන විට විවාහ හා දික්කසාද පිළිවෙත් හා අදාළ මෙරට නීතිය ඉතා ලිබරල් විය. 1769 සිට 1815 දක්වා කාලය තුළ සෙන්කඩගලපුරයෙහි දී ලියා ඇතැයි විශ්වාස කරන ලද නීති නිගන්ඩුවට අනුව, සැමියාට හෝ බිරිඳට විවාහ බැඳීමෙන් නිදහස් විය හැකිය. විවාහයෙන් ඉවත් වීමට බාධක නොතිබුණි. කෙසේ වෙතත්, එවැනි අවස්ථාවක මුහුණ දිය යුතු විපාක තිබුණි. විවාහයේදී සැමියාගේ සහ බිරිඳගේ දේපළවල අයිතිය ඔවුන් වෙත වෙන වෙනම තැබුණි. දෙදෙනාම උපයා ගත් ධනය, දික්කසාදය අවස්ථාවේ දී සමානව බෙදිය යුතු විය. විවාහයෙන් ඉවත්වීම එක් පාර්ශවයක් විසින් ක්‍රියාත්මක කරනු ලැබුවහොත්, එම පාර්ශවයට අනෙක් පාර්ශවයේ වත්කම් සඳහා කිසිදු අයිතියක් නොතිබුණි. එම කාලය තුළ පැවති පවුල් නීතිය පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් නීති නිගන්ඩුව සපයයි. එම නීතියේ ලිබරල් ස්වභාවය රොබට් නොක්ස් සිය පොතෙහිද සනාථ කර තිබේ.
- එහි 32 වන වගන්තියට අනුව, පහත දැක්වෙන ඕනෑම හේතුවක් මත විවාහය විසුරුවා හැරීමට අවසර දිය හැකිය:
- විවාහයෙන් පසු බිරිඳ විසින් කාමමිථ්‍යාචාරයෙහි හැසිරීම
- ස්වාමිපුරුෂයාගේ කාමමිථ්‍යාචාරය හා ව්‍යභිචාරය හෝ දරුණු කුරිරුකම්
- බිරිඳ විසින් වසර දෙකක් තිස්සේ සම්පූර්ණ හා අඛණ්ඩව පුරුෂයා අතහැර යාම
- පුරුෂයා විසින් අවුරුදු දෙකක් තිස්සේ සම්පූර්ණ හා අඛණ්ඩව බිරිඳ අතහැර යාම දෙදෙනාට එකට සතුටින් ජීවත්වීමට ඇති නොහැකියාව; වසරක කාලයක් සඳහා ලිංගික ජීවිතයෙන් සහ කෑමබීම හා වාසයෙන් වෙන්ව සිටීම ඒ සඳහා පුර්ව කොන්දේසිය වේ.
- අන්‍යෝන්‍ය කැමැත්ත.
Harsha Gunasena විසින් Our heritage is Kandyan law; not Roman Dutch law as Rathana Thero thinks නමින් ඩේලි එෆ් ටී පුවත්පතට ලියන ලද දීර්ඝ ලිපියකින් උපුටා ගෙන පරිවර්ථනය කරන ලද්දේ ශ්‍රී ලංකා බ්‍රීෆ් විසිනි