Friday, March 29, 2024

යුදකරණය: ලක්ෂයක බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය මෙහයවීමට ජෙනරාල් (විශ්‍රාමික) නන්ද මල්ලවරාච්චි පත් කැරේ.

මේජර් ජෙනරාල් (විශ්‍රාමික) නන්ද මල්ලවරාච්චි ජනවාරි 8 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකායේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කර ඇත. මෙම ශ්‍රී ලංකාවේ සිවිල් කටයුතු යුද කරණය කිරීමේ තවත් පියවරක් ලෙස විචාරකයෝ හදුන්වති.

මේජර් ජෙනරාල් (විශ්‍රාමික) නන්ද මල්ලවරාච්චි 2007 දී ශ්‍රී ලංකා හමුදාවෙන් විශ්‍රාම ගත් අතර ඔහු යුද හමුදා වැඩබලන අණදෙන නිලධාරියා ලෙස සේවය කළ අතර ඔහු ඉන්දුනීසියාවේ හිටපු තානාපතිවරයා ලෙසද සේවය කළේය.

මෙම බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය දරිද්‍රතාවයෙන් තොර ශ්‍රී ලංකාවක් බිහිකිරීමේ අරමුණෙන් පිහිටුවන ලද බවත් විධිමත් අධ්‍යාපනයක් හෝ පහළ මට්ටමේ අධ්‍යාපනයක් නොමැති නුපුහුණු පුද්ගලයින්ට නිසි වෘත්තීය පුහුණුවක් ලබා දීමෙන් පසු වඩාත් සුදුසු අපේක්ෂකයින්ට රාජ්‍ය අංශයේ ස්ථිර රැකියා ලබා දීම මෙම වැඩසටහනේ අරමුණ බවත් ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

එසේ නමුත් බොහෝ දේශපාලන විචාරකයින් පෙන්වා දී ඇත්තේ යුද හමුදාවද සම්බන්ධ වී තෝරාගෙන, යුද හමුදාව විසින් පුහුණු කර යුද හමුදාව යටතේ පාලනය කැරෙන මෙම බලකාය ගෝඨාභය රාජපක්ෂ යටතෙහි ශ්‍රී ලංකාවේ සමාජය හමුදාකරණය කිරීමේ පියවරක් බවයි. තසරණි ගුණසේකර විසින් මෙමමබලකාය හදුන්වා ඇත්තේ හිටලර් සමයෙහි විරුද්ධවාදීන් ඝාතනය සඳහා යොදා ගත් ‘දුඹුරු කමීසකාර’ බලකායට ය.  අමීර් අලි වැනි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ මෙම බලකාය ඉදිරියෙහි දී පැන නැගිය හැකි සමාජීය නැගිටීම් පාලනය කිරීමට යොදා ගැනීමට ඉඩ ඇති බවයි.

Archive

Latest news

Related news