Friday, April 19, 2024

ගෙල සිදීමේ සංඥාවට බ්‍රිගේඩියර් ප්‍රියන්ක ප්‍රනාන්දුට බ්‍රිතාන්‍ය අධිකරණය දඩයක් නියම කරයි.

2018 පෙබරවාරි 04 දින ලංඩන් නුවර බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂනයක යෙදුණූ දෙමළ ජන කණ්ඩායමකට ‘ගෙල සිදීමේ’ සංඥාවක් කළැයි චෝදනා ලද බ්‍රිගේඩියර් ප්‍රියන්ක ප්‍රනාන්දු අද ලංඩන් නුවර අධිකරණයකින් වරදකරු බවට පත් කරන ලදී.

ඔහු වරදකරු කරන ලද්දේ බ්‍රිතාන්‍යයේ මහජන ආරක්ෂක පනත Public Order Act උල්ළංගනය කිරීම වෙනුවෙනි. නුඩුව විභාග කළ වෙස්මිනිස්ටර් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා තීන්දු කළේ ඔහු රාජ්‍ය තාන්ත්‍රික මුක්තියක්  හිමි නැති බවයි.

‘ ඔහු 2018 පෙබරවාරි 04 දා ගෙල සිදීමේ සංඥාවක් කළ බවට කිසිදු සැකයක් නැත’යි විනිසුරුවරයා විසින් ප්‍රකාශ කර තිබේ. තවදුරටත් විනිසුරුවරයා දක්වා මෙසේ දක්වා ඇත.

‘අඩුම වශයෙන් ඔහු තැති ගැන්වීමක් කරන්නට උත්සාහ ගත් බව නිසැක ය. ඒවා අරමුණක් ඇතිව කරන ලද ඇඟවීම් ය. මෙම බ්‍රිගෝඩියර්වරයා නිල ඇදුම සහ පදක්කම් පැළද සිටින ජේෂ්ඨ නිලධාරියෙකි. එහි සිටින අනෙක් උසස් නිලධාරිනිය මෙන් නොව ඔහුගේ ශරීරමය භාෂාව අහංකාර සහ බියගන්වන සුළු ය. ඔහු එකක් නොව තෙවරක් ම ඔහු එම සංඥා කරයි. ශ්‍රී ලංකාණ්ඩුව සහ දෙමළ ඊළාම් විරෝධතාකරුවන් අතර පවත්නා සමබඳතා සන්දර්භයෙහි ඔහු එළෙස කරනු දකින විරෝධතාකරුවන් අවම වශයෙන් තැති ගැනෙනු ඇති බව ඔහු දැන සිටිය යුතුව තිබුණි.’

මේ අනුව බ්‍රිගේඩියර් ප්‍රියන්ක ප්‍රනාන්දු බ්‍රිතාන්‍ය පවුම් 2400ක දඩයක් ගෙවීමට විනිසුරුවරයා නියම කළේ ය.

මේ අතර ‌‌ෙකොළඹ බිත්ති සිතුවම්හි බ්‍රිගේඩියර් ප්‍රියන්ක ප්‍රනාන්දුගේ එම ක්‍රියාව වීරත්වයට නංවන චිත්‍ර මෑතකදී ඇ ද තිබෙනු දක්නට හැකි ය.

Archive

Latest news

Related news