Tuesday, July 16, 2024

එල්ටීටීඊය අපරාධ සංවිධානයක් නොවේ; ස්විස් අධිකරණය එල්ටීටීඊයට මුදල් රැස්කල 12 දෙනෙකු නිදහස් කරයි.

ඡායාරූපය: ස්විස්ටර්ලන්තයෙහි එල්ටීටීඊ සංවිධානය තහනම් කර නැත.

ස්විස්ටර්ලන්තයේ නීතිපති දෙපාර්ථමේන්තුව විසින් එල්ටීටීඊ සංවිධානයට මුදල් ලබාදෙන ලදැයි යැයි චෝදනා කොට පවරා තිබූ නඩුවකින් දෙසැමිබර් 03 දා ස්විස්ටර්ලන්තයේ ජීවත්වන දෙමළ ජාතිකයින් 12 දෙනෙකු නිදහස් විිය.

නඩු තීන්දුව දෙමින් ස්විස් පෙඩරල් අධිකරණය කියා ඇත්තේ මෙම මුදල් ලබා දෙන ලද අවස්ථාවෙහි එල්ටීටීඊ ය මෙකී නඩුව පවරණ ලද ස්විස් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 260 වගන්තිය එන අපරාධකාරී සංවිධානයක් ලෙස නම් කර නොතිබූ බැවින් මුදල් එක් කිරිම මගින් තමන් නීතිය උල්ළංගනය කරන්නේ යැයි අදහසක් සැකකරැවන්ට තිබී නැති බවයි.

ලෝක දෙමළ සම්බන්ධිකරණ කමිටුවට මුල්‍යමය වශයෙන් අධාර කළ බවට මෙම නඩුවෙන් එකී 12 දෙනාට චෝදනා කර තිබුණි. ලෝක දෙමළ සම්බන්ධීකරන කමිටුව එල්ටීටීඊ සංවිධනයේ අන්තර් ජාතික පෙරමුණක් වශයෙන් පැවැතුණි.

1999 සහ 2009 යන කාලය තුළ එල්ටීටීඊ සංවිධානයට මුදල් රැස් කරන ලදැයි යනුවෙන් පවරන ලද නඩුව 2018 පූනි මාසයේ දී ස්විස් පෙඩරල් අපරාධ අධිකරණය මගින් නිශ්ප්‍රභ කරන ලදී. ඊට හේතු වශයෙන් දක්වන ලද්දේ එල්ටීටිඊය සහ ලෝක දෙමළ සම්බන්ධීකරණ කමිටුව අතර ඍජු සම්බන්ධයක් සනාථ වී නැති බවයි.තවද එල්ටීටීඊ ය අපරාධකාරී සංවිධානයක් බව සනාථ කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නැති බවද එම තීරණයේ සදහන් විය.

පසුව ස්විස් නීතිපති දෙපාර්ථමේන්තුව පෙඩරල් අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන ලදී. මෙම නඩු විභාගය සඳහා වැය වූ වියදම ස්විස් ප්‍රූන්ක් මිලියන 4ක් යැයි ගණන් බලා තිබේ.

මෙම නඩුව පවරණ ලද ස්විස් අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ 260 වගන්තිය ඇති කරන ලද්දේ මාෆියා වර්ගයේ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙනි. එනමුත් පසු කාලීනව එය ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට විරුද්ධව යොදා ගෙන තිබේ.

ඊයේ (දෙසැ 03) දෙන ලද තීන්දුවෙන් ස්විස්ටර්ලන්තයේ ඉහළම අධිකරණය කියා සිටියේ මෙළෙස මුදල් එක් කරන ලද අවස්ථාවෙහි එල්ටීටීඊ ය අපරාධ සංවිධානයක් ලෙස නම් කර නොතිබූ බැවින් සැකකරුවන් වරදක් කර නැති බවයි. තවද ත්‍රස්ත ප්‍රහාරයන් එල්ල කළ නමුදු එල්ටීටීඊයේ අරමුණ වූයේ ස්වාධීන ජනවාර්ගික ප්‍රජාවක් ලෙස පිළිගන්වා ගැනීම යැයි ද එම තීන්දුවෙහි සඳහන් වේ.

(ඇසුර ස්විස් ඉන්ෆෝ)

 

.

 

Archive

Latest news

Related news