Thursday, March 28, 2024

මාධ්‍ය ආයතනයකට පොලීසිය පනී. මාධ්‍යවේදියකුගෙන් ප්‍රශ්ණ කරයි. රා.නො. සංවිධානකට බුද්ධි අංශ එයි

ඡායාරූපය: ධනුෂ්ක රාමනායක ජනමාධ්‍ය අමතයි.
ගෝටාභය රාජක්ෂගේ ජනාධිපති ධූරයේ නමවන දිනය වූ 26 දා  මර්ධනකාරී සිදුවීම් අඩුම වශයෙන් තුනක් වාර්තා විය.

රයිට් ටු ලයිප් නම් මානව හිමිකම් සංවිධානයට පැමිණි පොලිස් බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකු සංවිධානයේ ලියාපදිංචි විස්තරද සංවිධානය  ජාත්‍යන්තර සංවිධාන හා අනුබද්ධද යන්නද  සංවිධානයේ ප්‍රාරාදේශීය සංවිධාන හා අනුබද්ධ සංවිධාන ගැනද 5 ජාත්‍යන්තර සංවිධාන වෙත වාර්යතා වන්නේ ද යන්න ද විමසා තිබේ.

මෙම බුද්ධි අංශ නිලධාරීන් ඉතා සුහදව මෙම කරුණු ලබා ගත් බවද වාර්තා වේ.

මේ අතර එදිනම සවස නිව්ස්හබු නම් වෙබ් අඩවිය පවත්වාගෙන යන කාර්යාලයට පැමිණි 14 දෙනෙකුගෙන් සමන්විත පොලිස් කණ්ඩායමක් එම කාර්යාලය සම්පූර්ණයෙන්ම සෝදිසි කරන ලදී. මෙම වෙබ් අඩවිය ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතාට සහාය දක්වන ලද එකකි.

මෙම පොලිස් කණ්ඩායමට ජේෂ්ඨ පොලිස් පරික්ෂකවරුන් දෙදෙනෙක්, කාන්තා පොලිස් නිලධාරිනියන දෙනෛක්, පොලිස් කොස්තාපල්වරු 10 දෙනෙක් සහ සිවිල් පුද්ගලයින් හතර දෙනෙකුද ඇතුලත් වී තිබේ.

 

මෙම  සොදිසි කිරීම ස දහා ගෙන එන ලද වරෙන්තුව 2018 වර්ශයේ දෙසැම්බර් මාසයට අදාළ එකක් වූ නමුත් මාධ්‍ය ආයතනය සෝදිසි කිරීම සද හා කැමැත්තෙන්ම ඉඩ දී තිබේ. ආයතනයේ පරිගණකයන්හි ගෝටා යන වචනය ඇත්දැයි මෙම නිලධාරීන් විසින් සෝදිසි කර ඇත. එනමුත් කිසිදු නීති විරෝධී ක්‍රියාවකට සම්බන්ධ කිසිදු ලේඛනයක් ආයතනයෙන් සොයා ගැනීමට නොහැකි වී තිබේ.

මෙම සොදිසි කිරීම කරන ලද්දේ එහි වෛර ප්‍රකාශණ මුද්‍රණය කරන බවට ලද පැමිණිලලක් උඩ යැයි පොලිස් පරීක්ෂකවරයා මාධ්‍යට කියා ඇති නමුත් එවැනි කිසිදු පැමිණිල්ලක් ගැන කීමට  සෝදිසි කණ්ඩායම සමත් වී නැත.

මෙම සොදිසිය ගැන අදහස් දැක්වූ හනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු මාධ්‍ය අධ්‍යක්ෂ ධනුෂ්ක රාමනායක  කියා සිටියේ වලංගු සෝදිසි වරෙන්තුවක් හෝ නොමැතිව එවැනි පරීක්ෂාවන් සිදුකරමින් එවැනි ආයතන බියවැද්දීමට ගන්නා උත්සාහයන් හෙළාදකින බවයි. මෙය මාධ්‍ය මර්ධනයකැයි ද ඔහු ප්‍රකාශ කළේ ය.

අද සවස ටවිටර් පණිවිඩයක් යවන හිටපු මුදල් ඇමැති මංගල සමරවිර මහතා ප්‍රකාශ කලේ සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක්වූ දලිඩර්ඩෙට්එල්කේ නම් වෙබ් අඩවියේ ප්‍රවෘත්ති නිවේදක සංජය දනුෂ්කගෙන් අද රහස් පොලීසය පැය 08ක් ප්‍රශ්ණ කළ අතර ඊ ලගට සිය මාධ්‍ය ප්‍රධානියා වූ රැවන් පර්ඩින්ඩස්  ගොදුරු බවට පත් විය හැකි බවයි.

එම ටිවිටය  පහත දැක්වේ.


 

 

Archive

Latest news

Related news