Tuesday, July 16, 2024

මැතිවරණ ප්‍රචාරක කටයුතු: නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් සමාජ මාධ්‍ය පරීශීලකයන්ද සිය කැපවීම පෙන්විය යුතුයි. –

ශ්‍රී ලංකාවේ 7වන විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම එළඹෙන නොවැම්බර් 16 වනදා පැවැත්වීමට නියමිතය. එම ජනාධිපතිවරණයට අදාළව විද්‍යුත් හා මුද්‍රිත ඇතුලු සියලු මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා අපේක්ෂකයන්ට සහ දේශපාලන පක්ෂවලට ලැබුණු කාලය අද (13) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.

නමුත්,මේ වන විට ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ඇති සියලු අපේක්ෂකයින් අන්තර්ජාල මාධ්‍ය තුළ සිය ප්‍රචාරණ කටයුතු සිදු කිරීමට වැඩි උනන්දුවක් දක්වන බවක් පෙනෙන්නට තිබේ. Facebook, YouTube සහ Twitter වැනි සමාජ මාධ්‍ය ජාල සහ වේදිකාවන් ඉතාමත් වැඩි වශයෙන් භාවිතා කිරීමට පෙළඹී තිබේ. පසුගිය වසර කිහිපය තුළ මැතිවරණ සමයේ දී අපට දක්නට ලැබුණේ ප්‍රචාරණ කටයුතු සිදු කිරීම නීත්‍යානූකුලව අවසන්ව ඇතැයි මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශ කර සිටියදී පවා සමාජ මාධ්‍ය තුළ විවිධ අක්ෂකයන් තමන්ගේ ප්‍රචාරණ කටයුතු රිසි ලෙස සිදු කරන බවය.

මෙම ප්‍රවණතාවය නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා යහපත් තත්ත්වයක් නොවන බව අපගේ හැගීමයි. මැතිවරණයට අදාල ප්‍රචාරණ කටයුතු නීත්‍යනූකූල ලෙස අවසන් කර ඇති තත්ත්වයක, ප්‍රචාරණ කටයුතු ‘සමාජ මාධ්‍ය’ තුළ සිදු කිරීම, ‘යහපත්’ සහ ‘වගකීම් සහගත සමාජ මාධ්‍ය ක්‍රියාවලියක්’ සඳහා එල්ල කරන්නේ බරපතල පහරකි. එම නිසා විද්‍යුත්, මුද්‍රිත ඇතුලු අනිකුත් ප්‍රචාරණ කටයුතු අවසන් කරන කාල සීමාවේම සමාජ මාධ්‍ය ජාලවල හා එම වේදිකාවන් හී සිදුකරන ප්‍රචාරණ කටයුතු නවතා දැමීම මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන්ගේ මූලික වගකීමකි. එම වගකීම ක්‍රියාවෙන් ඔප්පු කර නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් තමන්ගේ ඇති කැපවීම පෙන්වන ලෙස අපි ඉල්ලා සිටිමු.

 

 

එසේම එම අපේක්ෂකයන් වෙනුවෙන් සිය ප්‍රචාරණ කටයුතු සිදු කරමින් සිටින මෙන්ම, සිය අපේක්ෂකයා වෙනුවෙන් ඡන්දය භාවිතා කිරීමට සිටින සමාජ ජාල පරීශිලකයන්ගේ ද වගකීම වන්නේ අදාළ කාල සීමාව තුළ ජනාධිපතිවරණ මැතිවරණයට අදාල කිසිදු ප්‍රචාරණ කටයුත්තක් සිදු නොකිරීමයි. එය සමාජ වගකීමක් ඇති සමාජ මාධ්‍ය ජාල හා එම වේදිකාවන් පරීශිලනය කරන ඔනෑම තැනැත්තකුගේ මූලික වගකීමක් ලෙස ‘අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වය’ දකියි.

එම වගකීම ඉටු කිරීම වෙනුවෙන් ක්‍රියා කිරීම වනා හී මූලික වශයෙන් අපට නොමිලයේ සැපයෙන මෙම මා හැඟී සන්නිවේදන වේදිකාවන් යහපත් තත්ත්වයෙන්, බාධාවකින් හෝ අවහිරයකින් තොරව තබා ගැනීමටත්, එහි උපරිම ප්‍රයෝජනය ලබා ගැනීමටත් අප විසින් දැක්විය යුතු අනිවාර්ය දායකත්වයකි.

එසේම බොරු ප්‍රචාර, නොමඟ යවන සුළු අන්තර්ගතයන්, වෛරී ප්‍රකාශ වැනි දේ සිදු නොකර, පවතින මැතිවරණ නීති රීති සහ මාධ්‍ය උපමානවලට අනුව, විශේෂයෙන් ආචාරධාර්මිකව මෙන්ම ‘සමාජ වගකීමකින්’ යුතුව සිය සමාජ මාධ්‍ය වේදිකාවන් භාවිතා කරන ලෙස සියලු සමාජ මාධ්‍ය පරිශිලකයින්ගෙන්, වෙබ් පරිශිලකයින්ගෙන් සහ ඒවා මෙහෙය වන්නන්ගෙන් ද අපි ඉල්ලා සිටිමු.

ඒ හුදෙක්ම යහපත්, සමාජ වගකීමක් සහිත සමාජ මාධ්‍ය භාවිතාවක් සඳහා වන අපේක්ෂාව පෙරදැරි කරගෙනය.

සම්පත් සමරකෝන්, @sampathslk

කැදවුම්කරු,අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වය @IMAlanka

+94 777 248304

සමාජ වගකීමක් සහිත සමාජ මාධ්‍ය භාවිතය’ පිළිබද වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න. www.socialmedialanka.org

මාධ්‍ය නිවේදනය 2019 නොවැම්බර් 13 | කොළඹ/ www.imalanka.org | Email: [email protected]

Archive

Latest news

Related news