Monday, May 20, 2024

ඉවොන් පොන්සන් ඝාතක ජූඩ් ඇන්තනිට සමාව දුන් ජනපති සිරිසේනට ඇයගේ සොයුරිය ලියූ විවෘත ලිපිය

yvonne Johnson.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

මා මේ ලියුම ලියන්නේ ඔබට ය. එනමුත් ඔබ කිසිදමෙය නොකියවන්නට ඉඩ තිබේ. ඔබ මගේ සොයුරියගේ ඝාතකයාට සමාව දීමට තොරා ගත්තේ දිගු සති අන්තයක සෙනසුරාදවෙ රැය ය. එමගින් හැකිතාක් දුරට ඔබේ ක්‍රියාවට මුහණ දීමට දිගු දවස් ගණනාවක් ලබා ගත්තේ ය. දියණියන් දෙදෙනෙකුගේ පියකු වන ඔබ මෙම රකුසා නිදහස් කිරීමට තීරණය කළේ ඇයි දැයි සිතන්නට පටන් ගන්නටවත් මට නොහැකි ය. ඒ රාත්‍රියෙහි මා සොයුරිය විඳ වූ සෑම තුවාලයක්ම මම දනිමි. ඒ දීර්ඝ ලැයිස්තුව ම මට මෙහි ලිවිය හැකි ය. ඛේදයක් සේ ඒ සම්පූර්ණ ලැයිස්තුවම මගේ මතකයේ තිබේ. එසේ නමුත් මා මාපියන් යළි ඒ සියල්ළ යළි ආවර්ජනය කරනු වළක්වන්නට මට අවශ්‍ය ය. ඒ රැයෙහි ඇය මුහුණ දුන් බියකරු බව ගැන සිතීම නවත්වා ගන්නට මට නොහැකි ය. ඇය ඇගේ ජිවිතය බේරා ගැනීම පිනිස දිව ගියේ බිද දමා තිබූ විලුඹ වලිනි. මෙම ඝාතකයා නිදහස් කරනු පිනිස ඔබ නිසි ක්‍රියාමාර්ග අනුගමනය නොකළ බව මම දනිමි. අඩුම වශයෙන් එම නඩුවේ තීරණය කියවා බැලීමවත් ඔබ කාලයක් ගත්තේ ද?

මිනීමරුවකු විසින් පවුලක් මත ඇති කරන චේදනාවක්, එක් නැතිවයාමක් පසුපසින් තවත් නැතිවයාමක් ඇති වන හැටිත් අන්කිසිවකු කවරදාක හෝ සමස්ත වශයෙන් තේරුම් ගන්නේ නැත. එම මරණය සමග සිත්හදා ගැනීමට නොහැකි වූ මිතුරු මිතුරියන් අප, අපේ රට යැයි කී රට ද අපවම ද අපට නැති විය. අගාධයකට ඇද නොවැටෙනු පිනිස, මා මාපියන් ද මා ද සෑම විටම එකිනෙකා බලා කියා ගත්තෙමු. හොදින් සහ සාමාන්‍ය පරිදි ඉන්නා බව මතුපිටින් පෙන්නුම් කිරීම විසින් ද පීඩනයක් සහ විපාකයන් ඇති කරයි. අප ඒ බව හොදින් දන්නෙමු. එසේවතුදු මිනීමරුවා අපෙන් තවත් කිසිවකු පැහැර නොගන්නා බව සහතික කර ගැනීමට තිබූ එකම ක්‍රමය එය විය. ජනයා ඉදිරියෙහි ඉතා ශක්තිමකත් වූ මා පියා නිවස තුල කඩා වැටුනු මිනිසකු වන හැටි මට දැක්ක හැකි විය.

ජනාධිපතිතුමනි, නින්දෙහි දී හැඬීම නතර කර ගැනීමට මගේ පියාට කොපමණ වසර ගණනාවක් අවශ්‍ය වී දැයි ඔබ දන්නේ ද? මගේ මවට සිය කුළුදුල් දරුවාට කුමක් සිදුව දැයි තේරුම් ගැනීමට හෝ කියා ගැනීමට බැරි විය.

ඇය විය යුතු පරිදිම දැන් මා ගැන ඉතාම ආරක්ෂාකාරී ය. අපේ සමීපතමයන් කිසි විටෙක එය තේරුම් ගත්තේ නැත. එනමුත් මම එය තේරුම්ගත් බැවින් සෑම විටම අම්මාගේ පැත්ත ගනිමි. පුංචි දැරිවියකගේ අම්මා වීමෙන් පසු දැන් මම එය වඩා වඩා තේරුම් ගනිමි.

මා සොයුරිය මියගිය අවස්ථාවෙහි මා පෙලුණු හිස් බවත් ඉච්චාභංගත්වයත් මට මතක ය. මෙම සමාව දීම ඇත්තක් යැයි යන පුවත ඇසූ තැන් පටන් මා එහෙම පිටින්ම වාගේ අද්දර තල්ලු වී ගොසිනි. මා වේව්ලුම්කෑම නතර වී ද නැත.

සාමාන්‍ය තත්වයට ළගාවීම පිනිස මට වසර දහයක් තරම් ගත විය. මෙන්න, මා දැන් යළි එම අඳුරු කුහරයේ ය. සියල්ලටමත් වඩා ඇයට අැයගේ අම්මා ඕනෑ කරන සිවිමස් වියැති දියණියක මට සිටී, මා එය දනිමි. මේ වනාහී මගේ අතුලාන්ත ශක්තිය පිළීබඳ මහමැ පරීක්ෂාව වනු ඇත. මෙම වේදනාව සමඟ ජීවත්විමට මා පුරදු වූයෙමි. එය මා අද කවරකු ද යන්නෙහි බැඳුණූ කොටසකි. මෙවැනි වේදනාවක් කිසි දා සුව නොවෙි. එය ඔබ සමඟම මුහුකුරා යයි. එම වේදනාව සමඟ මම යෞවනියක ලෙස, අනතුරුව වැඩිහිටියකු ලෙස හිත හදා ගත් මම සහ දැන් මවක ලෙස හිත හදා ගනිමි. මේ වේදනාව මුහුකුරා යමින් එහි බලපෑම මා මත. මා සාමයෙන් සැතපෙන දා තෙක්ම පවතිනු ඇති බව මම දනිමි.

අවසාන් වශයෙන් ජනාධිපතිතුමනි, දැන් ඔබ යළිත් වතාවක් මෙකී නොඉවසියහැකි වේදනාව අප මත පතිත කර ඇති හෙයින් අපට ද මෑත සිදුවීම් සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළකර ඇති සියලු දෙනාට ද ඔබ මෙම සමාව දීමට මැදිහත් වූයේ ඇයිදැ ය දැන ගැනීමේ අයිතියක් තිබේ. ශ්‍රී ලංකාවේ සිරගෙවල් හි සුලු අපරාධ වෙනුවෙන් සිරගත වු අපමණ මිනිස්සු සිටිති. නමුත් ඔබ සමාව දීමට තීරණය කරන ලද්දේ සිතාමතා මිනීමරුමකට දඩුවම් ලද සිරකරුවකුට ය. එමගින් ඔබ විසින් කරන ලද්දේ ඔබ රටෙ හි ඉහළ ම අධිකරණය හෑල්ලු කිරීමකි. ඔබේ කතාවෙහි දෙන ලද හේතු කිසිසේත් ම මිනීමරුවකුට සමාව දීම සාධාරණ නො කරයි. ඔබේ කතාවෙන් පසු ඇතිව තිබෙන නිහඩතවය විසින් ඔබේ තීරණයේ සැබැ හේතුව අපට කිසි දිනෙක දැනගන්නට නො ලැබෙනු ඇතැයි මා බියට පත් කරයි. දැන් ඔබ ද, දෝෂ සහගත හේතු සාධක උඩ, මෙම මරණයට සදාකාලිකව සම්බන්ධ වී තිබේ. මා සොයුරියට සිදු වූ දේ ත් අනතුරුව මගේ පවුල විදි වේදනාවත් නිවැරදි කිරීමට කිසිදු ක්‍රියාවකට නොහැක. එනමුත් ඔබ කර ඇත්තේ ඔබේ ධුරකාලයේ අවසානයෙහි ජනාධිපති බලතල පාවිච්චි කිරීම මගින් එම තත්වය නරකම තත්වයක් දක්වා උත්සන්න කිරීමකි.

මෙයට

කැරෙලින් ජොන්ස්සන් බ්‍රැඩ්ලි.

ඇයගේ මුහුණු පොතන් උපුට ගෙන පරිවර්ථනය කරන ලදී. ©SLB

 

Archive

Latest news

Related news