“අපේ සමාජයේ පහුගිය කාලේ නැගිටලා තියෙන්නේ අනිකාට විරුද්ධව පමණයි. අනෙකාට විරුද්ධව නැගිටිම ලේසියි. ලංකාවේ ලොකුම ස්වේච්ඡා ජනතා නැගිටිම ඉන්දු -ලංකා ගිවිසුමට විරුද්ධව නැගිටිම. ඒක ඇති වුනේ දෙමල මිනිසුන්ට විරුද්ධව. අපට බැහැ අසාධාරණයෙන් මිනිසුන් නැගිටුවන්න. අයිතිවාසිකම් පිලිබඳ මුලිකවම සටන් කරන්න බැරි දේ තමා අප රටේ ජනවාර්ගික සාමයක් නැතිකම. මෙහි සාමයක් නැති තැන අපට අයිතිවාසිකම් පිලිබඳ කථා කරන්න බැහැ. අපි මේ ප්‍රශ්නයට මුහුණ දිය යුතුයි.
රටේ දේශපාලන පංතියට අයිතියක් තියෙනවා. ඕනෑම ජරා වැඩක් කරන්න. අපි මේ ප්‍රශ්නයට මුහුණ දෙන්නේ නැත්නම් අපිට අනිත් අයිතිවාසිකම් පිලිබඳ කථා කරන්න බැහැ. දරුණු ප්‍රචණ්ඩත්වයක් මේ සමාජයේ තියෙන්නේ. පල්ලේවෙල කසිප්පු බිලා මිනිස්සු මැරෙද්දි ජනාධිපතිතුමා කිව්වේ ඔය මිනිස්සු මැරෙන එක හොඳයි කියලා. මිනිහෙක් මැරෙන එක හොඳයි කියන්න ජනාධිපති කෙනෙක් ඉන්නවා නම් ඒ කිමට අත්පුඩි ගහන්න දහ දාහක් ඉන්නවනම් ඒකෙන් පේන්නේ අපේ සමාජයේ ප්‍රචණ්ඩත්වයට මොනතරම් කැමතිද කියලා. මේ ප්‍රචණ්ඩත්වය 1971 සිට මම දැක තිබේ. අපේ සමාජයේ තියෙන ප්‍රචණ්ඩත්වය තමා අපේ පොලීසිය තුල තියෙන්නේ.
මම දන්න විදිහට විජේතුංග ජනාධිපතිගෙන් පසුව මේ රටේ ජනාධිපති පුටුවට ආපු හැම කෙනෙක්ම කුණු හරුපෙන් විරුද්ධවාදින්ට බැනලා තියෙනවා. ජනාධිපති කුණු හරුපෙන් බනින රටක අපි කොහොමද පොලිසය හදන්නේ? මේ ප්‍රශ්න අපි සමාජයේ සාකච්ඡාවට ගත යුතුයි. මේ ප්‍රශ්න දෙක දේශපාලන වශයෙන් අපට විසඳන්න බැරිනම් අයිතිවාසිකම් පිලිබඳ ප්‍රශ්නය විසඳිම අමාරුයි.”
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය මහතා ඒ අදහස් පලකලේ ඊයේ (07) පැවති “ජෙරාඩ් මර්වින් පෙරේරා සිද්ධිය හා ලංකාවේ නීති ක්‍රමයේ ඛේදවාචකය” මැයෙන් වූ මහජන මන්ත්‍රණ සභාව අමතමිනි. එය 2003 වසරේ වත්තල පොලිසිය විසින් ඝාතනය කල ජෙරාඩ් මර්වින් පෙරේරාගේ වධහිංසා නඩුවට අවුරුදු 16ක කාලයට පසු ප්‍රමාද වී ලැබුනු යුක්තිය පිළිබඳව සහ අධිකරණයන්හි නඩු ප්‍රමාදය පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණින් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් සංවිධානය කර තිබුණි. (www.aithiya.lk)