Wednesday, May 8, 2024

ගෝටා ගේ නීතිය නොහොත් නීතිය බලුකොට පුරවැසිකම් හා පාස්පෝට් ගත් හැටි

  • පුරවැසි පනත යටතේ ඉදිරිපත් කළ යුතු ඉල්ලුම් පත්‍ර දී නැහැ.

  • නව ගමන් බලපත්‍රයක් ගත්තේ පෙනී සිටින්නේ නැතිව.

  • නව ගමන් බලපත්‍රයට නව හැදුනම් පත් අංකයක් දමා කොළේ වහලා ගැහිල්ලක්.

පසුගිය මැයි මාසයේ දී ගෝටාභය රාජපක්ෂල සිය ද්විත්ව පුරවැසි භාවය වසන් කොට  නව ගමන් බලපත්‍රයක් ආගමන සහ විගමන දෙපාර්ථමේන්තුවෙන් ලබා ගත්තේ කෙසේ දැයි කුකුසක් දැන් ඇතිව තිබේ.

ආගමන විගමන නිලධාරීන්ට අනුව ද්විත්ව පුරවැසියකු සාමන්‍ය ශ්‍රී ලාංකික පුරවැසියකු වීමට නම් පුරවැසි පනත යටතේ නිල වශයෙන් ඉල්ලුම් පත්‍රයක් යැවිය යුතුය. ගෝටාභය එවැනි ඉල්ලුම් පත්‍රයක් නොයවා තමන් ද්විත්ව පුරවැසියකු බව සඳහන් නොවන ගමන් බල පත්‍රයක් ලබා ගෙන තිබේ.

ගෝඨාභයගේ ගමන් බලපත්‍ර ඉල්ලුම්පත හදිසි සේ සඳහන් කොට ඉදිරිපත් කර ඇත්තේ පසුගිය මැයි 07දා සවස තුන පසුවීය. සවස තුන පසුවී එවැනි ඉල්ලුම් පත්‍ර බාර ගනු ලැබෙන්නේ නැත. ඇඟිලි සළකුණු දිම සඳහා ගෝටාභය එම දෙපාර්ථමේන්තුවට පැමිණියේ ද නැත. එසේ තිබියදීත් නව හැදුනුම් පත  පැය කිහිපයක් ඇතුළත දී නව ජාතික හැදුනුම් පත් අංකයක් ඇතිව නිකුත් කර තිබේ. හැදුනුම් පත් අංකයක් ලෙහෙසියෙන් වෙනස් කර ගත නොහැක.

මෙළෙස නව හැදුනුම පත් අංකයක් සඳහන් කිරීම නිසා ආගමන-විගමන දෙපාර්ථමෙන්තුවේ පරිගණකයන්ට ගෝටාභය රාජපක්ෂගේ ද්විත්ව පුරවැසි බව දැන ගැනීමට නොහැකි විය. න්‍යායාත්මකව බලන විට මෙළෙස නව හැදුනුම් පත් අංකයක් ඉදිරිපත් කිරීම ගෝටාභය රාජපක්ෂට ද්විත්ව පුරවැසියකු අනුගමනය කළ යුතු නිසි නීති ක්‍රියාදාමය මඟහැර යාමට උදව් වුවා විය හැක.

ද්විත්ව පුරවැසිබව ලබා දීම සහමුලින්ම අදාළ ඇමැතිවරයාගේ අයිතියකි. එය ප්‍රශ්ණ කළ නොහැකි අධිකාරී බලයකි.

පුරවැසි පනතේ 19වන වගන්තිය අනුව ඇමැතිවරයා/වරිය ඉල්ලීමක සියලු කාරණා අනුව ශ්‍රී ලංකාවේ යහපතට හේතු වේ යැයි තීරණය කරන්නේ නම් පුද්ගලයකුට ද්විත්ව පුරවැසි බව ලබා දිය හැකි ය. එමෙන්ම ‘ශ්‍රී ලංකාවේ අයහපතට හේතු වන්නේ නම’ ද්විත්ව පුරවැසි බව අහෝසි කිරීමට ද ඇමැතිවරයා/වරියට අයිතිය තිබේ.

ද්විත්ව පුරවැසියකුට සාමාන්‍ය ශ්‍රී ලාංකික පුරවැසියකු වීමට අවශ්‍ය නම් එම පුද්ගලයා පුරවැසි පනත යටතේ ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතුය. එය ලබා දීම මෙයද ඇමැතිවරයා/වරිය සතු බලයකි.

ශ්‍රේෂ්ඨාධිකරණයට ගෝටාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කරන ලද දිව්රුම් පෙත්සමකට අනුව ඔහු 2005 වසරෙහිදී ශ්‍රී ලංකාවට පැමිණියේ සිය සහෝදරයාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට සහය දීමට ය. ඒ් වන විට ඔහු ඇමෙරිකානු පුරවැසියකු වූ අතර ශ්‍රී ලංකා පුරවැසිබව ඔහුට තිබුණේ නැත. ආගමන විගමන වාර්තාවන්‌ට අනුව ඔහු ලංකාවට පැමිණියේ ඇමෙරිකානු ගමන් බල පත්‍රය ඇතිව සංචාරක වීසා ලබාගැනීම මගිනි. සිය සහෝදරයා වූ මහින්ද රාජපක්ෂ ජනාධිපති වශයෙන් දිව්රුම් දුන් 2005 නොවැම්බර් 18දා ම ඔහු ද්විත්ව පුරවැසිබව සඳහා ඉල්ලීමක් ඉදිරිපත් කළේ ය.

එසේ නමුත් මැතිවරණ ජන්දදායක ලැයිසතුවට අනුව 2005 ජනාධිපතිවරණය සඳහා එවකට මෙරට පුරවැසියකු නොවූ ගෝටාභය රාජපක්ෂ ද ලියා පදංචි වී සිට තිබේ. ඔහු ලියා පදිංචි වී ඇත්තේ මැදමූලන, වීරකැටිය අංක 114 දරන තැන 130 යන ජන්දදායක අංකය යටතේ ය. එම ලිපිනයෙහිම රාජපක්ෂ පර්සි මහේන්ද්‍ර සහ ඔහුගේ බිරිය වන රාජපක්ෂ ශිරන්ති ද ගෝටාභය රාජපක්ෂගේ ඇමෙරිකානු පුරවැසි බිරිද වන රාජපක්ෂ ලෝමා සහ චමල් රාජපක්ෂ ද ලියා පදිංචි වී තිබුණි.

පුදුම නමුත් ඇත්තය. හෙරට ජන්ද නාම ලේඛන වලට නම ඇතුල් කිරීම දඩුවම් ලැබිය යුතු වරදකි.

පුදුමයකට මෙන් ගෝටාභය රාජපක්ෂගේ ද්විත්ව පුරවැසිභාවයට අදාළ කිසිදු ලේඛනයක් ආගමන දෙපාර්ථ‌මේන්තුවෙහි සොයා ගැනීමට පරීක්ෂකයින් සමත් වී නැත. ඇති එකම ලියැවිල්ල නම් ඔහු 2015 නොවැම්බර් 18දා ද්විත්ව පුරවැසි බව සඳහා කළ ඉල්ලීම පමණි.

එම ඉල්ලීම ඊළඟ වැඩ දිනය වූ නොවැ. 21 දා අනුමත කර තිබේ. නමුත් ඒ් වන විට ඇමැතිවරයකු/වරියක පත් කර තිබුණේ නැත. එවැන ඉල්ලිම් රැසක් ඒ් වන විට තිබුණද ගෝටාභයගේ ඉල්ලීම උඩට ගෙන තිබේ. ඇමැතිවරයකු/වරියකු නැතිව ද්විත්ව පුරවැසිබව ලැබුණේ කෙසේ ද?

ගෝටාභයට නොවැම්බර් 21දා ද්විත්ව පුරවැසි බව ලැබූ නමුත් ඔහුට අදාළ අවශ්‍ය තොරතුරු ආගමන විගමන පරිගණක පද්දතියට ඇත්ල කර ඇත්තේ 2014 ජනවාරි 13 දා ය. එවැනි තත්වයක් යටතේ නිලධාරීන් විසින් සැබෑ තත්වය සොයා බැලීමට පියවර ගත යුතුව තිබුණි.

ඒසේ නමුත් ගෝටාභය රාජපක්ෂට ද්විත්ව පුරවැසිබව ලබා දීමට අදාළ ඉල්ලුම්පත, මුදල් ගෙවු කුවිතාන්සි, ඉදිරිපත් කළ යුතු වූ  ද්විත්ව පුරවැසි සහතිකය සොයා ගැනීමට නැත. මේ වනාහී මෙරට සිටි ආරක්ෂක ලේකම්වරයාට අදාළ ලිපි ගොනු ය. ගෝටාභය රාජපක්ෂ කිසිම විටෙක ද්විත්ව පුරවැසි සහතිකය ඉදිරිපත් කළ බවට සාක්ෂියක් නැත.

මෙම ලිපි ගොනු නොමැතිවීම හෝ අස්ථානගතවීම නිලධාරීන් විසින් අපරාධ පරීක්ෂන දෙපාර්ථමේන්තුවට වාර්තා කළ යුතුව තිබූ නමුත් ඒවැන්නක් ද සිදුව නැත.

මේ වනාහී රාජපක්ෂවරැන් යටතේ නීතිය ක්‍රියාත්මක වූ හැටි ය. මෙරට ජනාධිපතිවිමට අර අදින පුද්ගලයකු ආරක්ෂ ඇමැති ලෙස නීතිය තුට්ටුවකට වත් නොසැළකූ බවට මිට වඩා සාක්ෂි අවහශ්‍ය ද? ඒවැනි අයකු ජනාධිපතිවුවහොත් මෙරට නීතිය කියා දෙයක් ඉතිරිවනු ඇත්ද?

© SLB

(ඩේලි එෆ් ටී පුවත් පතෙහි අගෝස්තු 05දා පළ වූ ලිපියක සදහන් කරුණු ඇසුරිනි.)

 

 

 

Archive

Latest news

Related news