Saturday, April 20, 2024

ගාමිණී ලොකුගේගේ කට නිසා අසරණයන්ට නොමිලේ ආහාර දෙන ජනපෝෂ ව්‍යාපෘතිය නවතී

පොදු ජන පෙරමුණෙහි නායකුයකු වන ගාමිණී ලොකුගේ වීසින් දිවයින පුවත් පත හරහා ගෙන යන ලද විෂ ප්‍රචාරයක් හේතුවෙන්  අසරණ ජනතාව වෙනුවෙන් වසර ගණනක් පුරා සේවය සැපයු ජනපෝෂ පදනම සිය නොමිලයේ ආහාර බෙදා දීමේ ව්‍යාපෘතිය වහාම ක්‍රියාත්මකවන පරිදි අත්හිටවන බව ප්‍රකාශ කරයි.

දිවයින පුවත්පත හරහා ගෙන යන ලද එම ප්‍රචාරය මෙසේ ය,

2019 ජුනි මස 25 වනදා සිට මෙලෙස සිය ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිය නවතා දමන බව තමන් දන්වා සිටින්නේ දැඩි කණස්සල්ලෙන් සහ කම්පාවෙන් බව ද එම නිවේදනයේ ප්‍රකාශ කරයි

ජනපෝෂ ව්‍යාපෘතිය 2012 වසරේ පටන් නිහඬව ම මෙරට දුගී සහ අවම වරප්‍රසාද ලාභී ප්‍රජාව වෙනුවෙන් දැවැන්ත මෙහෙවරක් ඉටු කළ බව බොහෝ දෙනෙකු නොදන්නා කරුණකි.

සැබෑ ශ්‍රී ලාංකේය සංවිධානයක් ලෙස එම පදනම උපකාරයක් අපේක්ෂාවෙන් තමන් වෙතට පැමිණෙන සියලුදෙනා හට සිය සෙනෙහසේ දෑත දිගු කළේය.

මෙරට ප්‍රධාන රෝහල් වෙත පැමිණෙන ජනතාවගෙන් බහුතරයක් දෙනා තම ආදරණීයයන්ගේ රෝගී තත්ත්ව හේතුවෙන් දුරුකතර ගෙවා දමමින් රෝහල් වෙත පැමිණෙන බවත්, තමන් අත ඇති සුළු මුදල ඉතිරි කර ගැනීමට හෝ තම කුසගින්න පිළිබඳ කල්පනා කිරීමට තරම්වත් වෙලාවක් නොමැති වීම නිසා හෝ ඔවුන් අසරණභාවය කරපින්නාගෙන සිටින බව ජනපෝෂ පදනම ආරම්භයේ පටන් ම හඳුනා ගත්තේය.

තම සහෝදර ජනතාව තවදුරටත් කුසගින්නෙන් අසරණ නොවිය යුතුය යන තිර අදිටනින් යුතුව එම පදනම ආරම්භයක් ලෙස කොළඹ මහ රෝහල අසල නොමිලයේ ආහාර බෙදාදීමේ ව්‍යාපෘතිය සදහා මුල පුරන ලදී.

කළුබෝවිල ශික්ෂණ රෝහලට සහ මහරගම අපේක්ෂා රෝහලට පැමිණෙන අසරණ ජනතාව ද දෛනිකව අත්විඳින මෙම අපහසුතාවන් හඳුනාගත් එම පදනම පිළිවෙලින් 2016 සහ 2017 වසරවලදී එම රෝහල් පරිශ්‍ර තුළ ද සිය සද්කාර්යය දියත් කළේය.

මේ දක්වා ජනපෝෂ පදනම මගින් වාර්ෂිකව සේවය ලබා ගත් මිලියන බාගයකට අසන්න වූ ජනතාව සිය ආගම, ජාතිය සහ කුලය යනාදිය නොසලකා හැර සහෝදරත්වයෙන් යුතුව ජනපෝෂ පදනම විසින් සපයන ලද ආහාර වේල් හරහා සිය කුසගිනි නිවා ගත්හ.

තවද, තමන් සෙත සලසන අඩු වරප්‍රසාද ලාභී පවුල්වල සුබසිද්ධිය සඳහා ද එම පදනම සුවිසල් මෙහෙවරක් ඉටුකර ඇත.

කෙසේවෙතත්, අසරණයන්ට පිහිටවීමේ මනුෂ්‍යත්වය පමණක් පදනම් කර ගත් ජනපෝෂ පදනමේ කටයුතු වරදවා වටහා ගනිමින් විවිධ පාර්ශ්ව මගින් එල්ල වූ චෝදනා හේතුවෙන් වගකීම්සහගත ලෙස රට තුළ පවත්නා තත්ත්වය ද සැලකිල්ලට ගනිමින් තමන් වහාම ක්‍රියාත්මකවන පරිදි කොළඹ මහ රෝහල, කළුබෝවිල ශික්ෂණ රෝහල සහ මහරගම අපේක්ෂා රෝහලේ මෙහෙයුම් කටයුතු මෙතෙකින් සමාප්ත කරන බව එම පදනම ඉතා සංවේදී ලෙස නිවේදනයේ දක්වා ඇත.

තවද, මෙම සද් කාර්යය සඳහා අසමසම කැපවීමෙන් කටයුතු කරන විවිධ ජනවර්ගවලට අයත් කාර්යමණ්ඩල සාමාජිකයන් ඉලක්ක කර ගනිමින් යම් ගැටුමක් ඇතිවුවහොත් ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම ද මෙම තීරණයට පදනම් වූ බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

එසේම, මෙතෙක් කලක් අසරණයන්ගේ කුසගිනි නිවීම සදහා දියත් කළ මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම උදෙසා විවිධ අයුරින් සහයෝගය ලබාදුන් සියලු දෙනා වෙත ජනපෝෂ පදනම සිය හෘදයංගම කෘතඥතාව පළකර සිටී.

-අද දෙරණ

Archive

Latest news

Related news