ඔබ ඉතාම මර්ධනකාරී රටක ජීවත් වන බව සිතන්න. මැතිවරණ පවත්වනව. ඒත් ඒවා ව්‍යාජයි. නායකය සැම විටම ඡන්ද වලින් 100% ම අරගන්නව. ආරක්ෂක හමුදා විරුද්ධ පක්ෂ නායකයන්ට පහරදී දඬුවම් නොලබා සිටිනව. ඒ අතරෙ ඹවුන් අනිත්  සියළු අයට හිරිහැර කරනව. මෙය මේ කාමරයේ සිටින නිසාම තමන්ව යම් ලැයිස්තුවකට ඇතුලත්විය හැකි ආකාරයෙ රටක්.

අපි දැන් මෙහෙම සිතමු. ඔබට දැන් මේක ඇතිවෙල තියෙන්නෙ. ඒවගේම මේ ගැන රහසේ කතාකරන තවත් බොහෝ අය ඔබ සමඟ සිටිනව. මම මේ හන්ගර් ගේම්ස් ගැන නෙමෙයි කතාකරන්නෙ. එහෙම වෙනවනම් ඒක නියමයි. ඒත්, අවාසනාවකට, මම දැන් කතා කරන්නේ බොහෝ මිනිසුන්ට ඉන්න සිදුවෙලා තිබෙන සැබෑ ලෝකයේ තත්වයන් ගැනයි.

ඔබ මේ තත්වයට එරෙහිවීමට තීරණය කළහොත්, මෙම පද්ධතියට අභියෝග කිරීමට හා වඩා විශාල වෙනසක් ඇති කිරීමට ඔබට ඇති හොඳම ක්‍රමය කුමක්ද?

මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් මගේ පිළිතුර පසුගිය වසර පහ තුළ වෙනස් වෙල තියෙනව. 2006 වසරෙදී මම CU-Boulder හි දේශපාලන විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය හදාරණ ශිෂ්‍යාවක්. මම දේශපාලන අරමුණු සොයා යාම සඳහා ජනතාව ප්‍රචණ්ඩත්වය භාවිතා කරන්නේ කෙසේද සහ ඇයි යන්න පිළිබඳ මගේ නිබන්ධනය අවසන් කරමින් සිටිය. මම ඒ කරුණ සම්බන්ධයෙන් එදා “ බලය ගලා යන්නේ තුවක්කු බටය හරහායි “ යන අදහසේ සිටියෙ. මම බොහෝ විට කියන්නට තිබුණ, යම් වෙනසක් ඇති කිරීම සඳහා එවැනි අවස්ථාවල මිනිස්සු ප්‍රචණ්ඩත්වය භාවිතා කිරීම, ඒක ඛේදජනක දෙයක් උනත්, තාර්කික දෙයක් කියල

Policy Talks @ the Ford School: Erica Chenoweth on “Why civil resistance works: Strategic alternatives to violence in the 21st century” (Josh Rosenthal Education Fund Lecture)

එරිකා චෙනොවෙච්

ඒත්, ජූනි මාසයේ අවිහිංසාවාදී ගැටුම් පිළිබඳ ජ්‍යාත්‍යාන්තර මධ්‍යස්ථානය විසින් කරන ලද ශාස්ත්‍රීය වැඩමුළුවකට මට ආරාධනා ලැබුන. එහිදී ඔවුන් අපි වැනි අයට නිර්ප්‍රචණ්ඩ විරෝධතා පිළිබඳ සතියක් පුරා මූලික හැඳින්වීමක් ලබාදුන්න අපගේ පාඨමාලා තුළ ඒ ගැණ ඉගැන්වීම දිරිමත් කරන්න. ඒ දේවල් ගැන මගේ තිබ්බ අදහස තමයි, මේ දේවල් වල චේතනාව ඉතාම හොඳයි. ඒත් භයානක ලෙස බොළඳයි කියන එක. ඔවුන් මට කියවීම සඳහා ලබාදුන්න දේවල් වල තර්ක කරල තිබ්බේ  දේශපාලන වෙනස්කම් අත්පත් කර ගැනීම සඳහා ජනතාව සතු  හොඳම මාර්ගය  නිර්ප්‍රචණ්ඩ හෝ සිවිල් ප්‍රතිරෝධය කියන කරුණයි.

එම රචකයන් සිවිල් ප්‍රතිරෝධය දැක්වීම් ලෙස විස්තර කලේ පීඩනය අභිමුඛ කිරීම සඳහා නිරායුධ සිවිල් ජනයා විරෝධතා, පෙළපාලි, වැඩවර්ජන, වර්ජනය කිරීම් සහ විවිධ ආකාරයේ සහයෝගීතාවෙන් ක්‍රියා නොකිරීමේ මහජන ක්‍රියාමාර්ගයන් වැනි උපක්‍රම භාවිතා කරන සක්‍රීය ආකාරයේ ගැටුම් ආකාරයක් පිළිබඳවයි.  ඔවුන් මේ සඳහා උදාහරණ ලෙස 2000 වසරේ ඔක්තෝබරයේ දී බෝල්කන්හි මස්වැද්දා ලෙස හඳුන්වනු ලැබූ ස්ලෝබොඩන් මිලොසිවික් පහකර දැමූ නිර්ප්‍රචණ්ඩ විප්ලවය සිදුවූ සර්බියාව, 1986 වසරේදී  පීපල්ස් පවර් ව්‍යාපාරය විසින් ෆර්ඩිනන්ඩ් මාකෝස් බලයෙන් පහකර දැමූ පිලිපීනය ඉදිරිපත් කලා.

එතකොට මම ඒ වැඩ මුළුවෙදී මේ වගේ දේවල් පැවසුව. හොඳයි, ඹයගොල්ලො ඉදිරිපත්කරණ ඔය සියළුම සාර්ථක අවස්ථා සඳහා මට ඒවැනි දේවල් අසාර්ථකවුන අවස්ථා සිතාගන්න පුළුවන්, තියන්නාම් චතුරශ්‍රය වගේ. ඒ වගේම ප්‍රචණ්ඩත්වය ඉතා හොදින් සාර්ථක වූ විවිධ අවස්ථා ගැනත් මට සිතන්නට පුළුවන්, ඇල්ජීරියානු, ප්‍රංශ සහ රුසියානු විප්ලවය වගේ. සමහරවිට, කම්කරු අයිතීන් දිනාගන්න, ලිංගික සමාජභාවය පිළිබඳ අයිතීන් දිනාගන්න හෝ පාරිසරික ප්‍රතිසංස්කරණ සඳහා නිර්ප්‍රචණ්ඩ විරෝධතා සාර්ථක වෙන්න පුළුවන්.

ඒත් ඔබ ඒකාධිපතියෙක් පළවා හරින්න, නව රටක් බවට පත්වන්න උත්සාහ කරනවනම් සාමාන්‍යයෙන් එය සාර්ථක වන්නෙ නැහැ. සර්බියාව සහ පිලිපීනය ගැන සළකා බලත්දි ඒවා බොහෝවිට ව්‍යාතිරේකයන්. කෙසේවත් නිර්ධය විරුද්ධවාදියෙකුට එරෙහිව නිර්ප්‍රචණ්ඩ ප්‍රතිරෝධයක් සාර්ථක වීමට කිසිම හැකියාවක් නැහැ.

සතියේ අවසානය වන විට, ඔබ සිතාගත හැකි පරිදි, මම කොහොමටවත් ජනප්‍රිය කෙනෙක් වුනේ නැහැ.

image-fb-0928723333

මගේ සම කතෘ බවට පසුව පත්වීමට සිටි මාරියා ස්ටෙෆාන් මා වෙත පැමිණ මෙසේ පැවසුව. ඔයා හරි කියල ඔයා හිතනවනම් ඒක ඔප්පු කරන්න. ඔයාට මේ ප්‍රශ්නය ගැණ ආනුභවිකව අධ්‍යනය කරන්න තරම් කුතුහළයක් තිබෙනවද?

එය ( නිර්ප්‍රචණ්ඩ අරගලවල සාර්ථකත්වය) විශ්වාස කළත් නැතත්නො, මේ කරුණ පිළිබඳව කිසිවෙක් ක්‍රමාණුකූලව මීට පෙර අධ්‍යනය කරල නැහැ. මේ පිළිබඳව සැකසහිත බවත් තිබුනත්, මට කුතුහලයක් තිබුණ. ඔවුන් නිවැරදි වුණානම් සහ මම වැරදි නම් මම හිතන්නේ කවුරුහරි ඒදේ  සොයාගත යුතුයි. ඊළඟ වසර දෙක තුළ මම 1900 වසරේ සිට මේ දක්වා විවිධ ආණ්ඩු පෙරළා දැමීම සඳහා සහ භූමි ප්‍රදේශයක විමුක්තිය සඳහා සිදුකරණ ලද සියළුම නිර්ප්‍රචණ්ඩ සහ ප්‍රචණ්ඩ ක්‍රියාකාරීත්ව පිළිබඳ දත්ත එකතු කළා. මෙම දත්ත වලින් මුළු ලෝකයම ආවරණය වුණා සහ අප දන්නා සියළුම ව්‍යාපාර ඇතුළත් වුනා. ඒ තුළ අවම වශයෙන් නිරීක්ෂිත සහභාගිවන්නන් දහස් ගණනක් අඩංගුවෙනව සහ උදාහරණ සියගණනක් ඇතුළත් වෙනව.

ඊට පස්සේ මම දත්ත විශ්ලේෂණය කළා. ඒහි ප්‍රතිඵල මාව විශ්මයට පත්කරා. 1900 වසරේ සිට 2006 වසර දක්වා කාලය තුල නිර්ප්‍රචණ්ඩ ව්‍යාපාර ප්‍රචණ්ඩ ව්‍යාපාරයන්ට සාපේක්ෂව දෙගුණයක ප්‍රමාණයකින් මුළුමණින්ම සාර්ථක වී ඇති බව පෙනෙනව. එපමණක් නොවෙයි, පසුගිය පනස් වසර සම්බන්ධයෙන් ගත් කළ සිවිල් ප්‍රතිරෝධී ව්‍යාපාර සීග්‍රයෙන් වැඩිවෙලා තිබෙනව සහ ඵලදායි වෙලා තිබෙනව.  එයට සාපේක්ෂව ප්‍රචණ්ඩ නැගිටීම් සීග්‍රයෙන් දුර්ලභ වෙලා තියෙනව සහ අසාර්ථක වෙලා තිබෙනව. මෙය නිර්ප්‍රචණ්ඩ විරෝධයන් අසාර්ථකවෙයි යැයි අපේක්ෂාකල දැඩි ලෙස මර්ධනකාරී, ඒකාධිපති තත්වයන් තුළ පවා  සත්‍යයක්.

happiness-in-public-policy-oecd-panel-presentations-13-638

SFPzkpI

එහෙනම් ඇයි සිවිල් විරෝධතා ආයුධ සන්නද්ධ අරගලවලට වඩා බෙහෙවින් සාර්ථක වන්නේ?

පර්යේෂකයන් නිරන්තරයෙන් පෙන්වල තිබෙනව කිසිම රජයකට පවතින්න බැහැ කියල එම රටේ ජනගහණයෙන් සියයට පහක ප්‍රමාණයක් එයට එරෙහිව  සංවිධානය වූවොත්. ඒත් අපගේ දත්ත අනාවරණය කරන්නේ එම සීමාව එයටත් බොහෝ අඩු බවයි. ඇත්තවශයෙන්ම යම් රටක ජනගහණයෙන් 3.5% ක සක්‍රීය සහ තිරසාර සහභාගිත්වයක් අත්පත්කරගත් කිසිම ව්‍යාපාරයක් අසාර්ථකවෙල නැහැ. එමෙන්ම එයටත් අඩු සහභාගිත්වයකින් පවා බොහොමයක් ව්‍යාපාර සාර්ථක වෙල තිබෙනව. ජනහනයෙන් 3.5% කියන්නෙ බරපතළව ගත යුතු දෙයක්. අද දවසෙ ඇමෙරිකාවට අදාලව ගත්තොත් ඒ කියන්නේ මිලියන 11ක් මිනිස්සු.

මෙයත් සැලකිල්ලට ගන්න. සමස්ත ජනගහනයෙන් 3.5% සීමාව ඉක්මවා ගිය සියළුම ව්‍යාපාරවූයේ නිර්ප්‍රචණ්ඩ ව්‍යාපාරයි. ඇත්ත වශයෙන්ම නිර්ප්‍රචණ්ඩ විධික්‍රම ගැණ පමණක් විශ්වාසය තැබූ ව්‍යාපාර සාමාන්‍ය වශයෙන් ගත්කළ ප්‍රචණ්ඩ ව්‍යාපාරවලට වඩා හතර ගුණයක් විශාල වෙලා තිබෙනව.ඒ වගේම එම ව්‍යාපාර ස්ත්‍රී පුරුෂභාවය, වයස, වර්ගය, දේශපාලන පක්ෂය, පංතිය, සහ නාගරික-ග්‍රාමීය වෙනස්කම් අනුව ගත් කළ බොහෝවිට වැඩි නියෝජනයක් පෙන්වනව.

උපුටා ගැනීම