ඩඩ්ලි ‌සේනානායක උදා ගමේ ‌බොරුව සහ ජනයා අන්දන සජිත් ඇන්දෙන හැටි!

657
Dudley Senanayake (1911 - 1973), the Prime Minister of Ceylon, arrives at 10 Downing Street in London for lunch with Harold Wilson, the British Prime Minister, 5th April 1966. (Photo by Leonard Burt/Central Press/Hulton Archive/Getty Images)

අප්‍රේල් මුල සිට තාමත්ම ගමට වතුර එන්නේ දවසටම පැය භාගයක්ය.( මේ වන විට එය දවස් දෙකෙං තුනෙං එන විදියට රී ෂෙඩියුල් කර ඇත)

ඒ එන වතුරත් ටැංකිවලට නගින්ඩ තරංවත් ප්රෙෂර් නැත.

වතුර එවන්නේ කොයි වෙලාවටද කියන එක දන්නේ ප්රජා මූල සංවිධානයේ අප්පුහාමි විතරය.?

අමාත්යවරයාද ටැග් කරමින් මීට මාස දෙකකට පමන පෙර මා දැමූ පෝස්ටුවක් නිසා ඥාව් වුන ලේකම්ලා, සම්බන්ධීකාරකලා රොත්තක්ම මට කතා කොට සති දෙකක් ඇතුලත ගැටලුව විසඳන බවට පොරොන්දු විය.

⁣(මේ වන විට ඇමතිවරයා පවා ටැග් කල නොහැකි ආකාරයෙන් මාව අන්පෙන් කර ඇත.)?

පව්නේ ඉතිං කියලා මම පෝස්ටුව අයිං කර ගෙන දැනට මාස දෙකත් පැන ගොසින්ය.

ගෙවල් 125 කින් පමන සමන්විත එකටම ඈදුනු උදාගම් තුනේම දැනට ඉන්නේ 30 කටත් අඩු පවුල් ගනනකි.

මුලින් 50 ක් විතර හිටියත් වතුර හිගය නිසා එයින්ද බාගයක්ම සිය මුල් ගම් බිම් බලා ගොසිනි.

අඩු ආදායම්ලාභී සෑගිරිගමේ තාමත් බොහෝ දෙනෙක් සිටින්නේ යන්ඩ තැනක් නැති නිසාය.

නමට මධ්‍යම පාන්තික වුනාට මෙලෝ රහක් නැති සේනානායකගමේ අපි පස් හය දෙනෙක් ඉන්නේද යන එන මං නැති නිසාය.

පිරිසක් ගොස් අනුරාධපුර නිවාස සංවර්ධන අධිකාරියට පැමිනිලි කලායිං පස්සේ, අර හිඟන ප්රජා මූල මන්ඩලේ උංගේ ගෑස් හොඳටම වැඩි වෙලාය.

“තොපි පිටගංකාරයෝ..තොපි කියන පදේට අපි නටන් නෑ”වගේ ලොරි ටෝක් ඉෂූ කරන්නට තරං ඌ පොරක් වෙලාය.

“ඇවිත් හම්බ වෙයං” කියලා පනිවිඩ කීපයක් යැවුවත් ඌ එන්නේ නැත.

වතුර බිල විතරක්, අපි ගෙදර නැති වෙලාවල් බලලා , කොහේ හරි අස්සක මුල්ලක ඔබලා යනවාය.⁣

හොඳ වෙලාවට අපේ කුකූට දැං ඇස් පේනවා අඩුය.?

මටනං වාහනේ තියෙන නිසා ලඟ පාතක තියෙන වැවකට හරි ගාටලා ජාමේ බේර ගන්නවාය.?

අනිත් අය සජිත් මහත්තයාගේ එතුමාගේ පියාගේ සහ මවගේ ගුන ගායනා කරමින් වැහි පිරිත් සජ්ජායනා කරනවා ය.

බැරිම තැන ලඟ පාත උන්න හෝම්ගාඩ් කොලුවෙක් එක්ක හැතැම්ම ගනං ඇවිදලා වටිනා කියන පෙත්සමකටත් අත්සන් කර ඇමතිවරයාට තැපැල් කලෙමි.

සමහරු එයටද බිය විය.

ඒ භීතිකාව නැති කිරීමට මම ද නිල මුද්රාව යොදා යටින් අත්සන් සහතින කලෙමි.?

හැරෙන තැපෑලෙන්ම පිලිතුර ලැබී ඇත.?

මං දැනට ඉන්නේ අංක 06 (ඒක 30 වුනේ කෝමද කියලා දන්නේ මෙයාලම ය. සමාර විට පොලියත් එක්ක නය වාරික ගෙවන විදියට දුන් ලක්ෂ හතරයි, මං අතිං දාපු ලක්ෂ පහලවයි එක්ක මං අටවගත්ත ගේ ඇර අංක 30 යටතේ ඇමතිතුමා මට නොමිලේම තව ගෙයක් පාස් කරලාද දන්නෙත් නෑ. ? ),සිරිමත් ඩඩ්ලි සේනානායක ගමේ ය.

ඒක මුලු මැදවච්චියත්, රඹෑවත් ඒවායේ ඉන්න ප්රාදේශීය ලේකම්ලාත් දන්නවාය.

එයාලයෙන් තියා අඩුම ගානේ ගමේ ග්රාම නිලධාරින්ගෙන්වත් අහන් නැතුව මේම ඔල්මොරොන්දම් ලියුම් ගහන නිලධාරි ලඟ තියාන, මේ ගේම අදින්ඩ ගියොත් සජිත් ප්රේමදාස මහත්තයාට ලංකාවේ ජනාධිපතිකම කෙසේ වෙතත් තැපැල් ස්ථානාධිපති කමක්වත් හම්බුනොත්,මං අ⁣පි වතුර එකතු කරන හිස් තාර බැරල් එකට පැන සිය දිවි නසා ගන්නවාය.

එක්කෝ මේ නිලධාරි දේශපාලන අධිකාරිය අන්දනවා ය., එහෙම නැත්තං දේශපාලන අධිකාරය උංව අන්දනවාය.ඒමත් නැත්තං මේ දෙගොල්ලම එකතු වෙලා අපිව අන්දනවා ය.

⁣මේ උදාගම් සංකල්පයේ යම් යම් සාධනීය ලක්ෂන තිබුනත්, එය අන්තිමේට පට්ට ගොං පාට් එකක් වෙලා, තමන්ට ලැබෙන්ඩ තියෙන චන්ද ටිකවත් නොලැබෙන තරමේ පීචං ව්‍යාපෘතියක් වන ආකාරය තේරුම් ගන්ඩවත් බැරිනම්, සජිත් ප්‍රේමදාසට වන්නේ ඉතිහාසයේ කුනු කූඩයට එකතු වීමට පමනි.

Wasantha Siri Watagoda මුුුුහුුුුණූ ‌පොතෙනි.