Thursday, April 18, 2024

මංගලට හා රාජිතට ‘තහනමක් පැනවු හිමිනම ළමා අපචාරකයෙක් !

අමාත්‍ය මංගල සමරවීර, අමාත්‍ය රාජිත සේනාරත්න මෙන්ම ඔහුගේ පුත් චතුර සේනාරත්න මන්ත්‍රීවරයාට ගම්පහ ප්‍රදේශයේ කිසිඳු විහාරස්ථානයකට වැද්ද නොගැනීමට තීරණයක් ලබාදුන් රැස්වීමේ ප්‍රධාන හිමිනම මිට ඉහතදී ළමා අපචාර චෝදනා වලට වැරදිකරු ලෙස දඬුවම් ලැබුවෙකි.

එම මැති ඇමතිවරුන්ට එරෙහිව ඊයේ (04) දිනයේ එවැනි තීරණයක් ගෙන ඇත්තේ ගම්පහ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ විහාරාධිපති සංගමය යි. ගම්පහ පහළගම විද්‍යරවින්ද පිරිවෙනේ විහාරාධිපති පහළගම සෝමරතන නාහිමියන් විසින් මෙම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ විහාරාධිපති සංගමයේ රැස්වීමෙහි මුලසුන හෙබවූහ.

මෙම පහලගම සෝමරතන නායක ස්වාමින් වහන්සේ ලන්ඩන් තේම්ස් බෞද්ධ විහාරයේ වැඩවසන සමයේදී එම විහාරස්ථානයට පැමිණි නව හැවිරිදි බාල දැරියකට ලිංගික අතවර කිරීමේ චෝදනාවලට වැරදිකරු වී ලන්ඩනයේ අධිකරණයකින් වසර හතක සිර දඬුවම් නියම වූවෙකි.

1970 වේ දශකයේ බටහිර ලන්ඩනයේ චිස්වික් පළාතේදී බාල වියේ දැරියකට ලිංගික අතවර කිරීමේ චෝදනා හතරකට එහිමියන් වැරදිකරු බව අධිකරණය තීන්දු කළේය.

එහෙත් එහිමියන්ට එරෙහිව එල්ල වී තිබූ ස්ත්‍රී දූෂණ චෝදනාවලට සෝමරතන හිමියන් නිවැරදි කරු බව අධිකරණයේ නිගමනය විය.

පහලගම සෝමරතන හිමියන් ගේ නම දින නියමයකින් තොරව ලිංගික අපයෝජකයන් ගේ නාම ලේඛනයට ඇතුලත් කරන මෙන්ද විනිශ්චයකරු නියෝග කර තිබිණ.

එමෙන්ම මින් මතුවට සෝමරතන හිමියන්ට ළමුන් සම්බන්ධ කිසිම කාර්යයකට සම්බන්ධ වීමද තහනම් කර තිබිණ.

ලන්ඩන් බෞද්ධ විහාරයේ බුදු මැදුරේ බුදු රුව අබියස මෙම දැරිය දුෂණය කල සොමරතනයෝ, “මේ සිද්ධිය පිළිබඳව මවට හෙළි කල හොත් ඇය අතිශය වේදනාවට පත් වනු ඇති බව ද දැරියගේ පියා මරණයට පත් වන බව ද පවසමින් දැරිය භීතියට පත් කර, බුදු රුව පාමුල මෙම බිහිසුණු අපරාධය සිදු කළ අතර, ඒ පිලිබඳ කිසිදු පසුතැවීමකින් තොරව හැසිරෙන ආකාරය චිශ්මය දනවන බව” තීන්දුව ප්‍රකාශයට පත්කළ විනිසුරු වරයා ප්‍රකාශ කර තිබිණ

theleader.lk.

Archive

Latest news

Related news