Tuesday, July 16, 2024

ජනමාධ්‍ය නිදහස අවභාවිත කිරීම ගැන මුනිවත රැකි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වර්ගවාදී මාධ්‍ය වෙනුවෙන් පෙරට එයි.

මෙරට ජනමාධ්‍ය අමු ුමුවේම මුස්ලිම් ජනයාගේ පුද්ගලිකත්වය කෙළෙසන විට මුවින් නොබැන සිටි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හදිසියේ අවධි වී නිවේදනයක් නිකුත් කරමින් කියන්නේ රජය එවැනි අවභාවිතයන් සම්බන්ධයෙන් මැදිහත්වීම වැරදි බවයි. අත් අඩං ගුවට ගැනුණු සියලු දෙනා ත්‍රස්තවාදීන් ලෙස හැදින් වූ මෙරට බොහෝ ජනමාධ්‍ය හයුද හමුුදාවේ සහායක බලකායක් ලෙස ඔවුන් සමඟ මුස්ලිම් ජනයාගේ නිවෙස්වලටම ගොස් පුද්ගලිකත්වය අමු අමුවේ කෙළෙසූහ. එපමණක් නොව අද මෙරට වසා පැතිර යන මුස්ලිස් විරෝධී මතවාද ජනගත කරන්නේ ද එවැනි ජනමාධ්‍ය විසිනි.

පසුගියදා කතෝලික ‌ෙදේවස්ථානයන්ට එල්ල කරන ලද ත්‍රස්තවාදී ප්‍රහාර ප්‍රකාශන නිදහසේම ‌‌ ‌කොටසක් වන  ආගමික නිදහසට එල්ල කරන ලද ප්‍රහාරයක්  ‌‌ලෙස ‌හෙළා දැකීමට ද එය අසමත් විය.

පසුගිය කාලය පුරාම නිදහස ්මාධ්‍ය ව්‍යාපාරය මෙරට සුළුතර ජනර්ගයන්ගේ ආගමික නිදහස, රැස්වීමේ නිදහස හෝ ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන් අවශ්‍යම අවස්ථාවලදී පෙනී සිටියේ නැත. දැන් එය වර්ගවාදය සමඟ යහන් ගතවී ඇති සැටියකි.

එවැනි ජනමාධ්‍ය අවභාවිතයන් ගැන ප්‍රකාශක් නොකළ නිදහස ්මාධ්‍ය ව්‍යාපාරය දැන් එම වර්ගවාදී ජනමාධ්‍ය වෙනුවෙන් පෙනී සිටීහ පහත පළවන ප්‍රකාශයෙන් පැහැදිළී වෙයි.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ප්‍රකාශනය:

පාස්කු ඉරිදා ප්‍රහාරය හා ඊට අදාළව සිදු කෙරෙන පරික්ෂණ කටයුතු පිළිබඳ වාර්තාකරණයේදී මෙරට ජනමාධ්‍ය මගින් කිසියම් විනයක් හා ආචාර ධාර්මික තත්ත්වයක් අපේක්ෂා කළ යුතු වුවද, ඒ සම්බන්ධයෙන් මේවන විට රජය මැදිහත් වෙමින් සිටින ආකාරය සම්බන්ධයෙන් කිසිසේත්ම සතුටු විය නොහැකි බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අවධාරණය කරයි.

මීට පෙර මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදන මගින්ද, ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය නිමිත්තෙන් සංවිධානය කළ සම්මන්ත්‍රණය මගින්ද අප අවධාරණය කළේ මෙවැනි සංවේදී තත්ත්වයන් වාර්තා කිරීමේදී ජනමාධ්‍ය ඊට සරිලන වගකීමකින් යුතුව ක්‍රියා කළ යුතු බවයි.එහෙත් එය සිදුවිය යුත්තේ මාධ්‍ය ප්‍රජාව අතර නිසි අවබෝධයකින් යුතුව හඳුනාගනු ලබන කිසියම් ආචාර ධාර්මික එකඟතාවයක් මත මිස නිලධාරිවාදි ප්‍රවේශයකින් නොවන බවද අපි අවධාරණය කළෙමු. එහිදි රජයට මෙන්ම ජනමාධ්‍ය සංවිධාන වලටද පහසුකාරක භූමිකාවක් ඇති නමුත් එය අධිකාරිවාදී රාජ්‍ය මැදිහත්වීමක් නොවන බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විශ්වාස කරයි.

පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමඟම ශ්‍රී ලංකික පුරවැසි සමාජය තුළ ඇති වි තිබෙන අවිශ්වාසය හා බිය දුරු කිරීම සදහා වත්මන් සිදුවීම්වල සත්‍ය තත්ත්වය මහජනතාවට සංනිවේදනයවීම ඉතා වැදගත්ය. එම තොරතුරු මහජනතාවට නිවැරදිව වාර්තා නොවන තත්ත්වයක් තුළ නිල නොවන තොරතුරු වලට අනවශ්‍ය වටිනාකමක් හිමිවන බව වටහා ගනිමින් අසත්‍ය ප්‍රචාරයන්ට ඉඩ නොලැබෙන පරිදි මාධ්‍ය කළමනාකරණය කෙරෙන විධිමත් මඟ පෙන්වීමක් අද රටට අවශ්‍යව තිබේ.

එබැවින් මාධ්‍ය පාලනය සඳහා රජය දැනට ආරම්භ කොට තිබෙන අධිකාරිවාදි මැදිහත්වීමෙන් වැළැකී, මෙරට මාධ්‍ය ප්‍රජාවගේ සහභාගිත්වයෙන් යුතු ආචාර ධාර්මික එකඟතාවයක් සඳහා මැදිහත් වන ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සියළු වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටී.

සි.දොඩාවත්ත
කැඳවුම්කරු – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

2019 මැයි 11 /මාධ්‍ය නිවේදනය

Archive

Latest news

Related news