Tuesday, July 16, 2024

අප තුවාළ ලත් දේශයකි, තවමත් පිළිතුරු සොයමින් සිටින – කයාත්‍රි දිවකලාල

(ඡායාරූප අයිතිය දිනුක ලියනවත්ත‌)

දිසි නීති තත්ත්වයක් මගේ ගත සිත දැඩි බියකින් වෙළී ගොස් ඇත.

වසර ගණනාවක් පුරා පැවැති හදිසි නීති තත්ත්වයන් තුළ අතීතයේදී මා අත්විඳි අමිහිරි අත්දැකීම් මත පදනම්ව මම නිරන්තරයෙන්ම විය හැකි නරකම දෙයඅපේක්ෂා කරන්නෙමි

මගේ මනස ඒවා ගැන සිතීම නතරකර නැත මා වෙනුවෙන් පමණක් නොව සියලුදෙනාම වෙනුවෙන්, විශේෂයෙන්ම සුවිශේෂී අනන්‍යතාවන්ට එරෙහිව වෙනස්කොට සැලකීමකට ලක්වු අප

කාන්තාවන් ලෙස, යම් ඇදහීමක් කරන කාන්තාවන් ලෙස, සංක්‍රාන්ති සමාජභාවී කාන්තාවන් ලෙස, ලිංගික සේවා සැපයීම ද ඇතුළත්ව විවිධ වෘත්තීන්හි නියැළෙන කාන්තාවන් ලෙස, ආගමානුකූල කාන්තාවන් ලෙස, කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරිනියන් ලෙස, විෂම ලිංගිකභාවය සාමාන්‍යකරණය කිරීමට විරුද්ධ කාන්තාවන් ලෙස, විශේෂිත කුලයකට අයත් කාන්තාවන් ලෙස, ස්ත්‍රීවාදීන් ලෙස, ක්වියර් ක්‍රියාකාරිකයින් ලෙස, විවිධත්වය සහ විමුක්තිය සමරන මනුෂ්‍යයන් ලෙස, සහ ඕනෑම ආකාරයක මර්දනයන්ට සාමකාමී හා සාමූහික ලෙස විරෝධය දක්වන ජනතාවක් ලෙස

හදිසි නීති තත්ත්වයකදී පවා ස්වකීය අයිතිවාසිකම් සහ ගරුත්වය අත්හැර දැමීමට සුදානම් නොමැති අප පිළිබඳව මම බියෙන් පසු වන්නෙමි…..

සති දෙකකට පෙර ඇතිවූ දරුණු ප්‍රහාර ශ්‍රී ලංකාව කම්පාවට පත් කළේය

එය අප ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙකු භීතියෙන් මුසපත් කළ සිදුවීමක් බව මට විශ්වාස ය

දශක තුනක් දික්ගැස්සුණු කුරිරු යුද්ධය අපට කළ දේ ගැන අපි දන්නෙමු

පවුල් හා ප්‍රජාවන් තුළ හා අතර එමගින් ඇතිවූ අවිශ්වාසය දැවැන්ත ෂෙල් ප්‍රහාර හා බෝම්බ වලටද වඩා භයානක විය

යුද්ධයේ ම්ලේච්ඡ යථාර්ථයන් අත්දුටු අප සමහරුන්ට එය හොඳට හුරුපුරුදුයඑය අප එකිනෙකාගෙන් ඈත් කර වෙන්කර ඇත

අපට ප්‍රජාවන් අහිමි විය

අපට ජීවිත අහිමි විය

අපට ආදරණීයයන් අහිමි විය

අපට අපෙන් කොටසක් අහිමි විය

අප තවමත් තුවාළ ලත් දේශයකි

අපි තවමත් පිළිතුරු සොයමින් සිටින්නෙමු

පෙනෙන්නට තිබෙන වෙනස්කම් හා බෙදීම්වලින් ඔබ්බට සබඳතා ගොඩනඟා ගැනීමට හැකි ක්‍රම අපි තවමත් හඳුනාගෙන නැත

පටු දේශපාලනික වාසි හේතුවෙන්, යුද්ධයෙන් බෙදී ගිය බිඳුණු දේශයේ මූලික ගැටළු ආමන්ත්‍රණය කිරීමට රාජ්‍යයේ කිසිදු නායකත්වයක් මුලපිරීම්කර නොමැත!

ඒ වෙනුවට ඔවුහු බෙදීයාමට අනුබල දුන්හවෛරය ඇවිළූහවෛරී කථනය සහ වෛරී සහගත අපරාධවලට අනුබල දුන්හ….

එහි ප්‍රතිඵලයක් වශයෙන් රුදුරු සහ ප්‍රචණ්ඩකාරී, වෙනත් ආකාරයේ බෙදීමක ආක්‍රමණයක් අපි නොදැක්කෙමු ලොව පුරා ජීවිත බොහෝ ගණනක් බිලිගත් හා තවත් බොහෝ දේ විනාශ කිරීමේ වගකීම දරන්නා වූ බෙදීමක්!‍

ශ්‍රී ලංකාවේ අපි පසුගිය සතියේදී මෙම බෙදීම් මත පදනම් වු ද්වේශ සහගත අපරාධයන්හි කෲරත්වයට නිරාවරණය වූයෙමු.

අප අතරින් බොහෝ දෙනෙකුට තවමත් එහි රෞද්‍ර බව විශ්වාස කළ නොහැකිය.

සමාජ ක්‍රියාකාරිනියක් ලෙස මම නැවතත් පුදුමයට පත්වෙමි! සහයෝගිතාව පෙන්වීම සඳහා මාගේ මුස්ලිම් මිතුරන් වෙත මට යා නොහැකිය. ඔවුන් සාමකාමීව යාච්ඤා කරනතෙක් පල්ලියෙන් පිටත සිටගෙන සිටීමට මට නොහැකිය. තීව්‍රකර ඇති ආරක්ෂක මෙහෙයුම් නිසාම පමණක් නොව මාගේ ජනවාර්ගිකත්වය නිසාද මට මේ කිසිවක් කළ නොහැකිය!

ද්‍රවිඩ කාන්තාවක ලෙස හඳුනාගත හැකි සංස්කෘතික සංකේතයන් කිසිවක් මා තුළ නැති තරම්ය. මගේ නම ලියන ආකාරයද සංකීර්ණ ය. විශේෂයෙන් මගේ දෙවැනි නම ඕනෑම ආගමික හෝ ජනවාර්ගික සම්බන්ධයකට සීමා කිරීමට දුෂ්කරයමගේ පිය පාර්ශවයේ මුතුන්මිත්තන්ට ස්තූතිවන්නට!

නමුත් මගේ ජාතික හැඳුනුම්පත මාගේ ජනවාර්ගිකත්වය හෙළිදරව් කරයි.

ද්‍රවිඩයෙකු වශයෙන් මම කිසිදිනක ජාතික හැඳුනුම්පත නොමැතිව ගෙදරින් පිටව නොයමි. ගතවූ දින කිහිපය තුළ මට ‘මුරපොළවල්’ කිහිපයක් පසුකරන්නට සිදුවිය. අතීතයේ මුරපොළවල්වල සියලු භයානක මතකයන් මට නැවත සිහියට නැගුණේය. මම සන්සුන්ව සිටියෙමි, මේ අවස්ථාවේදී පමණක් මා සැකකාරියක විය නොහැකි නිසාවෙන්. මන්දයත් මම බුර්කාවක් හෝ හිජාබයක් හෝ අබායක් හැඳ නොසිටියෙමි. අප අතර සිටි මුස්ලිම්වරුන්ට පවා සංස්කෘතිකමය සංකේතීකරණයක් තිබුණේ නැත.

ඇත්ත වශයෙන්ම ජනතාව ආරක්ෂා සහිතව තබාගැනීම සඳහාවන සියලු මුලපිරීම්වලට අප සහාය දියයුතු බවට මම එකඟ වෙමි. කෙසේවෙතත් සැකය හා සම්බන්ධවන විට එහි ඇත්තේ ඉතා සියුම් වෙන්කිරීමකි. පහසුවෙන්ම කෙනෙකුට වින්දිතයෙකු බවට හෝ ගොදුරක් බවට පත්විය හැකිය. එය මෙම ජාතියේ ජනවාර්ගික බෙදීම් සහ බිඳීම්වල ඉතිහාසය සමඟ සන්දර්භගත කළ යුතුය. නැවත නැවතත් එම වැරදිම නොකිරීමට කරුණාකර අපි වගබලාගනිමු!

ඉස්ලාම් / මුස්ලිම්වරුන් සහ ත්‍රස්තවාදය විභේදනය කර ගත නොහැකි වීම මට වේදනා ගෙනදේ…..

සියලු ඇදහිලිවල සියලු ආකාරයේ ආගමික අන්තවාදයන්ට විරුද්ධවනවා වෙනුවට අප තවමත් අහංකාර ලෙස නොදැනුවත්වීම හා වරණීය වීම මට වේදනා ගෙනදේ…..

දේශපාලනඥයින් තවමත් කෛරාටික ලෙස පක්ෂ දේශපාලනය ගැනම කථා කිරීම මට වේදනා ගෙනදේ…..

ජනවාර්ගික බෙදීම් සමග වෛරී කථනයන් ඇසීම මට වේදනා ගෙනදේ…..

මෑතකදී සිදුවූ ප්‍රහාරයන්, අප ඉතා හොඳින් හඳුනන ජනවාර්ගික බෙදීම් සහිත ක්‍ෂෙත්‍රයන්ට සීමා කිරීමට අප තවමත් උත්සාහ දැරීම මට වේදනා ගෙනදේ…… අපගේ සීමාවන් ඉක්මවා සිතීමට අප අසමත් ය.. පුළුල් සන්දර්භය දැකීමට අපට නොහැකියසියලු අර්ථකථනයන් සලකා බැලීමට තරම් විවෘත නොවීම තුළ සහ මෑතකදී සිදුවූ ප්‍රහාරයන්ගේ බරපතල බව තේරුම් නොගැනීම තුළ අපට කවදාවත් මෙම අභියෝගයට මුහුණදීමට නොහැකිය!

සිදුවු ජීවිත හානි සහ ආපදාවට පත්වු දේශයක් ලෙස සෙමින් සුවපත් වීමට උපකාරීවන ක්‍රම සොයාගැනීමේ අවශ්‍යතාව අභිබවා යමින් නව ලිබරල් ආර්ථික පාඩුව ප්‍රධාන ලෙස සැලකීම ගැන මට වේදනා ගෙනදේ….

මුස්ලිම්වරුන්ට විරුද්ධව සිදුවන වෛරී කථනයන් සාධාරණීකරණය කිරීමට සිදු කරනු ලබන සානුකම්පිත සන්සන්දනයන් ගැන ඇසීමට සිදුවීම පිළිබඳව මට වේදනා ගෙනදේ…..

බලධාරීන් ඔවුන්ගේ කාර්යය නිසි ලෙස ඉටු කළේ නම් මෙම ප්‍රහාරයන් වළක්වා ගත හැකිව තිබීම මට වේදනා ගෙනදේ…..

මේ දේශය විසින් මුහුණදුන් සියල්ලෙන් පසුවත් රාජ්‍යය පෙන්වන මේ නොසැලකිලිමත්කම මට වේදනා ගෙනදේ…..

යම් නිශ්චිත ප්‍රජාවන්ට අයත් පුද්ගලයින් තවමත් පහසු ඉලක්ක / සැකකරුවන් බවට පත් වීම මට වේදනා ගෙනදේ…..

විශේෂයෙන්ම බලයේ සිටින්නන් ඇතුළුව සමහර පුද්ගලයින් විසින් තවමත් වාර්ගීකරණය වූ වෛරී කථනය ජනප්‍රිය කිරීම ගැන මට වේදනා ගෙනදේ….

මුස්ලිම්වරුන් විසින් අවට සිදුවන සැක කටයුතු ක්‍රියාවන් ගැන බලධාරීන්ට අනතුරු ඇඟවීමට උත්සාහ කළ විට ඔවුන්ට ඇහුම්කන් නොදුන් බව සහ/ හෝ නොසලකාහැර ඇති බව දැන ගැනීම මට වේදනා ගෙනදේ!

මේ තත්ත්වය තුළ මා තනි වී සිටිනවා නොවේතවත් බොහෝ දෙනෙක් මගේ වේදනාව ම අත් විඳිති. ඇතැමුන් මටත් වඩා මේ වේදනාව අත් විඳිති!

ලොකුම අභියෝගය වන්නේ සාමය හා සමඟිය තවමත් අගයන ජනතාවක් ලෙස අප අතර පවතින වෙනස්කම් නොතකා තවත් අසීරු කාලයකට මුහුණදීමට අප එක්වී කටයුතු කරන්නේ කෙසේද යන්නයිමානව හිතවාදීත්වය ප්‍රවර්ධනය කරන්නා වූ සහ මූලික මිනිස් අයිතිවාසිකම් තහවුරු කරන්නා වූ නූතන මැදිහත්වීම් හඳුනාගැනීමයි!

තුවාළ ලත් දේශයක් වශයෙන්, සෑම අයෙකුම ‘අනෙකා’ සැක කරන මේ තීව්‍රකාරී වාතාවරණය සමඟ අප කටයුතු කළ යුත්තේ කෙසේද? ජීවිත හානි ඇති කරන්නන් සහ දුක් වේදනා ඇති කරන්නන් අල්ලාගැනීමට උත්සාහ කරන අතරම මානව හිතවාදීත්වය පෝෂණය කරමින් එකිනෙකාට අප ගරුත්වයෙන් සලකන්නේ කෙසේද?

ඉහතින් සඳහන් වටිනාකම් සම්බන්ධයෙන් රාජ්‍ය මට්ටමේ මැදිහත්වී පිළිබඳ විශ්වාසය තැබීම කාලය නාස්ති කිරීමක් බවට ඔබ බොහෝදෙනා එකඟවනු ඇත. දෛනිකව මෙම අගයන් පෝෂණය කිරීම අපේ වගකීම ලෙස සැලකිය යුතු බව මම තරයේ විශ්වාස කරමි.

වෛරයෙන් පිරුණු බෙදීම්වලට එරෙහිව සටන් කිරීමෙන් අප සෑම කෙනෙකුටම වෙනසක් කළ හැකි බවට විශ්වාස කිරීමට අපි පටන් ගනිමු!

මෙම අභියෝගයට අප ගන්නා සෑම පියවරක්ම වැදගත් බව අපි විශ්වාස කරමු

වෛරී කථනයක් අපට ඇසුණු විට හෝ කියවූ විට ඊට එරෙහිව හඬ නැගීමට අපි පටන් ගනිමු.

වෛරී කථනයන් හෝ වෙනත් එවැනි දේවල යෙදෙන අය සමග සම්බන්ධ වීමට අපි උත්සාහ කරමු. … එවැනි පුද්ගලයන් මුණ ගැසුණු විට ඔවුන් මග නොහැර ඔවුන් සමග සම්බන්ධ වීමට අපි උත්සාහ කරමු. ඔවුන් ව නොසලකා හැරීම නතර කරමු. ලැව් ගින්නක් මෙන් අවාසනාවන්ත ලෙස පැතිර යන, මේ සා බරපතළ වූ වෛරයක් ආමන්ත්‍රණය කිරීමට අප ප්‍රජාවක් වශයෙන් සම්බන්ධ විය යුතුය.

වෛරය ඇවිස්සීමෙන් තොරව අපේ ගැටළු විසඳීමට අවංකවම උත්සාහ නොකරන්නේ නම් අපේ ඡන්දය ඔවුනට නොලැබෙන බවට අපගේ දේශපාලනඥයින්ට අපි පෙන්වාදෙමු.

අප අතර ඇති වෙනස්කම් නොතකා අප තවමත් එකිනෙකා කෙරෙහි සැලකිලිමත් වන බව අපි පෙන්වමු!

දුෂ්කර අවස්ථාවලදී අප එකිනෙකා වෙනුවෙන් සිටින බව අපි පෙන්වමු….

ආගමානුකූලවීම යනු ආගමික අන්තවාදයට සහ ත්‍රස්තවාදයට සහයෝගය දීම නොවේයැයි අපි තේරුම්ගනිමු!

ඕනෑම ආගමක හෝ වෙනත් බෙදීමක නාමයෙන් ප්‍රචණ්ඩත්වය සිදුකරන අයට අපේ හදවත්, අපේ මනස්, අපේ පවුල්, අපේ ප්‍රජාවන්, අපේ දේශය හා ලෝකය තුළ තැනක් නැති බවට අපි වග බලා ගනිමු!

අපගේ ජීවිතයේ ඉතිරි කාලය තුළ සෑම දිනකම වෛරයෙන් පිරුණු බෙදීම් අභියෝගයට ලක්කිරීමට එක්වෙමුඅපට සහ අපේ අනාගත පරම්පරාවන්ට වඩා හොඳ තැනක් නිර්මාණය වන තෙක්ම

අප ගැන, අපේ විශ්වාසයන් සහ ක්‍රියාවන් ගැන, අපේ ප්‍රජාවන් ගැන අඛණ්ඩව අපි විවේචනාත්මක වෙමු..

බලාපොරොත්තු අත්නොහරිමු!

පරිවර්තනය : කලණි සුබසිංහ | කෞශල්‍යා ආරියරත්න / උපුටා ගැනීම ලංකා නිව්ස් ‌‌වෙබ් ‌වෙතිනි.

Archive

Latest news

Related news