Tuesday, July 16, 2024

මුස්ලිම් අන්තවාදය, ජාතික අරක්ෂාව හා ඡන්ද පෙට්ටි – නන්දන වීරරත්න

රටක ආරක්ෂාව යනු ඒ රටේ ජනතාවය එම රටේ ඇති පොදු හා පුද්ගලික දේපොලය.  රටේ කීර්තිය හෙවත් නම්බුවය. නමුත් පසුගිය වසර හතර පුරාම ලංකාවේ රාජ්‍ය ආරක්ෂාව භාරදී තිබුනේ තුඩුගල වලව්වක දේශපාලනය උරුමය ගැනීමට නියමිත නිලමේ කෙනෙකුටය. රටේ රාජ්‍ය ආරක්ෂාව තබා භූගෝලීය සිතියමවත් කියවා ගැනීමට නොදන්නා මේ මරිමොඩ උරුමක්කාරයා දන්නේ ගම්පහ දිසාවෙහි චන්ද සිතියම කියවා ගැනීමට පමනි.

මේ නිසාය මේ අපුරු රාජ්‍ය ආරකෂ ඇමතිවරයා පසුගිය ඉරිදා උදැසන තෙක් වලව් ගුහාවක හිඳ බෝම්බ සද්දයට එලියට පැමින කිසිදු වග විභාගයක් නැතිව මේ ප්‍රහාරය එන් ටී ජේ හෙවත් ජාතික තව්වීක් ජමාත් ලබ්ධිකයන් ගෙන් වෙන්වී ගිය කන්ඩායමක ක්‍රියාවක් බව ප්‍රකාශ කලේ . මේ ප්‍රකාශය කරද්දීත් ඔහු වාඩිවී සිටි මල්වාන චන්ද පෙට්ටිය ඇතුලේ  දැනට මැලේසියාවේ දේශපාලන රැකවරන ලබා සිටින සාකීර් නායක් නම් ඉන්දීය මුස්ලිම් අන්තවාදියාගේ අනුගාමිකයන් සිය ගණනක් සිටින බව මේ ඇමතිවරයා නොදැන සිටිය නොහැකිය. මන්ද සියලුම කිතුනු බැතිමතුන් පෘතුවියෙන් අතුගා දැමීමට දේශනා පවත්වන සාකීර් නායක් වසර 2012 දී විජේවර්ධන ජයවර්ධන හා වික්‍රමසිංහ පවුලේ දේශපාලන උරුමය ඇති බියගම ආසනයේ මල්වාන නගරය පැමින දේශනා පැවැත්වූයේය. මේ මුස්ලිම් අන්තවාදී දේශනා මල්වානේ පවත්වද්දී චන්ද ගිජු දේශපාලකයා සැඟවී සිටියේය. නමුත් සාකීර් නායක් ගේ දේශනා හුදකලාව ප්‍රශ්ණ සිරාජ් මවුලවීවරයාට මල්වානේ මුස්ලිම් අන්තවාදීන් පහරදීම පොලිස් පොතට ගියවිට සැකකරුවන්ට ඇප ගැනීමට දේශපාලකයා මැදිහත්වූ බවනම් අමතක බවට සැකයක් නැත.

මේබඳු දේශපාලකයන් ජාතික ආරක්ශාව භාරගෙන මේ සා විශාල ජනඝාතනයක් සිදුවූ පසුත් චන්ද පෙට්ටිය බේරා ගැනීමට මේ අපරාධය කලේ අසුවල් කල්ලියෙන් කැඩීගිය පවුල් කීපයක සමාජිකයන් පිරිසක් බවට ප්‍රකාශ නිකුත් කිරීම චන්ද පෙට්ටිය බේරා ගැනීමට රට පමනක් නොව මුළු ලෝකයම ගොනාට ඇන්දවීමකි.

දේශපාලකයන්ගේ දැන ගැනීමට නොව ඉදිරියේ මෙවැනි නායකයන් යටතේ මහමඟ නිරපරාදේ මැරුම් කෑමට නියමිත අහිංසක ජනයාගේ දැන ගැනීමට අප මේ ආගමික අන්තවාදි කන්ඩායම ගැන සවිස්තර තොරතුරු වාර්තා කල යුතුව ඇත.

ලංකාවේ ක්‍රියාත්මක වන ප්‍රධාන මුස්ලිම් අන්තවාදී සංවිධාන මෙසේය:

සමස්ත ලංකා තව්හීක් ජමාද් හෙවත් ඒ සී ටී ජේ හෙවත් ඕල් සිලෝන් තව්හීක් ජමාද්
ලංකා තව්හීක් ජමාද් හෙවත් සී ටී ජේ හෙවත් සිලොන් තව්හීක් ජමාද්
ශ්‍රි ලංකා තව්හීක් ජමාද් හෙවත් එස් එල් ටී ජේ

මේ අන්තවාදි කන්ඩායම් අරාබි රටවලින් ලැබෙන අරමුදල් බෙදා ගැනීමට කන්ඩායම් තුනකට බෙදී සිටියත් ඔවුන් සෞදි අරාබියේ ඉපදී එහිම පොෂනය වී එම රටේ අරමුදලින්ම නඩත්තු කෙරෙන අන්තවාදී ඉස්ලාම් වහාබිවාදයේ නියෝජිතයන්ය මොවුහු ප්‍රධාන පෙරමුණු තුනකට බෙදී සිටිති.

තබ්බීක් ජමාත්
තව්හීඩ් ජමාත්්ම
ජමාත් අල් ඉස්ලාම්

මේ මුස්ලිම් පෙරමුණු තුනේම එකායන අරමුන කැල්ෆේට් හෙවත් මුස්ලිම් ආගමික හා දේශපාලන නායකත්වයක් යටතේ රටවල් පාලනය වනු දැකීමය. මේ වෙනුවෙන් දැනට සන්නද්ධ ක්‍රියා මාර්ග හෙවත් සෙසු බැතිමතුන්ට ප්‍රචන්ඩ ප්‍රහාර එල්ල කරමින් සිටින්නේ තව්හීඩ් ජමාත් මුස්ලිම් පෙරමුන පමණි.  අනෙක් පෙරමුනු දෙක මතවාදී වශයෙන්මුස්ලිම් රාජ්ය තැනීම වෙනුවෙන් සටන්කාමී ඉස්ලාම් ධර්මය බෙදාහරිමින් අනුගාමිකයන් බඳවා ගනිමින් සිටිති.

ප්‍රාදේශියව මේ ලබ්ධිකයන් හෙවත් මුස්ලිම් බැතිමතා හඳුනා ගැනීම පහසුය. ඔහුගේ ප්‍රාදේශී්‍ය ග්‍රාමී්‍ය කන්ඩායම හැඳින්වෙන්නේ ගමේ හෝ ප්‍රදේශයේ නමේ අකුර ආගමික සංවිධානයේ නමේ මුලට එකතු කිරීමෙනි. උදාහරණයකට කාත්තන්කුඩියේ කන්ඩායම හැඳින්වෙන්නේ කේ එන් ටී ජේ හෙවත් කාත්තන්කුඩි ජාතික තව්හීඩ් ජමාත් යන නාමය වෙනුවෙන්ය. මේ මුස්ලිම් අන්තවාදි කන්ඩායම් සෞදි අරාබිය ආගමික හා දේශපාලන නායකත්වය යටතේ සෙසු අරාබි රටවල් සහාය ඇතිව ලංකාව තුල ක්‍රම දෙකකට ක්‍රියාත්මක වෙයි.

ඉන් පලමුවැන්න සෞදි අරාබියෙන් කෙලින්ම අරමුදල හා වෙනත් අධාර ලබන කන්ඩායම්ය. ඔවුහු සලෆි නමින් හැඳින්වෙති.

දෙවැන්න සෞදිය ප්‍රමුඛ අරාබි රටවලින් ලැබෙන අධාර ඉන්දියාව හරහා ලබන කන්ඩායම්ය. ඔවුහු සලඟි නමින් හැඳිවෙති.

මේ දෙයාකාරයෙන්ම නඩත්තු වූවත් කැලිෆෙට් හෙවත් ඉස්ලාම් රාජ්ය තනා ගැනීමේ සිහිනයේ අරමුන හා වැඩපිලිවෙල එකක්ය.

මේ අන්තවාදී ආගමික ව්‍යාපාර ලංකාවට ඇතුල් වන්නේ 1965 වර්ශයේ පටන්ය . මැද පෙරදිගින් මතුවෙන ඛනිජතෙල් සෞභාග්‍යත් මේ එහි විසු ෆයිසාල්වරුන්ටත්ට හා එමීර්වරුන්ට නව දේශපාලන බලයක් හා ආගමික බලයක් ලැබෙන්නේය. මේ තෙල් සම්පත දෙවියන් ගෙන් ලැබුනු තැග්ගක් බවට පත්වූ පසු ආගමික ප්රචාරයට හා පුනර්ජීවනයට විශාල වශයෙන් මුදල් වෙන්කෙරෙන්නේය. මෙහි ඉක්මන් ගොදුරු බවට පත්වන්නේ ආසියාවේ දිළිඳු රටවල්ය. පිලිපීනයේ පටන් පාකිස්ථානය දක්වාවූ රාජ්‍ය වල රැතියා වියුක්තියට පිළියමක් හැටියට අරාබිකරයට පුහුණු කම්කරුවන් මෙන්ම ගෘහ මෙහෙකරුවන් හා මෙහෙකාරියන් යැවීම රාජ්‍ය ප්‍රතිපත්තියක් වන්නේය.

පසුගිය සියවසේ හැටේ දශකයේ අවසාන වන්නේ අරබි ඊශ්‍රාල් යුද්ධයෙන් මැදපෙරදිග භූමියෙන් සැලකියයුතු කොටසක් ඊශ්‍රාලය අල්ලා ගැනීමෙනි. මේ යුද්ධයේ දී ඊශ්‍රාලයේ ප්‍රධාන ආධාරකරුවන් වන්නේ ඇමෙරිකාව ප්‍රමුඛ  බටහිර ක්‍රිස්තායානි රටවල්ය. මේ ජාත්‍යන්තර දේශපාලන පෙලගැස්ම අන්ධකාර දහස්වසේ කෘසේඩ් නමින් හැඳින්වෙන කුරුස යුද්ධ සිහිකරවන්නකි. මෙහිදී අරාබි රටවල සහායට සිටියේ එකල බලවත් වූ නොබැඳී ජාතීන්ගේ සමුළුවය. 1976 සිරිමා බන්ඩාරනායක අගමැතිවරිය නොබැඳි ජාතීන්ගේ සමුළුවේ නායිකාව වීමත් සමඟ ලංකා අරාබි සෙනෙහසට අඩිතාලම වැටුනේය. පලමුව තේ වෙලඳාමද දෙවනුව කම්කරු වෙළඳාමද පටන් ගැනුනේය. මේ ගනුදෙනුව කොතරම බලවත් වුනේද යත් මේ සියවස පටන්ගන්නා විට වනවිට ලංකාවේ දෙවන බස අරාබි වන තරමටම ලංකා ස්ත්‍රී පුරුෂයෝ අරබියේ ජීවත්වී තිබුනාහ.

මේ පරිවර්තනයත් සමඟ රටට හිඟ විදේශ මුදල් පමනක් නොව මුස්ලිම් අන්තවාදය ද නොමිලේම මේ රටට ආනයනය කෙරුනේය.

මදරාසා හෙවත් අරාබි බස හා ඉස්ලාම් ධර්මය ඉගැන්වෙන දහම් පාසලක් පටන් ගැනුනු වහාම රියල් ගලා එන්නේය. පල්ලියකට අත්තිවාරම දැමුනු වහාම අරාබියෙන් සල්ලි ගලන්නේය. මේවායේ තැන්පත් කිරීමට හා ළමුන් හා වැඩිහිටියන්ගේ කියවීමට අපුරු නිමාවකට හිමිකම් කියන ආගමික පොත් පමනක නොව ඒ වෙනුවෙන් ලියැවුනු ටීකා ටිප්පනි මෙනම ගැටපද විවරණ ද නොමිලේම සෞදි අරාබියෙන්ම සැපයුනේය. මේ රියාල් ලැබුනේ බැංකු හරහා නොවේ. උන්ඩියල් හෙවත් පුත්ගලයින් හරහාය එනම් රියාද් හි නියොජිතයාට රියාල් දුන් වහාම අදාල දිනයේ විනිමය අනුපාතයට අනුව පසු කාත්තන්කූඩියේ නියොජිතයාට රුපියල් වලින් එම වටිනාකම ලැබෙන්නේය ආණ්ඩුවට ගනන් මිනුම් හෝ බදු නැත.

වසර දහසකටත් වැඩි කාලයක් මේරටේ විසූ සාමකාමී ජන කණ්යඩායමක්ම  වූ මුස්ලිම් බැතිමතුන්ගේ ඇදහීම් හා විශ්වාසයන් අභියෝගයට ලක් කෙරුනේත් හෙලා දැකීම ඇරඹුනේත් මින් පසුවය. මුලදී ඔවුනේ මියගිය ආගමික ප්‍රභූන් වෙනුවෙන් තැනුනු ස්මාරක හෙවත් සමාධි විනාශ කෙරෙන්නේය. ස්ත්‍රීන් හිස වසා ගැනීමට පර්දාවක් හැඳිම වෙනුවට මුලු ශරීරයම වසන බුර්කාව හා හිජාබය හැඳීමට මේ අලුත් සෞදි ඉස්ලාම්වාදය බල කරන්නේය. මේ අලුත් ආගමික සොයා ගැනීමට අවනත නොවෙන මුස්ලිම්වරුන් මුසොල්මානුවන් නොවන බවට වර්ගකිරීමක් සමාජ ගත කෙරෙන්නේය.

මේ වෙනුවෙන් කෙරෙනු ගවේශනයේදී අපට මාලිගාවත්තේදී මුණ ගැසුනු පැරනි වාමාංශිකයෙකුවූ දැන් දැන් මුලධර්මවාදය අගයන මිත්‍රයෙක් කීවේ තමන් අලුතෙන් ආගම ඉගෙනීම පටන් ගත්පසු නියම මුස්ලිම්වරයෙක් වීම සොයා ගනිමින් සිටින බවය. මේ ඉස්ලාම් දහම මීට වසර තිහ හතලිහක පෙරත් ලංකාවේ තිබූ බවත් ඒ කාලයේ අපේ මුස්ලිම්වරුන්ට මේ බුර්කා පිස්සුව නොතිබුනු බව අප පැවසූ විට මිත්‍රයා කීවේ තමන් අලුතෙන්ම ආගම ඉගෙනීමට පටන්ගත්විට මේ නව ඉස්ලාමය සොයා ගැනීමේ අපුර්වත්වයයි. මේ නව ඉස්ලාමය අන් කිසිවක් නොව නොමිලේම ලංකාවට පැටවූ වහාබ්වාදයයි.

දැන් ප්‍රශ්ණය වන්නේ කිරිදරුවන් ද ඇතුලත් අහිංසක මිනිස් ජීවිත 300කට ආසන්න සංඛ්‍යාවක් සමඟ රුපියල් බිලියන ගණනාවක දේපොලද මිල කල නොහැකි රටක ආරක්වෂාව පිළිබඳ කීර්තියද පරදුවට තැබී ඇති මොහොතක පාලක දේශපාලකයන් චන්ද පෙට්ටි මත වාඩිවී කතා පැවැත්වීමය. රාජ්‍ය ආරක්ශක ඇමතිවරයා මල්වානේ හා ගම්පහ දි ලබා ගතහැකි චන්ද ප්‍රමාණය ජාතික ආරක්වශාවට උඩින් තබාගෙන සිටින බව හොඳින්ම පැහැදිලිය. එසේත් නැතිනම් ජාතික ඔත්තුසේවා ඊලාම් අරගලය පටන් ගැනුනු 1970 ගනන්වල අගභාගයේ සිටි අන්ධභාවයේ මේ මොහොතේත් සිටින බව තහවුරු කරමින් සිටින්නේය. ඔවුන් වහාම උගතයුතු කාරනය වන්නේ සාමකාමි මුස්ලිම්වරයා හා අන්තවාදි මුස්ලිම්වරයා වෙන්කර හඳුනා ගැනීමය. එසේත් නැත්නම් වහාබ්වාදියාගෙන් පොදු මුස්ලිම්වරයාගෙන් වෙන්කර ගැනීමය. මෙය දුෂ්කර කටයුත්තක් නොවේ. මෙහි අන් තැනක ඉදිරිපත් කර ඇති අකාරයට පැවැත්මෙන් ද ඇඳුමෙන් පැළඳුමෙන්ද කතාබහෙන්ද අන්තවාදියා හඳුනා ගත හැකිය. ඔහුගේ හෝ ඇයගේ සංවිධානය සොයා ගත හැකිය.

මේ වෙනුවෙන් මුස්ලිම් ජනයාගේ වගකීම වන්නේ තමන්ගේ පල්ලියේ සිටින අන්තවාදීයාට සෞදි අරාබියේ ආගමික ඉතිහාසය වෙනුවට මේ රටේ මුස්ලිම්වරුන්ගේ ඉතිහාසය ඉගැන්වීමය. අවසානාවකට පසුගිය දින කිපය පුරාම අප හමුවූ බොහොමයක් මුස්ලිම්වරු සත්‍යට පිටුපා අන්තවාදය රැකීමට ක්ශමාලාප හෝ කුමන්ත්‍රන න්‍යායාන් තනමින් අපරාධය හා අපරාධකරුවන් වසන් කරමින් සිටිති. මේක භාරතීය ජනතා පක්ශය හා නරේන්ද්ර මොඩි බලයට ගෙන ඒමට රෝ ඔත්තු සේවයේ වැඩක් නැත්නම් ඇමෙරිකානු සී අයි ඒ ඔතුතු සේවය හරියටම මෙදින හම්බන්තොට දී ඇමෙරිකානු හා ලංකා රජයේ හමුදා පටන් ගත් එකාබද්ධ යුධ අභ්‍යාසය වසන් කිරීමට ගත් ක්‍රියා මාර්ගයක් බඳු දේශනාවලින් සිදුවන්නේ සිදුවූ දේටත් වඩා බලවත් විනාශයකි.

පසුගිය දශක දෙක තුන පුරාම මේ අන්තවාදීහු ආයුධ සන්නධව තම ජන කන්ඩායමේම විවේචකයන්ට පහර දෙමින් මරා දමමින් සිටිද්දී ඔබලා නිරීක්ශ්කයන් වූවා මිස අන්තවාදයේ සතුරන් නොවීමෙන් මේ වන විට අති විශාල මිලක් ගෙවමින් සිටින්නෝය. දැනුදු මේ සාහසික අපරාධ රැල්ල දෙමටගොඩ පානදුර හා කාත්තන්කූඩ්යේ පවුල් කීපයක වැඩක් කියමින් පල්ලි තුල සිටින අන්තවාදීන් සුරතල් කරමින් සිටින්නේය. මේ තත්වය වහාම වෙනස්විය යුතුය. නැත්නම් මේ අප සිටින්නේ තවත් සිවිල් යුද්ධයක දොරකඩ බව තේරුම් ගත යුතුය.

බහුතර සිංහල ජනයා වහාම තෙරුම් ගතයුතු කාරණය වන්නේ 1983 කළු ජූලිය පටන් ගැනීමට තිබූ දේශපාලන උවමනාව අනුව යමින් ජයවර්ධණ ආන්ඩුව බොරැල්ලට ගෙනා සෙබල සිරුරු දහතුන කරතබාගත් මැරයන් දැවැන්ත ජීවිත විනාශයක් හා දේපොල විනාශයක් කරද්දී බලා සිටි ඔබ රටේ තරුන පරම්පරා දෙකක් බිලිදුන් දීර්ඝ සිවිල් යුද්දයක් පසුකර ගෙවී ඇත්තේ යාන්තම් දශකයක් පමණක්බවය.  ඔබේ ඉතිරි ජීවිත කාලයත් ඊලඟ පරම්පරා දෙක තුනක් සිවිල් යුද්ධයකට දැමීමේ කෲර ආසාවක් ඔබට නැතැයි විශ්වාස කරමු. මේ නිසා රටේ සිටින සියලුම මුස්ලිම්වරුන් අන්තවාදීන්ය යන අදහසින් කටයුතු නොකල යුතුය

රටේ හමුදාවල උපදෙස්දීමට අපට සුදුසුකම් නැතත් ඔවුන්ට ඉදිරිපත්කලයුතු මූලිකම කාරනය වන්නේ ඊලාම් යුද්දයේදී සටන් වැදුනු බහුතරයක් ඊලාම්වාදීන් වතුකරයෙන් උතුරු නැගෙනහිරට සංක්‍රමණය  වූ කම්කරු පවුල්වලින් පැමිණි තරුණයන් බව ඔබ දැන ගන්නට ඇත්තේ යුද්ධය නිමාවීමෙන් පසුව   බවයි. මේ නොදැනුවත්කම නිසා ඔබ ගෙවු මිල තවමත් ගණනය කර නැත මේ තත්වයට හේතුව ඉතිහාසකරුවන් සමාජ විද  මානව විද්‍යාඥයින් මෙන්ම මනෝ විද්‍යාඡඥයින්ද  නොමැතිව යුද්ධ කල නොහැකිබව තේරුම් නොගැනීමය. නවීන යුද්ධ මෙහෙයවන්නෝ වෙඩි බලය හා පිරිස් බලය මත පමනක් විශ්වාසය නොතබන්නෝය. මෙයම තේරුම් ගැනීම ප්‍රමාණවත් ය.

අපේ දේශපාලකයන්ට විනාශයක් සිදුවූ පසු එහි ඉතිහාසය හා ස්භාවය විශ්ලේෂනය කිරීමෙන් පලක් නැත. ඔහු වරප්‍රසාද ලැබෙන බලය ගෙනෙන ඡන්ද පෙට්ටි ගැන පමනක් සිතන්නෙකි. බන්ඩාරනායක පවුල ඡන්ද කුට්ටි වෙනුවෙන් දෙමළ  බස කතා කරන විදුහල් මුස්ලිම් හින්දු හා ක්‍රිස්ත්‍රියානි වශයෙන් වර්ග කර මුස්ලිම් විදුහල් පටන් ගැනීමට එවකට අධ්‍යාපන ඇමති බද්දුද්දීන් මහමුද්ට අනුබල දුන්නේය. මේ තිරස්චීන ප්‍රතිපත්තියෙන් බන්ඩාරනායක පවුලට දශක තුනකට ආසන්න කාලයක් සැමියා බිරිඳ හා දියනිය හැටියට රටේ නායකයන් වීමට මඟ පැදුනත් ලංකාවේ ජන සමාජය තුල බීහිසුනු ආගමික බෙදීම් ළමුන් තුල අති කිරීමට සමත්වුනේය.

ජේ අර් ජයවර්දන ඔනැම ආගමික පක්ෂයකට දේශපාලනය කිරීමට නීති සම්පාදනය කලේය. එයින් නොනැනවතී පක්ශයට අරමුදල් සැපයු ඕනෑම මුස්ලිම් වෙලෙන්දෙක් අබැර්තු ඇති හැටියට මැදපෙරදිග තානාපතීන් හැටියට පත් කලේය. දැන් ඒවායේ ප්‍රතිපල අපි රටක් හැටියට විදිමු. රටේ විදේශ ආමාත්‍යාංශයේහි මැදපෙරදිගින් වහාබිවාදය ආනයනය කිරීම ගැන කිසිම සටහනක් නැත.

මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් තැනීමට මොළකරුවන් තිදෙනෙක් හා බලවත් බැතිමතෙක් උවමානය. පලමු තිදෙනා වන්නෙ පුපුරන ද්‍රව්‍ය විශේඥයා, ඉලෙටොනික විශේඥයා හා ජැකට්ටුව තනන්නා යන තිදෙනාය. මේ තිදෙනාගෙන් පළමු දෙදෙනාට බලවත් පුහුනුවක් නැතිව මේ සියුම් කටයුත්ත කල නොහැකිය. හතර වැන්නාට මරාගෙන මැරීමට අවශ්‍ය මොළය සේදීම ද දීර්ඝ ක්‍රියාවළියකි.  මේ සියල්ල සිදුවී ප්‍රහාරයක් දියත්වීම යනු දවසක දෙකක හෝ මාස කීපයක වැඩක් නොවේ. වසර කීපයක මෙහෙයුමකි. ඊළාම් යුද්ධයේදී කොටි සංවිධානයට මිනිස් බොම්බ යොදා ගැනීමට යුද්ධය පටන්ගෙන වසර හතරක් පමණ ගත වුනේය. අප මේ සියල්ලෙන්ම අදහස් කරන්නේ පසුගිය ඉරිදා ප්‍රහාර මාලාවට දිගු ඉතිහාසයක් ඇතත් මේ රටේ නායකයන් මේ ඉතිහාසය ඉදිරියේ අන්ධයන් වී සිටි බව පැහැදිලි කර ගැනීමටය.

සියල්ල අවසාන අප කළ යුතුව ඇත්තේ පලමුව සිහි එලවා ගෙන ආපසු හැරී බැලීමය. දෙවනුව ඉදිරිය බැලිමය. මේ ලිපිය ඒ වෙනුවෙන්ය

නන්දන වීරරත්න ගේ මුහුණු පොතිනි.

Archive

Latest news

Related news