ඡායාරූපය: ග්‍රේතා තුම්බර්ග් ස්වීඩන පාර්ලිමේන්තුව ඉදිරිපිට වර්ජනයේ. Photograph: Michael Campanella/The Guardian.
ඒ් පසුගිය වසරේ අගොස්තු 20 සිකුරාදා ය. අතින් ඇදගත් පොස්ටරයක් බිත්තියට හේත්තු කරගත් ගැහුණූ ළමයකු ස්විඩන පාර්ලිමේන්තුව අසළ බිම වාඩි වී සිටියා ය. ඇයගේ පාපැදිය ද පසෙක නවතා තිබුණි. ඇයගේ පාසල් බෑගය පසෙකින් තිබිණි. ඇයගේ මුහුණෙහි වුයේ අපේක්ෂා භංගත්වයේ පෙනුමකි. ඇය පසු කර ගිය දෙනෝ දාහක් දෙනා ඇයව එතරම් සැළකිල්ලට ගත් බවක් නොපෙනුනි.
ඒ පොස්ටරයේ අතින් කලු අකුරින් ලියා තිබුණේ ‘පරිසරය සඳහා පාසැල් වර්ජනය’ කියා ය. ඇය සිකුරාදා පාසල් නොගොස් ඊලඟ සතියේ දී ත් පාර්ලිමේන්තුව අසළ එළෙසම වාඩි වී සිටියා ය. පාසළ පටන් ගන්නා උදෑසන 8.30ට එහි ගිය ඇය පැසළ අවසන් වන සවස තුනට නිවෙසට යන්නට සිය පැපැදියට නැගුණා ය.
ස්වීඩන් ජාතික පහලොස් හැවිරිදි ඒ් දැරියගේ නම ග්‍රේතා තුම්බර්ග් ය. දෙවන සතිය වන විට ඇයගේ වර්ජනයට යම් ප්‍ර්‍රසිද්ධියක් ලැබී තිබූ අතර රටෙහි පාලකයින් ද තරමක් කළබලට පත් ව සිටියා ය. ඇය පාර්ලිමේන්තුව පිහිටි ස්ථානයෙන් ඉවත් කෙරැණි. නමුත් ග්‍රේතා සිය වර්ජනය අත හැරියේ නැත.
ඒ් අගොස්තු මාසයේ 20වැනි දින බොහෝ දෙන සිතන්නට ඇත්තේ ග්‍රේතා ඇති වී නැති වී යන තවත් විරෝධතාවයක් ලෙස ය. එසේ නමුත් ඇය සිය විරෝධය අතහැරියේ නැත. ඇයගේ විරෝධයේ අරමුණ වූ පරිසර සංරක්ෂණය එන්න එන්නම ඉහළ ඉල්ලුමක් ලබා ගන්නා එකක් ද විය. එබැව්න්ම ක්‍රමයෙන් තවත් පිරිස් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පරිසරය වෙනුවෙන් සිකුරාදා පාසල් වර්ජනයට එක්වන්නට වූහ.
එක ගිනි පුලුගුවකින් මහා ගිනිදැල් ඇති විය හැක. සුලඟ කුපිත වූ කළ මහා කුණාටු පැන නගී, මේ පසලොස් හැවිරිදි දැරියගේ පරිසරය සඳහා පාසළ වර්ජනය ද එම ඉරණම ම උරුම කරගන්නට නියමිතව තිබුණි. ඒ අගොස්තු 20දායින් සිකුරාදා 32ක් ගිය තැන උදාවූ සිකුරාදාවෙහි දී රටවල් 71ක පාසැල් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ දහ දහස් ගණනාවක් ස්ථාන 700 දි පරිසරය රැක ගැනීමේ පාසල් වර්ජනයට එක් වූහ.
මේ වනාහී මෑත කාලයෙහි දරුවකු විසින් ආදර්ශය දෙනු ලැබූ දැවැන්තම මහජන සද් ව්‍යාපාරය ය යි. දැන් ග්‍රේතා තුන්බර්ග් යනු ලෝක තරුණ ව්‍යාපාරයකි. ඇය කියා සිටින්නේ ස්වීඩනය සිය රටෙහි ප්‍රතිපත්ති පැරිස් පරිසර ගිවිසුමට අනුකූළව සකස් කරන තුරු තමා සිකුරාදා පාසල් වර්ජනය අත නොහරින බවයි.
ලෝකය එන්න එන්නම වඩ වඩා උනුසුම් වෙයි. 2019 වසර යනු මෑත කාලයෙහි වසර 50කට වඩා කාලයක් තුළ වැඩිම රශ්ණයක් ඇතිවූ වර්ශය යි. 2018 වර්ශයෙහි කවරදාකවත් නැති පරදි ලැව් ගිනි ඇති විය. හිම කදූ වඩ වඩා දිය වෙයි. මහා සුළං කුනාටු ද එන්න එන්නම දරුණු කමින්ද ගණනින්ද වැඩිවෙයි.
වසර මිලියන 200ක් තුල ගොඩ නැගුණු ස්වභාවික සමතුලිතතාවය පසුගිය වසර 200 තුලදී මානව වර්ගයා විසින් විනාශයට පත් කර තිබේ. එය අවසානයක් නැතිව දිගටම සිදුවෙයි. ග්‍රේතා මේසේ කියයි. ‘ මට අව්රුදු 75ක් වුණාම මට දරුවො හිටියොත් ඒ ගොල්ල මගෙන් අහයි ඇයි මේ පරිසර විනාශය රැක ගන්න මුකුත් කරේ නැත්තේ කියලා. මට ඒ ප්‍රශ්ණයට දෙන්න උත්තරයක අවශ්‍යයි’.
ග්‍රේතා දිප්තිමත් ශිෂයාවකි. පාසල් යාම පිනිස ඇය සෑම දිනකම උදෑසන 6.00ට අවධි වෙයි. ඇයට අපස්මාරය හා සමාන රෝගයක් ඇතැයි ඇය කුඩා කාලයේ ම ඇයගේ මාපියන් දැන සොයා ගෙන තිබුණි. මේ අසනීපයට ලක්වන ලමයින් අනෙක් ලමයින්ට වඩා කණගාටුවට පත්වීමට බර වැඩි යැයි ද කියා තිබුණි. ඇය දැන් වඩාම කනගාටුවට පත්වන්නේ පරිසර විනාශය ගැනයි. මහජන රැස්වීම් වල කතා පවත්වන අතරම ඇය පාසලේ දී ගුරුවර ගුරුවරියන්ගෙන් විශයන් ඉගෙන ගනී. එය දුෂ්කරය. නමුත් කළ යුතු බව ඇය දනී.
ග්‍රේතා කුඩා කළ පාසලේදී කිසිසේත් ම කැපී පෙනෙන ශිෂ්‍යාවක වූයේ නැත. ඇයම කියන්නේ ‘තමා පසු පසට වී අසාගෙන සිටින’ ශිෂ්‍යාවකු ව සිටි බව යි. ඇයට තනිකමක්ද දැනුණි. පාසල් ජීවිතය ඒ්කාකාරි වි තිබුණි. ඇයගේ මව එරට ප්‍රසිද්ධ ඔපෙරා ගායිකාවක් වන අතර පියා රංගන ශිල්පියකු වෙයි. වයස අටේ දී පමණ සිටම ඇය සිය මාපියන් සමඟ ලෝකයේ ස්වභාවික පරිසරය බේරා ගත යුතු බවට තර්ක කරමින් සිටියේ ය. ඇය සිය ජීවිතය සාධනීය කර ගත්තේ පාසළ ඉක්මවා ගිය පරිසර සංරක්ෂණය සිය ඉලක්කයක් බවට පත් කර ගනිමිනි. ඇයට තිබූ ලොකුම වස්තුව වූයේ ‘ පරිසරය රැක ගැනීමට මොනවා හරි කළ යුතුමය’ යන අධිශ්ඨානයයි.
සෑම යහපත් ව්‍යාපාරයක්ම වාගේ සිය මුලු පියවර තබන්නේ පෙර ගමන්කරුවන්ගේ පා සළකුණු මතිනි.. ග්‍රේතාගේ පරිසරය සඳහා පාසල් වර්ජනය ද එවැනිය.
පසුගිය වසරෙහි පෙබරවාරි මාසයෙහි ඇමෙරිකාවේ ප්ලොරිඩාහි පාර්ක්ලෑන්ඩ් පෙදෙසේ උසස් විද්‍යාලයකට කඩා වැදුණු තුවක්කුකරුවකු එහි ශිෂ්‍ය ශිෂාවන් 17 දෙනෙකුට වෙඩි තබා මරා දැමූහ. මෙම සමූහ ඝාතනය දැවැන්ත ශිෂ්‍ය විරෝධතාවයකට මුල පිරුවේ එරට තුවක්කු පාලන නීති තද කරන සේ ඉල්ලමිනි. මෙම ඉල්ලීම රැගත් දහස් ගණන් ශිෂ්‍ය ශිෂ්‍යයාවෝ රටෙහි පරිපාලන අගනගරය වන වොෂින්ටන් නුවරට පා ගමනක යෙදුණි. මෙම පාගමන අතිශ්‍ය සංවේදී සටන් පාඨ වලින් සැරසී තිබුණි. එහි නායකතවය තරැණ ශිෂ්‍ය පිරිස් අත රැදී තිබුණි.
ග්‍ර්‍රේතා තුන්බර්ග් ඇතුළු ස්වීඩන ශිෂ්‍ය කන්ඩායමක් ද එවැනි උද්ඝෝෂණයක් පරිසරය වෙනුවෙන් කරන්නට කතා බහක නියැළුනි. ‘ මං තනියම මේ විරෝධය පටන් ගත්තේ ඒ කතා බහ ක්‍රියාවක් බවට පෙරළුනේ නැති නිසා’ යැයි ඇය කියයි. ‘ යමක් පටන් ගන්නේ නැතුව කතා පමණක් වැඩක් නැහැ’ යනු ඇයගේ අදහස ය.
පසුගිය මාස මාස හත අට තුළ ඇය එක්සත් ජාතීන්ගේ සමුළුවක් ද ඇතුළු ප්‍රධාන පෙලේ ලෝක සමුළු ගණනාවක් ඇමතුවා ය. ස්වීඩනයෙහි මහජන රැස්වීමක් ඇමැතූ ඇය ‘ මාව විඩියෝ කර ගන්න. ඊට පස්සේ සමාජ ජාල හරහා අපේ පණිවඩය පතුරුවන්න’ යැයි ඉල්ලා සිටිනු දුටු ඇයගේ පියාට කදුළු වැටුණි. මේ සෑම වේදිකාවකමදීම වාගේ ඇයගේ පණිවිඩය එකකි.
‘කලබළයට පත්වෙන්න. හරියට ඔබේ ගේ ගිනි අරං තියෙනවයි වගේ හිතන්න. අපට එතරම් කාලයක් නෑ පරීසරය බේර ගන්න. ඔබ ඇයි අපේ අනාගතය විනාශ කරනනේ. කිහිප දෙනෙක් ධනවත් වෙන්න, හරියට ස්වීඩනය වගේ සල්ලිකාර රටවල වගේ, අනාගතය ගැන තැකීමක් නැතිව පරිසරය විනාශ කරගෙන යනවා. මේ ක්‍රමයෙන් ධනවත් වෙන්නේ අතලොස්සයි. නැති බැරි ජනයාට බර පටවනවා. පරිසරය සුරැකීමයි සමානාත්මතාවයයි දෙකම එකටය යන්න ඔ්න. මේ ක්‍රමේ ඇතුළෙ පරිසරය රැක ගන්න බැරි නම් ක්‍රමය වෙනස් කරන්න. මම නම් හොදක් දකින්නේම නැහැ. පරිසර විනාශය දිගටම වෙනවා. අපි ඔබෙන් පරිසරය රකින්න කියළ යදින්න ආවේ නැහැ. අපි ආවේ වෙන පණිවිඩක් එක්ක. ඒ තමයි දැනටම එ වෙනස කරන්න තරුණ ජනයා වන අප පටන් අරං කියන එක.’
පරිසර රැකගැනිමට කටයුතු කරන විශේෂඥ පිරිස් කියන්නේ පරිසරයට මෑත කාලයේ දී සිදු වූ හොඳම දෙය ග්‍රේතා බවයි. ‘ඇය තමයි තරැණ ජනයා මේ වයාපාරයට ඇදළ ගත්තේ. ඇය බය නැහැ. කොතන ගියත් ඇත්ත කියනවා. බටර් ගාන්නේ නැහැ’
ඇය දැන් දහසය හැවිරිදි ය. ලෝක ව්‍යාපාරයක උදා තාරකාවිය යි. ඇය පටන් ගත්තේ තනිවම ය. වෙනස් විදිහකට ය. අලුත් සටන් පාඨයක් එක්ක ය. සියල්ලටම වඩා ආදර්ශයෙනි. ඇය ගුවනින් සංචාරය කරන්නේ නැත. ගමන දුම්රියෙනි. පරිසර විනාශයට ඉවහල් වන පරිභෝජනයෙන් වළකී. වෙනස තමන්ගෙන්ම පටන් ගැනීමකි.
ඇය අපේ කාලෙයේ පුංචි නොව ලොකුම ලොකු වීරවරියක් වන්නේ මේ සියල්ල නිසාය. අපට ඇත්තේ මේ පෘතුවිය පමණි. දෙවැනි පෘතුවියක් නැත. එය රැක ගැනීම තරම් වෙනත් වටිනා අරමුණක් කොහි ද?