Friday, April 26, 2024

ජර්මනිය සැකකාර එල්ටීටීඊ සාමාජිකයකුට යුද අපරාධ නඩුවක් පවරයි.

අත් අඩංඟුවට ගන්නා ලද රජයේ සොල්දාදුවන් 15 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් එල්ටීටීඊ සංවිධානයෙහි සාමාජිකයකු ලෙස සිටි බව කියැවෙන පුද්ගලයකුට එරෙහිව පසුගිය12දා ජර්මනියෙහි නඩු පවරන ලදී්‍

මෙම නඩුව පවරා ඇත්තේ විශ්වමය අධිකරණ බලය යටතේ ය.  පසුගිය මාර්තා මාසයේ පැවැති ජිනිවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළ වාර්තාවෙහිදී ,  මානව හිමිකම් මහ කොමසාරිස්වරිය ලංකාව තුල මේතාක් යුද සමයෙහි වූ අපරාධ සම්බන්ධයෙන් ක්‍රියාකිරීමට අධිකරණමය යාන්ත්‍රණයක පිහිටුවා නැති බැවින් විශ්වමය අධිකරණ බලය යටතේ හැකි අවස්ථාවනිහිදී එවැනි පුද්ගලයින්ට නඩු පවරන සේ අන්තර් ජාතික ප්‍රජාවෙන් ඉල්ලීමක් කළා ය.

37 හැවිරිදි මෙම පුද්ගලයාගේ නම සිවතීබන් බී. යනුවෙන් දක්වා තිබේ. ඔහුට විරුද්දව ඇති චෝදනාව වන්නේ විදේශ ත්‍රස්තවාදී සංවිධානයක සාමාජිකයකුවීම, යුද අපරාධ සිදු කිරීම, මනුෂ්‍ය ඝාතන දෙකක් සිදු කිරීම සම 11 වතාවක් මනුෂ්‍ය ඝාතනය සඳහා උත්සාහ කිරීමය. ජර්මානු රහස්‍ය නීතිය යටතේ ඔහුගේ වාසගම ප්‍රසිද්ධ කර නැත.

පැමිණිල්ල ඉදරිපත්කර ඇති චෝදනා වන්න් 2008 වසරෙහි දී මෙම පුද්ගලයා එල්ටීටීඊ ය විසින් අත් අඩංඟුවට ගෙන පසුව ඝාතනය කළ රජයේ සොලදාදුවන් 15 දෙනෙකු ුමුර කිරීම සහ පසුව එම සිරුරු පුලුස්සා දැමීමට සහය වීම යනුය. තවත් චෝදනාවක් නම් සොල්දාදුවන් 13දෙනෙකුට වෙඩි තබා ඉන් දෙනෛකු ඝාතනය කිරීමය.

 

ශ්‍රී ලංකාණ්ඩුව මේතාක් කිසිදු හිටපු එල්ටීටීඊ නායකයකුට එරෙහිව යුද අපරාධ නඩු පවරා නැත. යම් හෙයකින් රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු ඇමැතිවරයකු වන කරුණා අම්මාන් හෝ මහ ඇමැතිවරයකු වූ පිල්ලයාන් හෝ දැනට කිලිනොච්චියෙහි ආරක්ෂිතව ජීවත්වන කේ.පී . හෝ විදේශගත වුව හොත් ඔවුන්ට එරෙහිව ද මෙවැනි නඩු පැවරෙනු ඇති බව තතුදත් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

Archive

Latest news

Related news