Wednesday, May 8, 2024

සිිංහල බුද්ධාගමේ කුලවාදය නිකාය ගත වි ඇති සැටි (2) – නන්දන වීරරත්න

බොදු තාලිබාන් ප්‍රහාරයක කුල පරමානු බොම්බ …!

සිංහල සාහිත්‍යකලා ව්‍යාපාරය තමන්ට ඕනෑ හැටියට පාලනය කිරීමට නුතන බෞද්ධ භික්ෂූූූන් උත්සාහ කරන වගක් දැන් පෙනෙන්නට ඇත්තේය මේ එන්නේ ගුරුළුගෝමීන් ව්ද්‍යාචක්‍රවර්තීන් විදාගම මෛත්‍රිය වෑත්තැවේ හෝ තොටගමුවේ රාහුලා හදන්න නොව තනතුරු හා නම්බුනාම වෙනුවෙන් පොරකන පල් මෝඩ බඩබරුවන් රැලක් හදන්නය. මොඩයන් රැලක් සම්ඟ සටනට යන අප පළමුව අයිතිවාසිකම් වෙනුවෙන් සටන් නොකල යුතු බව අපේ යොජනාවය. මුලින්ම කල යුත්තේ ප්‍රශ්න කිරීමය. දන්නා හඳුනන සියලු දෙනාටම මේ මුලධර්මවාදීන් තමන් දෙසනා දර්මයේ මුල ධර්ම ආරක්ෂා කරනවාදැයි පලමුව ප්‍රශ්න කල යුතුය. මේ සඳහා රැස්කල ආයුධ ගබඩාවක්ම අප සතුව තිබේ. දැන් ඉතින් අපි නලනී ජාතකයේ තොරණක් මුහුනු පොතේ වත් ඉදි කලයුතුව තිබේ. නලනී ජාතක කාව්‍යක් අප සතුව තිබේ. එය හැකි ඉක්මනින් අපි අන්තර් ජාලයෙන් ජනගත කරමු


අමරපුුුර නිකායේ පුරසාරම

අප මීට පෙර ලිපියෙන් සියම් නිකාය කොතෙක් බෞද්ධ විරෝධි දැයි කීවෙමු. දැන් මේ කියන්නේ දුසිම් දෙකක් නිකාය ඇති අමරපුර නිකායේ කුල පුරසාරමය.

විශ්ව සාධාරණ ධර්මයක් පලමුව ්‍රවණය කල එහි අගනාම ඉගැන්වීම වූ මිනිසෙකු කුලවතෙකු හෝ කුල හීනයෙකු වන්නේ උප්පත්තියෙන් නොව ්‍රයාවෙන් බව ද කියනු හොඳින් ඇසු දළදාව වසර 2500 පසු බාරව සිටින පැවිදි නඩය එම ඉගැන්වීම් වලට සපුරාම විරුද්ධව යමින් තමන්ගේ කුලයේ ඇත්තන්ට පමනක් මහණ උපසම්පදව දීම යකඩ ප්‍රතිපත්තියක් කරගෙන සිටිද්දී සෙසු කුල වල මහණ උපසම්පදාවට අත්වන්නේ කවර විදිහේ ඉරණමක්ද?

මේ වනවිට ගිහියන් ්‍රමයෙන් අත්හරිමින් සිටි කුල ගැටුම සඟ සසුන ඉදිරියට ගෙන යන්නට මඟ පාදන්නේ පාතරට ගොවි කුලයට අයත් මාතර බෝවල ධම්මානන්ද හිමියන් පැවිදි කල බලපිටියේ සලාගම වංශයේ කුරුඳුකාර උප කුලයට උපන් වැලිතර ඤාණවිමල සාමනේරයන්ට සියම් නිකාය උපසම්පදාව නොදීමත් සමඟය. නුවර මලවතු විහාරයේම නැවති තුම්පනේ වැලිවිට සරනංකර සඟ රජුගෙන් ම ධර්මය උගත් ඤාණවිමල සාමනේරයන්ට කුලය නිසා උපසම්පදාව නොදීම බලපිටියේ ධනවත් කුරුඳුකාර කන්ඩායමට දැනෙනට ඇත්තේ තමන්ට කෙරුනු බලවත් අවමානයක් හැටියටය.

මේ බව පසුකාලීනව විමල් අභයසුන්දර කවියා ඉතිහසයට වාර්තා කරන්නේ මෙසේය


කතිකාවතක් පිට
කිත්සිරි රජ අණක් කොට
ගොවි වංශයෙන් පිට
උපසපුව නොදුන්හ කෙනෙකුට


කොහොම නමුත් මේ වන විට ඉංග්‍රිසි පාලනය යටතේ ජීවත්වූ කුරුඳුකාර කන්ඩායමේ නායකයන් වූ මහබද්දේ රාලලා ලඟ උඩරට රජ්ජුරුවන්ටත් වඩා මුදල් තිබූ බව එකල ප්‍රකට වී තිබුනේය මහා කප්පින වලව්ව බඳු දැවැන්ත නිවාස තැනුනේ මේ ධනවත් භාවය මතය.

බ්‍රවුන්රිග් ලවා මාදුගගෙන් ගැලවූ පෝය සීමාව

උඩරට රජ්ජුරුවන්ට යටත් නොවූ පහතරට සලාගම වංශය තමන්ගේම ධනයෙන් උපසම්පදාව බුරුමයෙන් ගෙන්වා ගන්නේය. නමුත් මේ උපසම්පදාව බලපිටියේ මාදු ඟඟේ කරගෙන යන්නට ලැබුනේ මුලු රටම ඉංග්‍රිසීන්ට යාටත් වෙන තෙක් පමණි . උඩරට රජතුමා නිරුවත්කර වැල්වලින් ගැට ගසා ජෝන් ඩොයිලි නැමැති ඉංග්‍රිසි ඔත්තුකරුවාට මැද මහනුවරදී භාරදුන් උඩරට රදලයෝ ඉන්පසු නුවර මඟුල් මඩුවේදී රොබට් බ්‍රව්න්රිග් ආන්ඩුකරයාට එකාවන්ව අත්සන් කර මුළු උඩරට රාජධානියම ලංඩනයේ වෙසෙන ඉංග්‍රිසි රජුට භාර කලහ. අනතුරුව වහාම බලපිටියේ කෙරෙන් උපසම්පදව නවතා සෙසු කුල උපසම්පදාව ලැබීම තහනම් කරන්නැයි සුද්දාගෙන් ඉල්ලා සිටියහ.
ආන්ඩුකාර බවුන්රිග් මේ අලුත් ගෝලයන්ගේ ඉල්ලීම වහාම ක්රියාවේ යොදවමින් බලපිටියේ උපසම්පදාව තහනම් කලේය මේ ඒ බව තහවුරු කරන විමල් අභයසුන්දරගේ තවත් කවියකි

මාදුඟඟේ සීමාවේ පැවැත් වෙන
උපසම්පදා කර්මය සෙද නවත් වන
තහනම් නිතියක් හදිසියෙ නිකුත් වින
රොබට් බ්රවුන් රිග් ලකිසුරු අණක් වින


නමුත් එකල රටේ ්‍රධාන නිශ්පාදනයක් වූත් ඒ වනවිට මුළු ලෝකයේම කුරුඳු වෙළදාමේ එකාධිකාරය ඉසුලු ඉංග්‍රිසින්ට කුරුඳුකාර නායකයන්ගේ තර්ජනය ඉදිරියේ මේ සුදු ආන්ඩුකාරයා හරහා පැමිනි සියම් නිකායේ කුලවාදී නියෝගය අකුලා ගැනීමට සිදු වුනේය. තවත් අතෙකින් ලංකා ඉතිහාසය නැවත වතාවක් වෙනස් කල කුරුඳු කර්මාන්තය සිංහල බුද්ධාගමට ගෙනා මේ ආගමික ප්‍රජාතන්ත්රවාදය වල්බුරු ප්‍රජාතන්ත්රවාදයක් වූ ආකාරය දැන් අපි සොයා බලමු.

කුරුදුකාර සලාගම කුල බලය

තමන්ට පුර්ණ ආගමික නිදහස් දිනා ගැනීමට ගෙන්වූ අමරපුර උපසම්පදාව සලාගම වංශයේම හේවාකාර උප කුලයට පෙනුනේ කුරුඳුකාරයන්ට වඩා පහත් වීමක් හැටියටය. මේ නිසා හේවාකාර කන්ඩායම තමන්ට වෙනම උපසම්පදාවක් ගෙන ආහ. මෙයින් නොසතුටට පත් එම කුලයේම ඌලියක්කාර උප කුලය ඔවුන්ට වෙනම උපසම්පදාවක් ගෙන එන්නේය. අනතුරුව සලාගම කුලයේම ගාල්ලේ දඩල්ලේ වෙසෙන කන්ඩායම තමන්ට වෙනම උපසම්පදවක් ගෙනෙනේය. අනතුරුව තලල්ලේ සලාගම්වරුත් වස්කඩුවේ සලාගම්වරුත් වෙන වෙනම උපසම්ප්දා ගෙන ඒමෙන් අමරපුර නිකාය කොටස් වලට බෙදෙන්නේය.

1803 දී සලාගම වංශය ගෙනෙනු ලැබු උපසම්පදාව තමන්ද ලබා ගතහොත් බාලවීමක් බව විශ්වාස කල කරාව වංශය 1808 වෙද්දී ශ්‍රී ල්‍යාණවංශය පිහිටුවා කතලුවෙන් වෙනම නිකායක් යටතේ තමන්ගේ කුලයේ භික්ෂූන්ට මහණ උපසම්පදාව දීම පටන්ගත්තේය. නමුත් 1924 දී එම නිකාය දෙකට බෙදුනේය. යලිත් 1972 වෙද්දී ඩ්යලිත් බෙදී ගිය මේ නිකාය දැන් නිකාය දුසිම් භාගයකට නොඅඩුව බෙදී ඇතිවාට කිසිදු සැකයක් නැත. මීට අමතරව කරාව වංශික භික්ෂූන් අමරපුර සමාගම යටතේ වෙනම නිකාය පිහිටුවා ගෙන සිටින්නේය.

අනතුරුව කරාවවරුන්ගේ උපසම්පාදාව අම්බලන්ගොඩ කරාවේ ජනයාට දොඩන්දුවේ කරාවේ ජනයාට කතලුවේ කරාවේ ජනයාට දෙවුන්දර කරාවේ ජනයා වෙනවෙනම උපසම්පදා ගෙන ඒමෙන් අමරපුර නිකායේ කරාව වංශික ප්‍රාදේශීය වාදයන්ට අනුව වෙන වෙනම ශඛා ඇතිවන්නේය. මේ වනවිට තනිකරම සිංහල බෞද්ධ නගරය හැටියට පවතින අම්බලන්ගොඩ කරිත්තකන්දේ පංසල අයිති කරාව කුලයේ එක් නිකායකටය. මහ අම්බලංගොඩ පංසල අයිති වෙනත් කරාව කුල නිකායකටය. කලුවඩුමුල්ලේ විජයාරාමය අයිති වෙනත් කරාව කුල නිකායකයට මේ තත්වයම බලපිටිය අතුලු සැම තැනකටම පොදුය.

නොබෙදුණු කුල නිකාය දුරාවය


තවමත් අමරපුර සමාගම තුල එක නිකායකට ගොනුවී සිටින්නේ දුරාව වංශය පමණි.‍ ඒ අමරපුර ශ්‍රී ධර්මරක්ශිත නිකායයි. මේ නිකාය ඔනැම කුලයක වැසියෙක්ට මහණ උපසම්පදාව දුන්නත් පංසල්වල නායක තනතුරු හා නිකායේ මහනායක තනතුරු සෙසු කුලවලට දෙන්නේ නැත. මෙයට අපුරු උදාහර දෙකක් ඉතිහාසයේ ඉතිරිවී තිබේ. බම්බලපිටියේ දී නාගරික ්‍රභූ දරුවන්ට පිරිසිදු බුද්ධාගම උගන්වන වජිරාරාමයේ කලක පෙර පැවිදිව සිටි නාරද හිමි වෙනත් කුලයකින් ධර්මරක්ශිත නිකායේ පැවිදි වූවෙකි. නමුත් වජිරාරාමයේ නායකකමට ්‍රකට බෞද්ධ නායයෙකු වූ මඩිහේ පඥ්ඥාසීහ හිමි දුරාව වංශය පත්කලේ නාරද හිමි පසෙකට තල්ලු කරමිනි. මේ නිකායේම වෙනත් කුලයකින් පැවිදිව සිටි ගංගොඩවිල සෝම හිමිට සුවිශාල සමාජ බලයක් හිමිවී තිබෙද්දීත් එකල ඇමතිවරයෙකුවූ මර්වින්ද සිල්වා තමුන්නාන්සේ තමන්ට අදාල කුල නිකායට බැඳී කැමති දේ කරන්නැයි නියෝග කිරීම දෙවැනි සිදුවීමය.

පිරිසිදු සිංහල බෞද්ධයන් වීම ගැන මහත් ආඩම්බරයෙන් සිටින දේව වංශය හෙවත් වහුම්පුර වංශය පවා අමරපුර සමාගම තුල වෙන වෙනම නිකාය දෙකක් තනා දෙකට බෙදී සිටින්නේය. මෙයින් අමරපුර අරියවංස සද්ධම්ම යුක්තික නිකායේ බහුතරයක් භික්ෂුන් කරන්දෙනියේ දේවවංශික නායකතවය යටතේ ගොනුවී සිට්ති. වලස්මුල්ලේ දේවවංශික භික්ෂු නායකත්වය ට යටත්ව සෙසු දේවවංශික භික්ෂුහු අමරපුර ම්රම්මවංශාභිධජ සිරි සද්ධර්ම යුක්තික නිකාය යටතේ ගොනුවී සිටිති.
කුල නිකායන්හි ඇමීබා ළකුන

බත්ගම වංශික භික්ෂුන්ගේ බෙදීම මේ සියල්ලටම නොදෙවෙනිය. සබරගමු අමරපුර සිරි සද්ධම්මවංස නිකායේ එක්නැලිගොඩ විහාර පර්ශවයට රත්නපුර දිසාවේ වෙසෙන බත්ගම වංශික භික්ෂුන් කොටසක් බැඳි සිටිද්දී එම දිසාවේම වෙසෙන තවත් බත්ගම වංශික භික්ෂුන් පිරිසක් සබරගමු අමරපුර සිරිසද්ධම්මවංශ නිකායේ පැල්මඩුල්ල පාර්ශවය යටතේ එක්සත්වී සිටිති. එම වංශයටම අයිති තවත් රත්නපුර දිසාවෙහි සිටින භික්ෂූන් කන්ඩායමක් සබරගමු අමරපුර සිරි සද්ධම්මවංසික නිකායේ ඉද්දමල්ගොඩ පාර්ශවයට බැඳී සිටිති.

මේ ආකාරයටම එම වංශයට අයත් මහනුවර මාතලේ හා කුරුනෑගදු දිසාවල සිටින භික්ෂුහූ වෙනවෙන නිකාය වලට බෙදී සිටිති.


තමන්ටම වූ කුල නිකායන් නැකැති විශ්ව හේන කුඹල් හා සුන්නක්කාර වංශික භික්ෂුන්ට නොතිබුනත් තමන්ගේම වූ පරම්පරාවට පවරන කුල පංසල් සිය ගනනක් තිබෙන්නේය.
මහනුවර කුරුනෑගල මාතලේ දිස්ත්‍රික්කවල ගොවිකුල භික්ෂූන්ගේ පාලනය යටතේ පවතින සියම් නිකායේ මල්වතු හා අස්ගිරි පාර්ශව දෙකේ කුල හිරිහැරයෙන් බෙරීමට බදුල්ල හා මොනරාගල දිසාවන් දෙකේ ජීවත්වෙන උඩරට ගොවි කුලයටම අයත් භික්ෂුහු පලමුව උඩරට අමරපුර නිකාය තනා පසුව ගොවි කුලයේ ්‍රාදේශීය බෙදීම් අනුව ඌව අමරපුර, උඩුකිඳ අමරපුර, උඩරට අමරපුර යනුවෙන් වෙන වෙනම සංඝ සභා පිහිටුවාගෙන සිටිති.
අමරපුර සමාගම යටතේ කුල හා ්‍රාදේශීය කුල හැටියට බෙදුනු නිකාය දුසිම් දෙකක් පමන ඇත්තේය.

කුල අනුව බෙදුනු භික්ෂු නිකාය හෝ පංසල් තවමත් නැත්තේ රෝඩී වංශයට හා කින්නර වංශයට පමනි ඔවුන්ට නුතන බෞද්ධ ප්‍රජාතන්ත්‍රවාදය තවමත් ලැබී නැත්තේ ඔවුන් රටේ ජනගහනයෙන් ඉතාම සුලු ප්‍රතිශතයන් නියෝජන කරන නිසාය.

ගිහියන් තුල නොපවතින සිංහල භික්ෂුන් අතරේ පමනක් පවතින මේ කුල හා ප්‍රාදේශීය කුල වාදී බෙදීම සංඝ සමාජයේ පතුලටම මුල් බැස ඇත්තේය. ඔවුහු තමන් විශ්වාස කරන සෙස්සන්ට උගන්වන ධර්මයට පරම විරුද්වූ මේ හැසිරීම ්‍රශ්න නොකෙරී ගෙඩිය පිටින්ම වන්දනා කෙරෙමින් යහතින් පවතින්නේය. දනගසා වඳින්නන් කිසිවෙකුටත් එය ්‍රශ්න කිරිමට ධෛර්යක් හෝ ආත්ම විශ්වාසයක් නැත්තේය. උදාරයකට දකුනු පලාතෙන් කොලඹ නගරයේ පදිංචියට පැමිනි කුලවත්තු සලාක දාන දෙකක් දිමට පුරුදුවී සිටිති. එයින් එකක් නිවස ලඟ පංසලටය. අනෙක අපේ පංසලට හෙවත් තමන්ගේ කුලයේ පැවිද්දන් සිටිනා කුල පංසලටය. මේ ගිහියෝ පොදුවේ හාමුදුවන් කියා භික්ෂූන් හැඳින්වූවත් අපේ හාමුදුරුවෝ කියා වෙනස් ආමංත්‍රනයක් කරන්නේ තමන්ගේ වංශයේ හෝ පවුල්වල කුල බැඳීම් ඇති භික්ෂුන්ටය.

මනාප ඡනද සහ කුල පංසල්

මේ කුල පංසල් ක්‍රමයෙන් මහත්ඵල මහත් අනිසංස ලබන්නේ දේශපාලකයන්ය. ඔවුන්ට මනාප ජන්දයේදී කුල චන්ද ඉතාම තීිරනාත්මකය. මෙහිදී කුල චන්ද සොයා ගැනීමට උපකාර න්නේ කුල පංසල්ය. කුල පංසල අවට වංශයේ ඇත්තෝ පදිංචි වී සිටිති. ඔවුන්ගේ චන්ද ලබා ගැනීමේ පහසුම මඟ පංසලය . ්‍රශ්නය තරමක් සංකීර්න වන්නේ එකම කුලයේ දෙතුන් දෙනෙක් පක්ෂ කීපයකින් පැමිනි විටය. එවිට සංඝ ගැට නමින් ගැමියන් හඳුන්වන උපක්‍ර යොදා ගැනෙන්නේය.

යුරෝපීය යටත් විජිතවාදය පසුපස ගාටමින් පැමිනි ධනවාදය අද අපට මී මුත්තා ජීවත්වීමට කළ කුල රස්සාව නොවැදගත් බව උගන්වා ඇත්තේය. සිංහල යථාර්තවාදී සාහිත්‍යයේ පියා මෙන්ම කොග්ගල ්‍රාඥ්ඥයා යන අපර නාමයෙන් හැඳිවූනු මාර්ටින් වික්‍රමසිංහ මීට සියවසකට පමන පෙරදී ගම්පෙරළි නවකතාව ලියද්දී කයිසාරුවත්තේ මුහන්දිරම්ගේ හෝ පියල්ගේ හෝ කුල නොලමට වග බලා ගත්තේය. ඔහු පියල්ගේ කුලය නොකියා ඔහු කත්කාරයාගේ පුතා ලෙස නම් කලේය. වික්‍රමසිංහ ගේ මේ යථාර්තවාදය එද්දී පහතරට සිංහල ගම්මාන වල තදින්ම කුල භේදය තිබුනේය.

උඩරට ප්‍රදේශවලදී හැර රටේ සෙසු සිංහල පලාත්වලදී මේ සමාජ තත්වය දැන් සපුරම වෙනස්ය. කුරුඳු තැලීම මසුන් මැරීම පෙදරෙරු රස්සාව හැම කුලයකම ජීවන මාර්ග බවට පත්වී තිබේ. නමුත් සිංහල ගිහියන් අතරේ නැති බෙදීමක් සිංහල පැවිද්දා පවත්වාගෙන යන්නේ ඇයි? විශේෂයෙන තමන්ගේ ආගමික ඉගැන්වීම්වලට හතුරු වූ වැඩවස්ම් සම්ප්‍රධායක් පවත්වාගෙන යන්නේ ඇයි?

මෙයට හේතුව දේපල හා තනතුරු කෑදරකම බව අපි විශ්වාස කරමු. සාංගික හෙවත් සඟ සතු කෙරෙන දේපොල පුද්ගලික දේපල බවට පත් කිරීමේ ආදර්ශය දුන්නේ මේ පවතින බෞද්ධ පුනර්ජීවනයේ ආරම්භකයා වූ වැලිවිට සඟ රජු . කුලයද බෙදීම් ද සඟ රජු නොතකා සිටියේය. උදාහරනයකට සියම් නිකායේ මල්වතු අස්ගිරි හටන පටන් ගැනුනේ සඟ රජුන් ජීවත්ව සිටිද්දීමය. කීර්ති ශ්‍රී රාජසිංහ පැවිදිවී සෙසු කුල භික්ෂුන් දෙසීයක් යාපනයට පිටුවහල් කරද්දී ඔහු නිහඬ වුනේය. අනතුරුව සාංගික දේපල පැවිදිවූ සිටිනෑයන්ට දුන්නේය. රජු මරා දැමීමේ කුමන්ත්‍රනයට හවුල් වුනේය. තවමත් පවතින්නේ අවසාන සඟ රජු පටන් ගත් මේ සමප්‍රදායන්ය.

අනගාරික ධර්මපාලට නොදුන් උපසම්පදාව

මේවා කෙතරම් භයංකරද කීවොත් නුතන සිංහල බෞද්ධ ව්‍යාපාරයේ පියාවු අනගරික ධර්මපාලයන් සැඳෑ සමයේ පැවිදිවූ විට ඔහුට කුලය මත උපසම්පදාව දීම පැවිද්ද දුන් ගොවිකුල නිකාය ප්‍රතික්ශේප කලේය. මේ තතුවලින් පැවසෙන්නේ කවර තරමක කුල අහංකාරයක් ඒ ඒ කුල නිකායික භික්ෂූන් තුල ඇද්ද යන්නය. දිසාවකට සියගනනක් සිටින සිටින විවිධාකාර සංඝ නායකයන් ඔවුන් සතු දේපොල තක්සේරු කරනවිට ්‍රභූ භාවයක් නඩත්තු කර ගැනීමේ ශ්‍යතාවය හොඳින් පෙනෙයි.

බෞද්ධ කුල භික්ෂුවගේ බලය

මේ තත්වයට එරෙහිව නැඟුනු පලමු ගිහි කැරැල්ල පසුගිය සියවසේ මැද භාගයේ පටන් ගැනුනු විනය වර්ධන නිකායයි. කිසිම පැවිද්දෙක් නැති මේ නිකාය තනිකරම ධර්මය දත් ගිහියන් විසින් පාලනය කරන්නකි. ඔවුන් පාංසකූලයකටවත් භික්ෂුවක් කැඳවන්නේ නැත. නමුත් අවාසනාවකට ඔවුන්ට කිසිදු ්‍රසිද්දියක් දීමට ජනමාධ්‍ය ඉදිරිපත් වන්නේ නැත. වරක් මේ ලියුම්කරු බීබීසි සිංහල සේවයේ ජනමධ්‍යකරුවෙක්ව සිටිද්දී විනයවර්ධන නිකාය ගැන වැඩසටහන් තැනීමට දැරු උත්සාහය නතර කෙරුනේ එකල එම ගුවන්විදුලි වැඩසටහන මෙරටේදී රජයේ ගුවන් දුලිය කරගෙන ගිය ්‍රති විකාශනය නවතා දමන බවට තර්ජනය කිරීමෙනි. ලංකාවේදී කුලවාදි භික්ෂු එතරම්ම බලවත්ය. නමුත් තවමත් කුලවාදයට දන්ඩ නමස්කාර කරන රටකදී මෙබඳු බෙදීම් සමාජයක් තුලින් අතු ගා දැමීම පහසු කටයුත්තක් නොවේ. නමුත් මෙහි අපුරු සරදම ජාතියේ මෙන්ම දේශයේ ආරක්කයන් හැටියට කුලවාදීන් පෙනිසිටීමය. කුලවාදීනට මුක්තියක් ලැබෙන නිසා රට තුලදී ඔවුන් ්‍රශ්න නොකෙරෙන්නේය. මේ පසුබිමේ සිට බලද්දී ලංකාවේ දෙමල බස කතා කරන බෞද්යන් නොසිටීම වාසනාවකැයි අපට සිතේ. වැරදීලාවත් දෙමල බෞද්දයන් ලංකාවේ සිටීයේ නම කවර තරමක කුලවාදයක් සංඝ සමාජයට ඇතුළුවනු ඇත්ද?

  • නන්දන විරරත්නගේ මුහුණු පොතිනි.

Archive

Latest news

Related news