ජායාරූපය: සමාජ මාධ්‍ය ආචාඑ ධර්ම සංග්‍රහය සඳහා එක් වු සංවිධාන.
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ මූලිකත්වයෙන් සකස් කළ ‘වගකීම් සහගත සමාජ මාධ්‍ය භාවිතාවක් සදහා වන මගපෙන්වීම් මාලාව ’ නැතහොත් සමාජ මාධ්‍ය ප්‍රකාශනය පසුගිය 19 දින කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍රණශාලාවෙදී එළිදැක්වීය. එළිදැක්වූ ප්‍රකාශනයේ මූලික අරමුණ වගකීම් සහගත සමාජ මාධ්‍ය භාවිතාවක් සදහා ඩිජිටල් සාක්ෂරතාවය සමග තොරතුරු සමාජයකට ප්‍රවේශවීමේ අයිතිය තහවුරු කිරීමයි. ඊට අමතර සමාජ මාධ්‍ය නිශේධනාත්මක පරිශීලනයේ ශක්‍යතා බැහැරකිරීම හා මානව හිමිකම් මත රාමුගත වූ සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් ලෙස සමාජ මාධ්‍ය දිරිගැන්වීම එහි අනුඅරමුණු ලෙස දක්වා තිබුණි.
නූතන නව ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය තුළ අධිපතිවාදී මෙන්ම විකල්ප මතවාද සකස් කිරීමේ තීරක කාර්යය සමාජ මාධ්‍ය විසින් ඉටුකරන බව පිළිගැනීමට අපට සිදුවේ. එහිදී අදහස් බෙදාගැනීම, විචාරශීලී සංවාද නිර්මාණය කිරීම, අධිපති චින්තන ධාරා ප්‍රශ්නකිරීම හා විකල්ප කතිකාවත් ඇතිකිරීමේ අසීමිත හැකියාවක් සමාජ මාධ්‍ය සතුයි. යම් තීරණාත්මක සිදුවීම් හා අවස්ථා අශ්‍රිතව සාමූහික ක්‍රියාකාරකම්වල නිරත වීමට, සංවිධානය කිරීමට හා ඒවාට අදාළව පෞද්ගලික මත දැරීමට සමාජ මාධ්‍ය ඉඩ සලසයි. සමාජ මාධ්‍යයට අනන්‍ය වූ මෙම සුවිශේෂීභාවය පොදු යහපතට හානි පමුණුවන, සමාජ-දේශපාලන තන්ත්‍රයන් වෙනස් කිරීමට මෙන්ම විකෘති කිරීමට දායක වෙමින් සිටී.
ලෝක පරිමාණව මෙන්ම ලංකාවේද ක්ෂණික උසිගැන්වීම්වලට විචාරශීලීත්වයෙන් තොරව යටත්වීමේ සමාජ මාධ්‍ය දක්වන විභවතාවය ජාතිකත්වය, ආගම, කුලය හෝ ලිංගික දිශාන්නතිය වැනි ආන්තික සාධක මත ප්‍රජාතාන්ත්‍රික ,මූලධර්ම මූලධාර්මික නොනසමින්, ව්‍යුහාත්මකව නසමින් තිබේ. එමනිසා නියාමනයෙන් දුරස්ථ වන හෝ ආචාරධාර්මික ප්‍රාග්ධනය ශුන්‍ය සමාජ මාධ්‍යයේ හැසිරීම නූතන ප්‍රජානත්‍රවාදයේ පැවැත්මට ලොකුම බලපෑම කරමින් සිටී. එවැනි තත්වයක් උඩ වගකීම් සහගත සමාජ මාධ්‍ය භාවිතාවක් සදහා සමාජ මාධ්‍ය ප්‍රකාශනයක් සකස්වීම කල්පසුවූ කාලෝචිත අවශ්‍යතාවයකි.
ප්‍රකාශනයක් ලෙස සංගෘහිත වූ යහපත් සමාජ මාධ්‍ය භාවිතයකට අවශ්‍ය එකගවීම් මාලවේ කරුණු කිහිපයක් ගැන මෙහිදී අපගේ අවධානය යොමුකිරීම වැදගත් වේ.
පළමුවැන්න රාජ්‍යයේ බලකිරීමකින් හෝ අනුග්‍රයකින් තොරව සමජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් සිවිල් සමාජ ක්‍රියාකාරිකයින් මෙම ප්‍රකාශනය සකස් කිරීමට රාශිගතවීමයි. ප්‍රකාශනයේ සිවිල් සමාජය තුළ ක්‍රියාකාරී සිවිල් සංවිධාන 19ක නියෝජිතයන්ගේ අදහස් අඩංගුය. එවිට මෙම ප්‍රකශනය යනුම සිවිල් සමාජයද ඔවුන් නියෝජනය කරන සමාජ කණ්ඩායම් සියල්ලන්ගේම ස්වයං එකගවීම් මාලාවක්. අනෙක් අතට සිවිල් සමාජය තුළින්ම නිර්මාණය වූ ප්‍රකාශනයක් නිසා මෙම පොදු සම්මුතීන් මාලාවට රාජ්‍ය විසින් බලහත්කාරීභාවය යෙදවා පනවනු ලබන නීතියකට නොමැති ආකාරයේ මහජන වසගයක් (Public Persuasion) ද ලබාගැනීමේ විශාල ඉඩකඩක් මෙම ප්‍රකාශනය සතුය’. එනම් මෙම ප්‍රකාශනය සමාජ මාධ්‍යයට අචාරධාර්මික ප්‍රාග්ධනයක් ගොඩනගාගැනීමට වෙහෙසෙන පරිශීලකයන්ගේ ආත්මභාෂණයක් ලෙස හැදින්වීමේ හැකියාවයි.
මෙරට ස්ත්‍රී පුරුෂ සමාජභාවය ආගම කුළය දේශපාලන ඇදහීම් පදනම් කරගෙන ක්‍රියාත්මකවන වෙරය හා ප්‍රචන්ඩත්වය වැපිරවීම් අභිබවා මෙරට සමාජ මාධ්‍ය වේදිකාවලටත් සිවිල් සමාජයටත් වැඩි වගකීමක් දරන්නට සිදුවේ. විශේෂයෙන්ම පසුගිය කාලයේ යම් හුදෙකලා සිදුවීමක් මුල්කරගෙන සිදුවූ අම්පාර හා දිගන සිදුවීම් පවා අතිශය අමනුෂික තැනකට තල්ලුකිරීමට දුස්සමාජ භාවිතය අතිශය තීරණාත්මක වෙයි.
එමනිසා දුස්සමාජජාල භාවිතයට එරෙහිව අන්තර්ගත සුපරීක්ෂණයට ලක් කිරීමේ ධාරිතාව පුළුල් කිරීමේ අවශ්‍යතාවය ගැඹුරින් අවධාරණය කිරීමේ කාර්යයේදී මෙවැනි ප්‍රකාශනයක් සකස්වීම ඉතා වැදගත් වේ. සමාජ ජාල වේදිකාවල වෛරී කථනයට එරෙහිව සටන් කිරීමින් මානව ගරුත්වය අගය කිරීමේ අරමුණෙන් සිවිල් සමාජ එකතුව ක්‍රියාකාරීත්වය ගොඩනගාගත් ආදර්ශමත් ව්‍යාපාරයක් වන මියැන්මාරයේ ර්‍ණත්‍කදඇර ීචැැජය” වැනි ව්‍යාපාරයක් සිවිල් සමාජ තුළින්ම නිර්මාණය කරගැනීම ලාංකික සිවිල් සමාජ අභිමුව ඇති වගකීමයි.
රාජ්‍ය මැදිහත්වීමෙන් හුදෙකලා වූ නිදහස් අදහස් පළකිරීම ඇතුලු කිසිදු මානව අයිතිවාසිකමක් තහවුරු කර ආරක්ෂා කරන පරිසරයක් නිර්මාණය කරගැනීමේ හැකියාවක් නැත. එමනිසා මෙම සමාජ මාධ්‍ය ප්‍රකාශනයේ වැදගත්ම අයිතමය අනාගත යහ ආණ්ඩුකරණය සදහා (2015 යහපාලන ආණ්ඩුව ක්‍රියාවේ යෙදවූ අකාරයට නොවේ.) මැදිහත්වීමට ඊට ඇති අවකාශයයි. 2017 නොවැම්බර් 23 නවදිල්ලියේදී පවත්වන ලද සයිබර් අවකාශය පිළිබද ගෝලීය සමුළුවේදී අන්තජාලයේ ක්‍රියාකාරීත්වය ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුව පොරොන්දු වී තිබේ. පවතින නීති රාමුව තුළ ලංකාව අත්සන් තබා ඇති සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර සම්මුතිය වැනි ගිවිසුම් ක්‍රියාත්මක කරමින් ද ප්‍රතිසංස්කරණ කරමින්ද ඔන්ලයින් අවකාශය තුළ අනෙකාගේ ගරුත්වය :ෘසටබසඑහ දf එයැ ධඑයැර* ආරක්ෂා කරදීමට රජය සතු වගකීම තීරණාත්මකය. එවැනි අනාගත අපේක්ෂාවන් ලගාකරගැනීමට රාජ්‍යයට බලකිරීමේ හැකියාවක්ද මෙම සමාජ මාධ්‍ය ප්‍රකාශනය සතුය’