Tuesday, July 16, 2024

සිවිල් සමාජයෙන් ජාතික ඉඩම් ප්‍රතිපත්තියක් යෝජනා කිරීමට ‘ඉඩම් සඳහා වූ මහජන කොමිසමක්’

ජයාරූපය: ඉඩම් නැතිකම සහ රජය ජනයාගේ ඉඩම් උදුරා ගැනීම මෙරට බරපතල ප්‍රශ්ණයකි. ( ජායරූපය විකල්ප වෙතිනි)

සිවිල් සමාජ ක්‍රියාධරයින්ගෙන් සමන්විත ‘ඉඩම් සඳහා වූ මහජන කොමිසම’ පිහිටුවා ඇති බව ඉඩම් අයිතිය සඳහා වූ ජනතා සංවිධානය (PARL) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. මෙම කොමිසමෙහි අරමුණ වන්නේ  ඉඩම් සහ ස්වභාවික සම්පත් සඳහා ස්වකීය අයිතිය උල්ලංඝනය වූ හෝ තර්ජනයට ලක්වූ ප්‍රජාවගේ අදහස් සහ මතවාද පදනම් කර ගනිමින් ජාතික ඉඩම් ප්‍රතිපත්තියක් සඳහා අවශ්‍ය රාමුවක් සකස් කිරීම බව එම නිවේදනය සදහන් කරයි.

සම්පූර්ණ නිවේදනය පහත පළවේ.

2019 මාර්තු 06.

PARL ඉඩම් සඳහා වූ මහජන කොමිසම

මාධ්‍ය නිවේදනයඅවතැන්වූ ප්‍රජාව, සිවිල් සමාජ සංවිධාන සහ ශ්‍රී ලංකාව පුරා ඉඩම් සම්බන්ධ ගැටළු වෙනුවෙන් වැඩ කරන ක්‍රියාකාරීන්ගෙන් සැදුම්ලත් ජාලයක් වන ඉඩම් අයිතිය සඳහා වූ ජනතා සංවිධානය (PARL) විසින් ඉඩම් සඳහා වූ මහජන කොමිසම ආරම්භ කරන ලදි. මෙම කොමිසමේ අරමුණ වන්නේ ඉඩම් සහ ස්වභාවික සම්පත් සඳහා ස්වකීය අයිතිය උල්ලංඝනය වූ හෝ තර්ජනයට ලක්වූ ප්‍රජාවගේ අදහස් සහ මතවාද පදනම් කර ගනිමින් ජාතික ඉඩම් ප්‍රතිපත්තියක් සඳහා අවශ්‍ය රාමුවක් සකස් කිරීම වේ.

ඉඩම් සහ ඒවායේ භාවිතය සම්බන්ධ ගැටළු නිසා ශ්‍රී ලාංකික ජනතාවට සමාජයීය, ආර්ථික, මූල්‍යමය සහ දේශපාලනික ගැටළු රාශියකට මුහුණ දීමට සිදුවී තිබේ. පුද්ගලික රුචීන් මත පදනම්ව ගැටුම්කාරී හිමිකම් ප්‍රකාශ කිරීම් හේතුවෙන් මෑත ඉතිහාසයේ ගැටුම් ගණනාවක් ඇතිවී තිබේ. ප්‍රවේශය සහ ඉඩම් හිමිකාරීත්වය ජන ජීවනෝපාය, ජීවන තත්වයේ ගුණාත්මකබව සහ ඔවුන්ගේ අනාගතයට සෘජුවම බලපාන බැවින්, ශ්‍රී ලංකාව සඳහා ඉඩම් ප්‍රතිපත්තියක් සකස් කිරීමේදී ජනතාව කේන්ද්‍ර කොටගත් සාධාරණ ප්‍රවේශයක් අත්‍යාවශ්‍යය

වේ. කෙසේ වුවද වර්තමානයේ එවන් මූලික ඉඩම් ප්‍රතිපත්තියක් රටෙහි ඉඩම් සම්බන්ධ ගැටළු පාලනය සඳහා නිර්මාණය වී නොමැත.
කොමිසම විසින් මාස තුනක කාලයකදී, රටේ විවිධ ප්‍රදේශ වලදී මහජනතාවට සවන්දීමෙන් සහ ඉලක්ක කණ්ඩායම් සාකච්ඡා පැවැත් වීම තුළින්  තොරතුරු එක්රැස් කිරීම සහ හා බලපෑමට ලක්වූවන්ගේ අදහස් ලබාගැනීම සිදු කරයි. මෙම මහජන සවන්දීමේ වැඩසටහන් 2019 මාර්තු මස 8 වැනිදා මන්නාරමේ නගරයේදී ආරම්භ වන අතර අනතුරුව පොළොන්නරුව සහ අනුරාධපුර නගර වලදී ක්‍රියාත්මක වනු ඇත.  තවද අම්පාර, වව්නියාව, මොණරාගල, මුලතිව්, ත්‍රිකුණාමලය, මඩකලපුව, නුවර, හම්බන්තොට, මාතර, මාතලේ සහ කොළඹද කොමිසම විසින් ආවරණය කරනු ලබයි. එහිදී හමුදාකරණය, සංවර්ධන ව්‍යාපෘතීන්, අසාධාරණ රාජ්‍ය ප්‍රතිපත්තීන් සහ ‌ෛඑතිහාසික කොන්කිරීම් හේතුවෙන් ඉඩම් අයිතිවාසිකම් කඩවූ ප්‍රජාව හමුවී ජාතික ඉඩම් ප්‍රතිපත්තියක් සඳහා ඔවුන්ගේ යෝජනා සහ නිර්දේශ එකතු කර ගනු ලැබේ.

දේශීය ප්‍රජාවට ඉඩම් හිමිකාරීත්වය සහ ඉඩම් මෙන්ම ස්වභාවික සම්පත් වලට ප්‍රවේශවීම පාදක කරගත් ගැටළු, පොදු ජනතාවට උපරිම ප්‍රතිලාභ ලබාගත හැකි පරිදි ඉඩම් සහ පරිසරය නිසිලෙස කළමණාකරණය කිරීම, ප්‍රාදේශීය ප්‍රජාවන්ගේ ජීවනෝපාය ප්‍රවර්ධනය කිරීම, පරිසර පද්ධතියේ සංරක්ෂණය තහවුරු කිරීමත, ඉඩම් සම්බන්ධයෙන් දැනට පවතින ප්‍රතිපත්ති සහ ක්‍රියාවන් සමාලෝචනයත් යන කාරණා කෙරෙහි කොමිසම විසින් පළමුව අවධානය යොමු කරනු ඇත. ඉන් අනතුරුව අවතැන්වූවන් සහ මෑතකදී නැවත පදිංචි කරන ලද ජනතාව විසින් සපයන තොරතුරු සහ ආදාතයන් විශ්ලේෂණය කර ශ්‍රී ලංකාවට ජාතික ඉඩම් ප්‍රතිපත්තියක් සකස් කිරීම සදහා උපදේශක ලෙස යොදාගනු ඇත.

ඩම් අයිතිය සඳහා වූ ජනතා සංවිධානය (PARL) විසින් මෙම උපදේශක, ඉඩම් අයීවාසිකම් මත ජීවිත තීරණය වන්නාවූ ජනතාවගේ අවශ්‍යතා සහ නිර්දේශන් මත පදනම් වූ ජාතික ඉඩම් ප්‍රතිපත්තියකට යොමු කිරීම වෙනුවෙන් යොදාගැනෙනු ඇත.

ඉඩම් කොමිසම පහත සාමාජිකයින්ගෙන් සමන්විත වනු ඇත;

  1. ඒර්මිසා ටෙගල්, නීතීඥ, කොළඹ
  2. ගනේෂ්ලිංගම් ගනේෂ්, ක්‍රියාකාරී, MONLAR, මස්කෙළිය
  3. ගොඩ්ෆ්‍රි මලර්නේසන්, ක්‍රියාකාරී, මාතරම් (Maatram) පදනම, වව්නියාව
  4. ඉරෝමි පෙරේරා, පර්යේෂක, කොළඹ
  5. ජන්සිලා මජීඩ්, කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරී, Women’s Action Network (WAN), මුලතිව්
  6. කේ. නිහාල් අහමඩ්, ක්‍රියාකාරී, Human Elevation Organization (HEO), අම්පාර
  7. මහේන්ද්‍රන් තිරුවරන්ගන්, කථිකාචාර්ය, යාපනය විශ්ව විද්‍යාලය
  8. ප්‍රියලාල් සිරිසේන, නීතීඥ, කොළඹ
  9. ප්‍රියංකර කොස්තා, ක්‍රියාකාරී, NAFSO, මීගමුව
  10. සංජීව චාමිකර, පරිසරවේදී ක්‍රියාකාරී, MONLAR, කොළඹ
  11. සරලා ඒම්මානුවෙල්, කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරී, Women’s Coalition for Disaster Management, මඩකලපුව

Archive

Latest news

Related news