Monday, May 20, 2024

සිරිසේනගේ පිටිකිරි විසයි කතාවට රාජිතගෙන් පිළිතුරු: “කතා වැඩක් නෑ, එහෙනම් තහනම් කරන්න!”

(ඒෂින්මිරර් 18.02.19) “කිරිපිටි ශ්‍රී ලංකාවට ආනයනය කරනවාද නැද්ද යන්න වෙනම ප්‍රශ්නයක්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සැසිවාරයක දී මව්කිරි ප්‍රචලිත කිරීමේ යෝජනාව මම ජයගත්තේ ඇමරිකාව සමග සටන් කරමින්. මම දරුවන් වෙනුවෙන් එම සටන දියත් කළේ.  මගේ සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳව සාකච්ඡා කිරීමට ඇමරිකා එක්සත් ජනපදයේ සෞඛ්‍ය අමාත්‍යවරයා එරටට පැමිණෙන ලෙස ආරාධනා කර තිබෙනවා. නමුත් එම සාකච්ඡාවට යාමට මට අවස්ථාවක් නැහැ. කිරිපිටි අනවශ්‍ය නම් තහනම් කරන්න පුළුවන්. නමුත් දේශිය වශයෙන් දියර කිරි නිෂ්පාදනය කරන්නේ සියයට 10 යි.  සියයට 90 ක්ම කිරිපිටි භාවිත කරනවා. දියර කිරි අවශ්‍යතාවය සපුරා නොගෙන දරුවන්ට කිරිපිටි ලබාදීම පිළීබද ගැටලුවක් මතු වෙනවා. කිරිපිටි සම්බන්ධයෙන් කරන දේශපාලන සටන් පාඨ නිසා රට විනාශ වෙනවා. ඒ බොරු දේශපාලනයයි. මම විද්‍යාව හදාරපු කෙනක්. යමක් පිළිගන්නේ විද්‍යාත්මකව ඔප්පු කළොත් විතරයි.

“අවිද්‍යාත්මක දේවල් පිළිගන්නේ නැහැ. කිරිපිටිවල ඌරු තෙල්, එළවලු තෙල් තියෙනවා කියලා විද්‍යාත්මකව ඔප්පුකර නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශය සිදු කළ පරීක්ෂණ වලින් ඔප්පු වී ඇත්තේ කිරි, මේදය හැර වෙනත් කිසිවක් අඩංගු නැහැ කියලයි.  නවසීලන්තයෙන් ආනයනය කරන කිරිපිටි භාවිත කරමින් එම පරික්ෂණය සිදු කොට තිබෙනවා. විවිධ බොරු ප්‍රකාශ සිදු කළ විට මුස්ලිම් ජනතාවට කිරි පිටි බොන්න බැහැ. මොකද ඌරු තෙල් තිබෙන බව ප්‍රකාශ කළ විට. එහෙනම් මුස්ලිම් ජනතාවගේ නිවාස වලට අවශ්‍ය කිරිපිටි වෙනුවට එළහරක් ලබාදිය යුතුයි. සංකීර්ණ ක්‍රියාවලියක් සරළව කථා කරලා වැඩක් නැහැ.  මම අග්‍රාමාත්‍යවරයාට යෝජනා කළා ඉන්දියාවේ අමුල් සමාගමේ ක්‍රමවේදයට අනුව ගම් මට්ටමින් දියර කිරි භාවිතය හුරු කළ යුතු බව. රජයේ ඉදගෙන නියෝග දීලා වැඩක් නැහැ. බලය දුන්නේ කියවන්න නොවෙයි. වැඩ කරන්නයි. මාව ගන්න බහුජාතික සමාගම් වලට බැහැ. මීට පෙර 1947 වසරේ සිට සෞඛ්‍ය අමාත්‍යවරුන් සිටියත් දුම්කොළ සදහා සියයට 90 ක බදු පැනවීමට කාටවත් බැරි වුනා.  බහුජාතික සමාගම් නිෂ්පාදනය කරන පැණිබීම වලට බදුපැනවීමට කාටවත් බැරි වුනා. ඖෂධ මිල අඩු කිරීම, ස්ටෙන්ස් සහ අක්ෂි කාච මිල අඩු කිරීම කවුරුවත් කළා ද. දේශපාලනය කිරීමේ දී කියන්න පුළුවන්. නමුත් කරන්න ගියාම අමාරුයි. ඇතැම් ක්‍රියාමාර්ග බලය, මුදල් යොදා ඇමැතිවරු නතර කළා. මට කවුරුවත් ලොකු නැහැ. පොඩිත් නැහැ. කරන්න පුළුවන් තරම් වැඩ මම කරනවා. මම යටත් වන්නේ ජනතාවට විතරයි. වෙන අයට යටත් වෙන්නේ නැහැ. මම මගේ ගමන ඉදිරියටම යනවා.”

 

Archive

Latest news

Related news