Wednesday, May 8, 2024

ජනපති ඝාතන නාටකය: නාමල් කුමාරට සල්ලි එවූ තුෂාර පිරිස් කාගේ කව්ද?

ජායාරූපය: මේ තුෂාර පීරිස් ප්‍රභාකරන් නමින් රාජපක්ෂ ආණ්ඩුවේ සහායෙන් සිනමා පටයක් හැදූ පුද්ගලයාය.

ජනපතිගෙන්ම වැටුප් ලබමින් ජනපති ඝාතන කුමන්ත්‍රණයකට හවුල් වූ බව කියන පොලිස් ඔත්තුකරු නාමල් කුමාර තමාට මුදල් එවූයේ ප්‍රංශයේ සිටින තුෂාර පීරිස් යැයි කියා තිබේ. මෙම තුෂාර පීරිස් ගැන පහත සටහන ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියෙනි.

පසුගිය සැප්. 27 දා   නාමල් කුමාර කළ නවතම හෙලිදරව්ව දෙමළ ඩයස්පෝරාවේ සහාය ලබන ප්‍රංශයේ වෙසෙන තුෂාර පීරිස් නමැත්තෙක් මුස්ලිම් ඇමැතිවරු ඝාතනය සඳහා අවි ලබාගැනීමට මුදල් එවීම පිලිබඳ සැලසුමකි.

චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු වන තුෂාර පීරිස් යනු මහින්දගේ සහ ගෝඨා ගේ ඉතාම කිට්ටු හිතෛෂි වන්තයෙකි. දස අතේ ණය වී සිටි ඔහු ණය කරුවන්ගෙන් බේරීම සඳහා මුලින්ම ඉතාලියට පැන ගොස් එහිදී “ප්‍රභාකරන්” චිත්‍රපටය ලියා එය තිරගත කිරීමට අවශ්‍ය මුදල් ඉල්ලා සිටියේ ගෝඨා ගෙනි. මහින්ද ඉලේපෙරුමලා තිර පිටපත කියවා අනුමත කිරීමෙන් පසු ගෝඨා ගේ නියෝගය පරිදි මේ සඳහා මුදල් වැය කිරීමට කොම්පැනිකරුවන් කීප දෙනෙක් එකඟ විය. ඉන්පසු ලංකාවට පැමිනි තුෂාර පීරිස්  ලංකාවේදී චිත්‍රපටයේ රූගත කිරීම් සිදුකොට අවසන් වැඩකටයුතු සඳහා එය රැගෙන ගියේ ඉන්දියාවේ චෙන්නායිවල තිබෙන “ජෙමිනි කලර් ලැබ්” වෙතය. එහිදී මෙම චිත්‍රපටය පිලිබඳව ආරංචි පැතිර යාමත් සමඟින් ප්‍රකෝප වූ එල්ටීටීඊ හිතවාදීන් “ජෙමිනි කලර් ලැබ්” වටලා කළ විරෝධතා හේතුවෙන් චිත්‍රපටයත්, ජීවිතයත් රැකගත් තුෂාර පීරිස් ආපසු ලංකාවට පැන ගත්තේ පූරුවේ වාසනාවකටය.

මහජන ප්‍රදර්ශනයට පෙර ගෝඨා ගේ ආරක්ෂක අමාත්‍යංශය හා අනෙකුත් ආරක්ෂක ප්‍රධානීන් මෙම චිත්‍රපටය නැරඹීමෙන් අනතුරුව මෙයට රැගුම්පාලක මණ්ඩලයේ ඉක්මන් අනුමැතිය ලැබුනි. 2008 වර්ෂයේදී තිරගතවූ මෙම චිත්‍රපටයෙන් බලාපොරොත්තු වූ පරිදි ආදායමක් ඉපයීමට නොහැකි වූ පීරිස් ණය කරුවන්ට මුහුණ නොදී රාජපක්ෂලාගේ පිහිටෙන් ප්‍රංශයට පැන ගත්තේ ඉන් පසුවය. දෙමළ ඩයස්පෝරාවේ ජම්මාන්තර වෛරක්කාරයකු වන තුෂාර පීරිස් දැන් ප්‍රංශයේ සිංහල ඩයස්පෝරාවේ ක්‍රියාකාරී සාමාජිකයෙකි. එමනිසා තුෂාර පීරිස් දෙමළ ඩයස්පෝරාවේ සාමාජිකයෙක් යැයි නාමල් කුමාර කරන්නාවූ ප්‍රකාශය සත්‍ය වසන් කිරීම සඳහා කරන්නා වූ අතේ රෝලකි.

අද සිරිසේන ජනාධිපතිගෙන් වැටුප් ලබන්නෙක් බව හෙළි වී ඇති නාමල් කුමාර එකල හිටපු රාජ්‍ය ආරක්ෂක ලේකම් ගෝඨාභයගේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයෙන් වැටුප් ලැබූ ඔත්තුකරුවෙකි.

Archive

Latest news

Related news