Saturday, May 4, 2024

ජනාධිපති කෙනෙක් මරණ එක කොච්චර ලේසිද?

(26 Sep 2018/SLB)

අම්මපා මෙච්චරම ලේසිද? ජනාධිපති කෙනෙක් මරණ එක!

ජනාධිපති සිරිසේන සහ වෙන්ඩ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීම මෙච්චරම ලේසි යැයි සිතුවේ කව්ද?

පෙනෙන විදිහට එහෙම සිතා ඇත්තේ නියෝජ්‍ය පොලිස්පතිවරයකු සහ පොලිස් ඔත්තුකරැවෙකි. එපමණක් නොව ගුවන් හමුදාවෙන් පැන ගිය භටයෙකි.

ඊටත් වඩා විශ්මය ජනක දේ නම් මේ කුමාරයා ජනාධිපති සිරිසේනගේ ලේකම් කාර්යාලයෙන් මෙහෙයවෙන මධ්‍යසාර විරෝධී කාර්ය සාධක බලකායේ රාජකාරියක් ද කරයි. ඔහු මේ දක්වාම ජනාධිපති සිරිසේන යටතේ වැටුපට සේවය කරයි! කුමාරයාට අනුව සිරිසේන සහ ගෝඨාභය දේශපාලන සන්ධානයකට එළඹෙමින් සිටි තිබේ.

තමන් පොලිස් ඔත්තුකරුවකු බව ප්‍රසිද්ධියේ පිළගෙන ඇති මේ නාමල් කුමාරයා මෙරට ‘ජාතික’ මාධ්‍ය හදුන්වන්නේ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂක ලෙසය. නමුත් මේ මෙහෙයුම් අධ්‍යක්ෂකවරයා දුෂණ විරෝධය සඳහා කර ඇති එකම ලබ්බක් හෝ මේ ජාතික මාධ්‍ය අපට කියන්නේ නැත.

නාමල් කුමාරයා කර ඇත්තේ තමන්ගේම දේශපාලන සගයින් පොලීසියට අල්ලා දී සල්ලි සොයපු එකය‍. නාමල් කුමාරයා මහසොන් බලකාය මෙන්ම ජාති ආල මහත්මයෙකි. එබැව්න්ම ඔහු ජාති ආල පිරිස් හොදින් දැන සිටියේ ය.

පොලීසියට අවශ්‍ය වූ එවැනි සිය ජාති ආල පිරිස් අල්ලා ගැනිමට ඔත්තු දී නාමල් කුමාරයා ලබා ගෙන ඇති මුදල රුපියල් ලක්ෂ පහකි.

නියෝජ්‍ය පොලිස්පතිවරයකු විසින් ජනාධිපති සහ වෙන්ඩ ජනාධිපති ඝාතනය පිනිස කුමන්ත්‍රණය කර ඇත්තේ මේ පොලිස් ඔත්තුකරුවා සමඟයැයි කියනු ලැබේ. කුමාරයා විසින් දැනටමත් සිය කතාව අවස්ථා ගණනාවකදිම වෙනස් කර ඇතැයි ඉකොනෙමි නෙක්ස්ට් නම් වෙබ් අඩවිය වාර්තා කරයි.

පොලිස් ඔත්තුකරුවාට බාර දී ඇත්තේ නමගිය අපරාධකරුවකු හමුවී ඝාතනය සූදානම් කිරීමයි. ඝාතනය සිදු කරන්නට නියමිත වූයේ මඩකළපුවේදී යැයි කියනු ලැබේ. නමගිය අපරාධකරුවකු ලවා ජනාධිපති සහ වෙන්ඩ ජනාධිපති ඝාතනය කිරීම කොච්චර ලේසි දෙයක්ද? දැන් කුමාරයා කියන්නේ වෙඩි තැබීම කරන්නට සිටියෛ් ඉන්දිය ජාතිකයකු බවයි.

ඩේව්ඩ් නම් මේ ඉන්දීය ජාතිකයා කියන කතාව ඊටත් අපූරුය.

මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු ඔහුගේ සගයෝ මේ ඝාතන සැළැස්ම භාරදූව බාගෙන තිබේ. ඔවුන් අඩුම ගණනේ මූලික පොලිස් පරීක්ෂණ අවසන්වන තුරු හෝ ඉන්නේ නැත. දැන්ම තීන්දුව දී හමාරය.

මේ ඝාතන කුමන්ත්‍රණය ගැන තවමත් කිසිදු අන්තර් ජාතික මාධ්‍ය ආයතනයක් වාර්තා කර නැත. ඒ ගැන ද හොට අනිද්දා රාජපක්ෂ මහතා මොනවා හරි කීමට ඉඩ තිබේ. අඩු ගණනනේ ඉන්දීය පුවත්පත්වත් මේ ඝාතන සැළැස්ම ගැන වාර්තා කර නැත.

එක්කෝ මේ කතාව අතේ රෝලකි. නැත්නම් ඔලුව අවුල් වූ කාගේ හරි හීනයකි. ජනාධිපතිවරයකු ඝාතනය කිරිමට තුට්ටු දෙකේ පොලිස් ඔත්තුකුවකු යොදා ගන්නට සැළසුම් කලේ නම් ඒ පොලිස් නිලධාරියා සිටිය යුත්තේ අංගොඩ ය.

දැන් ඝාතන කුමංත්‍රණය තවත් ඉදිරියට ගොස් තිබේ. ඒ රාජපක්ෂ පවුලම ඝාතනය කිරීමට සැලැස්මක් තිබූ බව කියමිනි. මේ බව කියා ඇත්තේ අත් අඩංඟුවට ගන්නා ලද ඩේවිඩ් නම් ඉන්දීය ජාතිකයෙකි්‍. ඔහු සිය ප්‍රකාශයෙන් මේ බව කියා ඇතැයි රහස් පොලිසිය අධිකරණයට දන්වා තිබේ.

මෙසට වසර ගණනාවකට පෙර ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරිමට සැළසුම් කළේ යැයි පොලිසිය විසින් වාර්තා කොට වසර ගණනාවක් සිරගත තොට සිටි දෙමළ තරුණයකු නිදොස් කොට නිදහස් කරන ලද්දේ ඊයේ පෙරේදාකය. එමෙන්ම දෙහිවල දුම්රියේ බෝම්බ පිපිරවීමට උදව් කළැයි අත් අඩංඟවට ගන්නා ලද දෙමළ තරුනියක් නිදොස් කොට නිදහස් කරන ලද්දේ වසර 12කට පසුය.

ඇත්ත හෙළිවීමට හුඟක් කල් යාමට පුලුවන.

පිදුරංගල පුක පෙන්වීම තරම් සමාජ උනන්දුවක් මේ ඝාතන සැළැස්ම ගැන නොතිබීමෙන්ම පෙනෙනේනේ ජනාධිපතිකෙනෙක්, වෙන්ඩ ජනාධිපති කෙනෙකේ සහ හිටපු ජනාධිපති පවුලක්ම ඝාතනය කිරිමට වූයේ යැය කියන සැළසුම ගැන සමාජයේ ඇති අදහස ය‍.

දැනට එපමණයි. සෙස්ස පස්සට‍.

©slb

Archive

Latest news

Related news