Thursday, May 9, 2024

‘යළි පුබුදමු පොළොන්නරුව’ට සිරිසේනගෙන් රුපියල් බිලියන 170කට කෝච්චියක්

ජනාධිපති සිරිසේනගේ ‘හම්බන්තොට’ සඳහා ක්‍රියාත්මක දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිය වන ‘යළි පුබුදමු පොළොන්නරුව’ට ඉක්මන් දුම්රිය සේවයක් සැපයීම සඳහා රුපියල් බිලියන 170ක් වැය කරන්නට සැළසුම් කර තිබේ. ශ්‍රී ලංකාවේ වැඩිම වියදම් සහිත ව්‍යපෘතිය වීමට ඉරණම් ලබා ඇති මෙම දුම්රිය මාර්ගය කිලෝ මිටර් 88ක් පමණක් වන අතර එය ඉදි කරන්නට යන්නේ කුරුණෑගල සිට හබරණ දක්වා යැයි කියනු ලැබේ. හබරණ සිට පොළොන්නරුවට දැනටමත් ඇති දුම්රිය මඟට එය සම්බන්ධ කෙරෙනු ඇත.

රාජපක්ෂගේ හමබන්තොට සුදු අලි මෙන්ම දැන් පොළොන්නරුවටද සුදු අලි ව්‍යාපාති සිරිසේන යටතේ ඉදි වෙමින් තිබෙන බව මෙම අති විශාල ධනස්කන්දයක් වැය කෙරෙන ව්‍යාපෘතියෙන් පෙනේ. රාජපක්ෂ බෙලිඅත්තට දුම්රිය මාර්ගයක් ඉදි කළ පරිදි සිරිසේන ද දැන් පොළාන්නරුවට නව දුම්රිය මඟක් ඉදි කරයි.

මෙම දුම්රිය මඟ ඉදි කිරීම බාර දෙනු ඇත්තේ චයිනා ස්ටේට් ඉන්ජියරින් කොපරේෂන් ලිමිටඩ් නම් සමාගමටය. ණය ලබා ගනු ඇත්තේ චයිනා එක්සිම් බැංකුවෙනි.

පසුගිය අඟරුවාදා (සැප් 18) මේ සඳහා ඇමැති නිමල් සිරිපාල විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාව මුදල් අමාත්‍යාංශයේ නිරික්ෂන ලැබෙන තුරු කල් දමා තිබේ.

මෙම ව්‍යාපෘතිය ප්‍රධාන වානිජ නගර සම්බන්ධ කරන ප්‍රමුඛතා ව්‍යාපෘතියක් ලෙස නිර්දේශ කරමින් ජනාධිපති සිරිසේන මෙයට පෙර කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන ලදී.

මෙම දුම්රිය මාර්ගය වනාන්තර මැදින්, ගංගා මතින් සහ පොළව යටින් දිවෙනු ඇත. මේ සඳහා ඉබ්බාගමුව, පොල්ගොල්ල සහ ඕමාරගොල්ල යටින් උමං තුනක්ද පාළම් ගණනාවක් ද අලින් මාරුවක්ද ඇතුළත් ගුවන් පාළම් ගණනාවක්ද ඉදි කිරීමට යෝජිතය.

එනමුත් පෙනෙන විදිහට මෙම ව්‍යාපාතිය යටතේ කුරුණෑගල නගරයට දුම්ර්ය පොළක් ඉදි වන්නේ නැත. කොළඹ කුරුණෑගල අංක 06 දරන බස් මාර්ගය බස් රථවලින් අතුරු සිදුරු නැතිව පිරී යන්නේ කුරුණෑගල කොළඹ නිසි දුම්රිය සේවයක් නැති නිසා ය.

ඉබ්බාගමුව, මැල්සිරිපුර, ගල්වෙල, දඹුල්ල, සීගිරිය සහ හබරණ යනාදී වශයෙන් ප්‍රධාන නැවතුම් පොළවල් 06ක් ඉදිවනු ඇත. තෝරයාය සහ ගොකරුල්ල, ගල්කිරියාගම සහ දිගම්පතන සඳහා කුඩා නැවතුම් පොළ හතරක් ද යෝජිතය. මධ්‍යම පරිසර අධිකාරිය දැනටමත් මේ සඳහා අනුමැතිය දී තිබේ.

එසේ නමුත් විශේෂඥ මතය වන්නේ දැනට පවත්නා මාහෝ හබරණ දුම්රිය මඟ ඉතාම අඩු ආදායමක් උපදවන බවයි. එබැවින් මෙම දුම්රිය මාර්ගය ආර්ථික වශයෙන් සාර්ථක වනු ඇත්දැයි සැක සහිතය.

මෙම ව්‍යාපෘතිය විශේෂයක් සේ සලකා අදායම් බදු ගණනාවකින්ම නිදහස් කරන ලෙස ඇමැතිි සිරිපාල ඇමැති මණ්ඩලයෙන් ඉල්ලීමක් කර තිබේ.

( සැප් 23 සන්ඩේ ටයිම්ස් හි පළ වූ වාර්තාවක් ද ඇසුරිනි)

ශ්‍රී ලංකා බ්‍රීප් සටහනකි.

Archive

Latest news

Related news