Thursday, May 9, 2024

මහින්ද සමරසිංහ: සහජිවනය සහ මානව හිමිකම් නොපිට පෙරලීම

ඇමැති මහින්ද සමරසිංහ යනු මෙරට මානව හිමිකම් නැත්තටම නැති වූ රාජපක්ෂ පාලන සමයෙහි සිටි මානව හිමිකම් ඇමැතිවරයා ය. ඔහු දැන් නොනිල වශයෙන් ජනාධිපති සිරිසේනගේ ද මානව හිමිකම් ඇමැතිවරයා ලෙස කටයුතු කරයි.

රාජපක්ෂ සමයෙහි ජිනීවා මානව හිමිකම් කොමිසමෙහි සැසිවාරයන්ට පැමිණ රාජපක්ෂ ආණ්ඩුවේ සියළු මානව හිමිකම් වලට සුදු හුණූ ගෑවේ මේ මහින්ද සමරසිංහය.

2015 ජනාධිපතිවරණයේදී ජනතාව ජනාධිපති සිරිසේන බලයට පත් කළේ රාජපක්ෂ සමයේ කෙලෙසන ලද මානව හිමිකම් යලි පිහිටුවන පිණිස ය. එසේ නැතිව රාජපක්ෂ ගේ මානව හිමිකම් වාර්තාව යළි ලිවීමට නොවේ.

නමුත් දැන් සිදුවන්නේ සිදුවන්නේ අරුම පුදුම දෙයකි. රාජපක්ෂ සමයෙහි ගායනා කල තැටියම මහින්ද සමරසිංහ දැන් ගායනා කිරීමට පටන් ගෙන තිබේ.

මානව හිමිකම් පමණක් නොව සහජීවන සම්බන්ධයෙන් ද ගායනා කරන්නේ රාජපක්ෂවාදී තනුවම ය.

ඊට හොඳ උදාහරණයක් නම් පසුගියදා ඔහු දෙමළ ජාතික සන්ධානයට එල්ලකරන ලද ප්‍රහාරයි.

දෙමළ ජාතික සන්ධානය සැමවිටම උත්සාහ කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුව අපහසුවට පත් කිරීමට යයි සමරසිංහ කියා තිබේ.

සමහර සමහරවිට මහින්ද සමරසිංහ කල්පනා කරනු ඇත්තේ 2015 මැතිවරණයේදී ජනාධිපතිවරණයේදී සිරිසේන ජයග්‍රහණය කරවීමට කටයුතු කිරීම මගින් දෙමළ ජාතික සන්ධානය රාජපක්ෂ පාලනය පරාජයට පත්කිරීම ශ්‍රී ලංකාවේ ආණ්ඩුව හතුරු කමක් කිරීමක් ලෙස විය හැකිය.

දෙමළ ජාතික සන්ධානයේ සහය නොතිබුනේ නම් සිරිසේනට කිසිසේත්ම මෙරට ජනාධිපතිවරයා වීමට ලැබෙන්නේ නැත. එකළ සිරිසේන පොරොන්දු වූයේ දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට තමන් බලයට පැමිණ පියවර ගන්නා බවයි.

දෙමළ ජාතික සන්ධානය මේතාක් දුරට ආණ්ඩුව සමඟ සහයෝගයෙන් වැඩ කර තිබේ.එය දිගින දිගටම කියා සිට ඇත්තේ ජනතාවගේ දේශපාලන ප්‍රශ්න සඳහා විසඳුමක් ලබා දෙන ලෙසයි. එබැවින් ම එය ආණ්ඩුව අපහසුතාවයට පත් වන දේශපාලන උද්ඝෝෂන යනාදිය සංවිධානය කලේ ද නැත.

මේ නිසාම දැන් දෙමළ සන්ධානය දෙමළ ජනතාව අතර අප්‍රසාදයට පත්ව තිබේ. සිරිසේන විසින් දෙන ලද පොරොන්දු ඉටු නොකිරිම ගැන දෙමළ ජාතික සන්ධානය කතාකරනවිට සමරසිංහට පෙනෙන්නේ ආණ්ඩුවක ආණ්ඩුවක අපහසුවට පත් කිරීමක් ලෙස ය‍.

මේ වනාහි රාජපක්ෂ සමයේ දේශපාලනය මිස වෙනකක් නොවේ.

තව දුරටත් සමරසිංහ කියා සිටින්නේ යුද සමයේ සිවිල් ජනයාට එරෙහිව කිසිදු මානව හිමිකම් උල්ලංඝනයක් සිදු වූ සිදු නොවූ බවයි. එසේ නමුත් දැනටමත් එවැනි කෙලෙසීම් සම්බන්ධයෙන් පරික්ෂ ගණනාවක්ම පැවැත්වෙන අතර ආණ්ඩුව ද එවැනි මානව හිමිකම් කෙළෙසීම් සිදු වූ බව පිළිගෙන තිබේ. රාජපක්ෂ පවා මෑතදී ඉන්දියාවේදී යුද්දයෙහිදී සිවිල් ජනයා දහස් ගණනාවක් මිය ගිය බව පිළගත්තේය‍

කණගාටුවට කරුණ නම් සිරිසෙනගේ දෙශපාලන බල්ටි ගැසීම නිසා දැන් රාජපක්ෂවාදයට යළි ඉස්මතු වී තිබීමය. එය ඉස්මතු ව ඇත්තේ භයානක ලෙස . එනම් සහජීවනය සහ මානව හිමිකම් විනාශ කරන ආකාරයටය.

දැන් සිරිසේනගේ දේශපාලන දිශානතිය වැටී ඇත්තේ රාජපක්ෂවාදය කරා බවට මෙය තවත් නිදසුනකි.

සටහන (c) ශ්‍රී ලංකා බ්‍රීෆ් විසිනි.

Archive

Latest news

Related news