Friday, April 19, 2024

අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය රමේශ් අතුරුදහන්වීම ගැන එස්.බී. දිසානායකගන්ගෙන් ප්‍රශ්ණ කළ යුතුය

19 සැප් 2018.

හිටපු ඇමැතිවරයකු වන එස්.බී. දිසානායක යුධ අපරාධයක් සම්බන්දයෙන් දැන් ප්‍රසිද්ධ සාක්ෂියක් දී තිබේ. ඔහු මේ තොරතුර ප්‍රකාශයට පත් කළේ තවත් හිටපු ඇමැතිවරයකු වන තිලංග සුමතිපාලගේ නිවසෙහි පවත්වන ලද මාධ්‍ය සාකච්ජාවකදී තවත් හිටපු ඇමැතිවරයකු වන ඩිලාන් පෙරේරාද පසෙකින් ඇතිවය.

මේ තිදෙනාම රාපපක්ෂ පාර්ශවයේ දේශපාලනයින් වන අතර එබැවින්ම මෙම සාක්ෂිය රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් යැයි හංවඩු ගැසීම දුෂ්කරය.

මෙම සාක්ෂිය වීඩියෝවක් ලෙස පවතින අතර දැන් ලොව පුරා ප්‍රචලිත වී තිබේ. එය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවටද ඉදිරිපත් කෙරෙනු ඇත.

එස්.බීී. දිසානයක ගේ සාක්ෂිය නම් හිටපු එල්ටීටීඊ නායකයකු වන ‘කර්නල්’ රමේශ් නොහොත් ටී්‍ තුරෙයිරාජසිංහම් යුද හමුදාවට බාර වීමට විනාඩි 10කට පෙර තමාට දුර කථනයෙන් කතා කල බවත් බාර වීමෙන් පසු ඔහු ඝාතනය කරන ලද බවත් ය‍.

එස්.බී. දිසානායකට අනුව රමේශ් ප්‍රභාකරන්ගෙන් බිදී ගිය කරුණා සහඟ එක්ව සිටිීම නිසා එල්ටීටීඊ විිසින් සිර ගත කරන ලදුව, පසුව සිරයෙන් මිදී පැමින ජිවිතය බේරා ගැනීමට යුද හමුදාවට බාර වී තිබේ.

රමේශ්යු යුද හමුදා බාරයේදී

රමේශ් යුද හමුදාවට බාර විමෙන් පසු ඔහුගෙන් ප්‍රශ්ණ කරන ලද අන්දම ඇතුළත් වීඩියෝවක් මෙන්ම පසුව පහර දී ඝාතනය කර පුළුස්සා දමන ලද ඡායාරූප අන්තර් ජාලයට මුදා හරින ලදී්‍ මෙසේ එම සාක්ෂි හෙළි දරව් කරන ලද්දේ යුද හමුදා පිරසක් විසින් බවට සැක කෙරේ.

රමේශ්යු යුද හමුදා බාරයේදී

නිල වශයෙන් රමේශ් නොහොත් ටී. තුරෙයිරාජසිංහම් අතුරුදහන් වූ පුදගලයෙකි. දැන් මෙරට පිහිටුවා ඇති අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලයට මෙම සාක්ෂිය ඔස්සේ ඔහුගේ අතුරුදහන්වීම සොයා බැලිය හැකි අතර එසේ කළ යුතුය. මේ වනාහී අතුරුදහන්වවීම් පිළිබඳ කාර්යාලයේ ස්වාධීනත්වය පිළිබඳ සැබෑ පරීක්ෂණයක් වනු ඇති කාරණයකි.

රමේශ් වධහිංසාවන්ට ලක් කිරිමෙන් පසු

පමා නොකොට හිටපු ඇමැතිවරයා කැඳවා ප්‍රශ්ණ කිරීම දැන් කළ යුතුය. එමගින් යුද අලුයට සැඟවුණ එක් ඝාතනයක රහස හෙළි කරගැනීමට අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලයට අවස්ථාව ලැබෙනවා ඇත.

රමේශ්ඥ පුළුස්සා දමන ලද ස්ථානය

ශ්‍රී ලංකා බ්‍රීෆ් සටහනකි.

Archive

Latest news

Related news