Friday, April 19, 2024

ශ්‍රී ලංකාව: ණය උගුලෙන් ගැලවීම සහ මානව අයිතිවාසිකම් – එක්සත් ජාතීන්ගේ විශේෂඥ ජුවන් පැබ්ලෝ බොහොස්ලාව්ස්කි

ජායාරූපය: ජුවන් පැබ්ලෝ බොහොස්ලාව්ස්කි.

ජිනීවා/ කොළඹ 2018 සැප්තැම්බර් 11- සෑම දෙනාම ඇතුළත් කර ගන්නා ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කිරීමට ශ්‍රී ලංකාව ගනු ලබන පියවරවලට කේන්ද්‍රීය විය යුත්තේ මානව අයිතිවාසිකම්යැයි එක්සත් ජාතින්ගේ විශේෂඥයෙකු පවසයි.

“ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්තිවල සහ යටිතල පහසුකම් ව්‍යාපෘතිවල බලපෑම තක්සේරු කිරීමේ දී ශ්‍රී ලංකාණ්ඩුව, මානව අයිතිවාසිකම් බලපෑම තක්සේරු කළ යුතුයැයි” රට තුළ දින නමයක සංචාරයකින් පසුව ප්‍රකාශයක් නිකුත් කරන මානව අයිතිවාසිකම් කෙරේ විදේශ ණය බලපෑම පිළිබඳ ස්වාධීන විශේෂඥයකු වන ජුවන් පැබ්ලෝ බොහොස්ලාව්ස්කි පැවසුවේය.

“අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නිර්දේශ අනුව ආණ්ඩුව තෝරා ගෙන ඇති උපාය මාර්ගය වන්නේ අන්තර්ජාතික ණය ගැනීම් තුළින් ආධයම සහ විදේශ අංශ ශක්තිමත් කිරීමෙන් ආර්ථිකය ස්ථාවර කිරීමය. ඊට දැවැන්ත යටතල ව්‍යාපෘති සංවර්ධනය කිරීම ද ඇතුළත්ය. ඒවාට පසුගිය පාලනය සමයේ ආරම්භ කරන ලද ව්‍යාපෘති බොහොමයක් ද ඇතුළත්” යැයි බොහොස්ලාව්ස්කි මහතා කීවේය.

“ණය ආපසු ගෙවීම දැන් රටේ වැදගත්ම වැය ශීර්ෂය වන අතර ඒ සඳහා ලබා ගන්නා ණය වලින් සැලකිය කිය යුතු කොටසක් වෙන් කිරීමට සිදුව ඇතැයි.” ඔහු වැඩි දුරටත් කිවේය.

කෙසේ වුවත් ණය ආපසු ගෙවීම සඳහා වඩාත් අඩු පීඩාකාරී ප්‍රතිපත්ති විකල්ප පවතින්නේ නම් සමාජ වියදම් කපා හැරීම නොකළ යුතුය. සැලකිල්ලට ගත යුතු වෙනත් විකල්ප පවතී. අනුක්‍රමික බදු ප්‍රතිසංස්කරණ තුළින් දේශීය ඉල්ලුම නගා සිටුවීම, සමාජයීය ප්‍රතිලාභ වැඩි කිරීම, අවම වැටුප් වැඩි කිරීම සහ කිසිවෙකු මග නොහැරීම තහවුරු කිරීම සඳහා ආදායම් ජනනය කරනු සඳහා ණය හිමියන් සමග ණය ආපසු ගෙවීම ගැන නැවත සාකච්ඡා කිරීම ඒවාට ඇතුළත්යැයි” බොහොස්ලාව්ස්කි මහතා අවධාරණය කෙළේය.

“සම්පත් වඩාත් විශාල වශයෙන් යෙදවිය යුතු බවට පොදු එකඟතාවයක් පවතී. ලොව පුරා ගලා යන නීති විරෝධී මුදල්වලින් වැඩිම ප්‍රමාණයක් දේශ සීමා හරහා කෙරෙන බදුවලට අදාල ගනුදෙනුයැයි ගණනය කර ඇත. කෙසේ වුවත් බදු ගෙවීම පැහැර හැරීම රටේ නීතිය අනුව වරදක් සේ නොසැලකෙන නිසා තම ගනුදෙනු කරුවන්ගේ බදු ගෙවීම පැහැර හැරීමට අදාල සැක කටයුතු ගනුදෙනු දැනුම් දිමට බැංකුවල බැඳිමක් නැත. මෙම නීති හිඩැස පියවන මෙන් මම ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමි.”යි ඔහු පැවසුවේය.

2009 යුද්ධය අවසන් අවසන්වීමෙන් පසුව, කොළඹ බාහිර වටරවුම් අධිවේගී මාර්ගය, විදුලි උත්පාදන කම්හල්, හම්බන්තොට වරාය සහ හම්බන්තොට ගුවන් තොටුපොළ ඇතුළත් මහා පරිමාණ ව්‍යාපෘති රට පුරා ආරම්භ කර ඇත.

ශ්‍රී ලංකාවේ නීති රාමුවෙන් මෙවැනි මහා පරිමාණ යටිතල පහසුකම් ව්‍යාපාති ආරම්භ කිරීමට පෙර සවිස්තරාත්මක මානව අයිතිවාසිකම් බලපෑම් තක්සේරු කිරීමක් සඳහා නීතිමය බැඳීමක් ස්ථාපනය කර නැත. එමනිසා පවතින අන්තර්ජාතික මානව අයිතිවාසිකම් ප්‍රමිතීන් පදනම්ව මෙම ගැටලු පිළිබඳව ශක්තිමත් සහ සවිස්තරාත්මක නීති සම්මත කිරීමට මම ආණ්ඩුවට උපදෙස් දෙන්නෙමි”යි බොහොස්ලාව්ස්කි මහතා කීවේය. .

ණය ලබා ගන්නන්ට තම ජීවන මාර්ග පවත්වා ගැනීමට හැකි කරවීමෙන් ලොව පුරා බොහෝ දෙනා දරිද්‍රතාවයෙන් ගලවා ගැනීමට ඉවහල් වූ ක්ෂුද්‍ර මූල්‍ය ගැන මම විශේෂිත අවධානය යොමු කළෙමි. කෙසේ වුවත් මගේ අවධානයට ලක් වූ ණය දෙන්නන් විසින් කරනු ලබන අයථා කටයුතුවල සංඛ්‍යාව, බහුලත්වය සහ බරපතළකම ගැන රජය කඩිනම් පියවර ගත යුතුය.

“ක්ෂූද්‍ර මූල්‍ය ලබා ගන්නන් විශාල සංඛ්‍යාවක් දක්නට ලැබිණ. ඒ යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රදේශවල සහ අනෙකුත් දුප්පත් ස්ත්‍රීන් ය. ඔවුන් ක්ෂුද්‍ර මූල්‍ය ලබා දෙන්නන්ට විශේෂයෙන් ඉලක්ක වී ඇත. මෙම ආයතන තම ණය සඳහා සියයට 220ක පොලී අනුපාත අය කරති. එමෙන්ම එය වැල් පොලි අනුපාතයකි. මෙම යාන්ත්‍රණයෙන් ණය ලබා දෙන්නන්ට විශාල ලාභ අත් කර දෙන අතර වැඩි වශයෙන්ම ගැහැනුන් වූ දුප්පත් ණය ලබා ගන්නන් මත ඉමහත් බරක් පැටවේ.” ඔහු අවධාරණය කෙළේය.

විවිධ ණය දෙන්නන්ගෙන් ලබා ගත් ණය තුනක් හෝ හතරක් ගෙවීමට ඇති ස්ත්‍රීන් දක්නට ලැබීම සාමාන්‍ය දෙයකි. තවත් සමහරු දැනටමත් ලබා ගත් ණය ආපසු ගෙවීම පැහැර හැරීම වැළැක්වීමට තවත් ණය මුදල් ලබා ගනිති. ණය එකතු කරන්නෝ වාරික මුදල් ලබා ගැනිමට සමහරවිට දිනපතාම පාහේ ණය කරුවන්ගේ ගෙවල්වලට යති. සමහරු වාරික මුදල් ලැබෙන තෙක් පැය ගණන් නිවෙස්වල රැඳී සිටිති.

“සමහර අවස්ථාවල මෙම ගැහැනු ණය රැස් කරන්නන්ගේ මානසික සහ කායික ප්‍රචණ්ඩත්වයට ලක් වෙති. ගෙවීමට ඇති ණය වාරික වෙනුවෙන් ණය රැස්කරන්නන් ‘ලිංගික ආශාවන්ට’ ගොදුරු කර ගැනීමට බලපෑම් කළ අවස්ථා ද මගේ අවධානයට යොමු කෙරිණ. ණය ආපසු ගෙවීම සඳහා මුදල් ලබා ගැනීමට තම වකුගඩු විකිණීමට සූදානම් වූ ණය කරුවන් ගැන ද මට අසන්නට ලැබිණ.” යි බොහොස්ලැව්ස්කි මහතා සඳහන් කෙළේය.

“මෙම ආයතන සඳහා පොලි අනුපාත සීමා පනවන ලෙසත් ශක්තිමත් සහ දැඩි නියාමන සම්මත කර ක්‍රියාත්මක කරවන ලෙසත් මම ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමි. ක්ෂුද්‍ර ණය ලබා දෙන්නන් ණය අවදානම් තක්සේරු කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව තක්සේරු කිරීමේ දී මානව අයිතිවාසිකම් ප්‍රමිතීන්ට ගැලපෙන මග පෙන්වීම් තිබිය යුතුය. ණය ලබා දෙන්නන් විසින් මෙම කණ්ඩායම් සූරා කෑමට සහ අයථා ලෙස යොදා ගැනීමේ අවදානම් අවස්ථා වැළැක්වීම සඳහා නීති සම්මත කරන තෙක් මෙම ණය විලම්බනය කිරීමක් ප්‍රකාශයට පත් කරන ලෙස මම ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමි යි විශේෂඥයා ප්‍රකාශ කෙළේය.

මෙම ස්වාධීන විශේෂඥයා තම සංචාරය පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් 2019 මාර්තු මාසයේ දී එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් සභාවට ඉදිරිපත් කරනු ඇත.

අවසානයි.

ජුවන් පැබිලෝ බොහොව්ස්ලාව්ස්කි ( ආර්ජන්ටිනාව) එකසත් ජාතින්ගේ මානව අයිතිවාසිකම් මණ්ඩලය විසින් 2014 මැයි 8 වැනි දා විදේශ ණය සහ මානව අයිතිවාසිකම් බලපෑම් පිළිබඳ ස්වාධීන විශේෂඥයෙකු ලෙස පත් කරන ලදී. ඔහු කලින් එක්සත් ජාතීන්ගේ වෙළඳාම සහ සංවර්ධනය පිළිබඳ සමුළුවේ ( ඹභක්‍ඕෘ ) රාජ්‍ය ණය පිළිබඳ විශේෂඥයෙකු වශයෙන් කටයුතු කළ අතර එහි දී ඔහු වගකීමෙන් යුත් රාජ්‍ය ණය ලබා දීමේ සහ ලබා ගැනීමේ විශේෂඥ කණ්ඩායම සම්බන්ධීකරණය කෙළේය. කිසියම් ආණ්ඩුවකින් හෝ සංවිධානයකින් ස්වාධීන වන ඔහු පුද්ගල මට්ටමෙන් ක්‍රියාත්මක වේ.

ස්වාධීන විශේෂඥයන් යනු මානව අයිතිවාසිකම් මණ්ඩලයේ විශේෂ ක්‍රියා පටිපාටි යනුවෙන් හැඳින් වෙන කොටසකි. එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් පද්ධතියේ ස්වාධීන විශේෂඥයන් ගේ විශාලතම ආයතනය වන විශේෂ ක්‍රියා පටිපාටි ලොව සියලු ප්‍රදේශවල, රටකට විශේෂිත තත්වයන් හෝ තේමාගත ගැටලු ආමන්ත්‍රණය කෙරෙන ස්වාධීන තොරතුරු සෙවීමේ සහ අධීක්ෂණ යාන්ත්‍රණයට දී ඇති පොදු නාමයයි. විශේෂ ක්‍රියා පටිපාටි විශේෂඥයන් ස්වේච්ඡා පදනමෙන් වැඩ කරන අතර ඔවුන් එක්සත් ජාතින්ගේ කාර්ය මණ්ඩලයට අයත් වන්නේ නැත. ඔවුන් තම සේවය වෙනුවෙන් වැටුපක් ලබන්නේ ද නැත. කිසියම් ආණ්ඩුවකින් හෝ සංවිධානයකින් ස්වාධීන වන ඔවුහු පුද්ගලික මට්ටමෙන් සේවය කරති.

මානව අයිතිවාසිකම් පිටුව – ශ්‍රී ලංකාව

 

මෙම වසර 1948 දෙසැම්බර් 10 එක්සත් ජාතීන් සම්මත කළ මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ 70 වැනි සංවත්සය යි. වාර්තාගත ආකාරයෙන් ලොව භාෂා 500කට පරිවර්තනය කර ඇති විශ්ව ප්‍රකාශනය පදනම්ව ඇත්තේ “ නිදහස්ව උපන් සියලු මිනිසුන් ගරුත්වයෙන් සහ අයිතිවාසිකම්වලින් සමානය යන්න මත ය. එය සෑම කෙනෙකුටම සෑම දිනකම අදාල ය. මෙම සුවිශේෂ බලපෑමකින් යුත් ලේඛනයේ 70 වැනි සංවත්සරය ට සහ එහි අතිශයෙන් වැදගත් ප්‍රතිපත්ති සොදා පාළුවට යෑම වැළැක්වීම සඳහා මානව අයිතිවාසිකම් වෙනුවෙන් නැගීසිටින මෙන් සෑම තැනකම වෙසෙන ජනතාවගෙන් ඉල්ලා සිටිමු.

Archive

Latest news

Related news