Monday, May 20, 2024

මාධ්‍ය නිදහස සහ රෙද්ද කඩාගෙන ඇඟේ හලාගැනීම!

කාටූනය: අවන්ත ආටිගල දුටු සිරිසේන!

‘අපිට ගහලා, දුර්වල කරලා , විනාශ කරලා , ඇද දමලා දුන්න ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, මාධ්‍ය නිදහස නැති කරගෙන කදුළු සලන්න ලැහැස්ති වෙන්න එපා කියලා මාධ්‍ය ආයතනවලට මාධ්‍ය මිත්‍රයන්ට කාරුණිකව කියනවා.‘ යැයි  මෛත්‍රීපාල සිරිසේන පවසා තිබේ. තමා එසේ කියන්නේ ‘අපිට අවහිර කරන අපේ වැඩවලට නිසි ප්‍රචාරයක් නොදෙන මාධ්‍යවලට’ යැයිද ඔහු කියා තිබේ .  මේ බව කියා ඇත්තේ 23දින  පැවැති මොරගහකන්ද කළුගඟ රන්දියවර උත්සව සභාවේදීය.

මේ වනාහී ජනමාධ්‍යට කරන ඍජු තර්ජනයක් බව නිරීක්ෂකයෝ පවසති.

ජනාධිපතිවරයා එහිදී මෙසේද බවසා තිබේ.

‘අද සමහර පෞද්ගලික මාධ්‍ය ප්‍රචාරය කරන්නන් අපේ කටින් පිටවන අවශ්‍ය දෙවල් නොවෙයි. අනවශ්‍ය දේවල් ආණ්ඩු ආණ්ඩු විරෝධී ප්‍රචාර සවසට රූපවාහනි ප්‍රවෘත්ති බැලුවම මේ රටේ ආණ්ඩුවක් නැති ගාණයි. මාධ්‍යවල තියෙන්නේ රට විනාශ වෙනවා කියන එකයි. මා මේ ගැන කනගාටුවෙනවා.මම රටේ ප්‍රඡාතන්ත්‍රවාදය මිනිසුන්ගේ නිදහස ශක්තිමත් කළේ මාධ්‍ය නිදහස දුන්නේ සත්‍ය කතා කරන්නටයි. නිවැරදි දේ ලෝකයාට දෙන්නයි.’

මෙම කතාව මගින් සිරිසේන ජනමාධ්‍ය නිදහසට තමන් අකමැති අයට නොදෙන බවට ඉඟි කරන්නේ තමන්ට අවශ්‍ය පුද්ගලයින් එල්ලා මරණ බවට කරන ලද ප්‍රකාශය අනුව යමිනි. ජනමාධ්‍ය පාලනය කිරීමට පාලකයින් සැරසෙන්නේ තමන්ගේ විළි වසා ගැනීමටය. මර්දනය යනු සාර්ථකත්වයේ නොව අසාර්ථකත්වයේ පිළිඹිබුවක් බව ලොව පුරාම ඇත්දැකිම් පෙන්වා දෙන සත්‍යයකි.

සිරිසේනද දැන්  සැරසෙන්නේ එම මර්දන පාරේම ගමන් කිරීමටය.

Archive

Latest news

Related news