Wednesday, May 8, 2024

සිවිල් සමාජය ආචාර්ය දීපිකා උඩගමට අද්මිරාල් සරත් වීරසේකර කළ තර්ජනය හෙළාදකී

(මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩගමට එරෙහිව ප්රහාර එල්ල කිරීම හෙලාදකිමින් සිවිල් සමාජ සංවිධාන 37 හා පුද්ගලයින් 170 විසින් කරනු ලබන නිවේදනය.)

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම මහත්මියට එරෙහිව එල්ල වූ මරණීය තර්ජන හා සමාන වු ප්කාශන, ප්‍රචණ්ඩත්වය සහ ද්වේශසහගත ප්‍රකාශ පිළිබදව අපි බෙහෙවින් තිගැස්මට පත්වන්නෙමු. ඉමහත් ගෞරවට පාත්‍ර වී ඇති විද්වතියක් හා මානව හිමිකම් අධිවාචිකාවක් වන ඇයට එල්ල වී ඇති මෙම ප්‍රකාශ පිළිබද අපගේ බරපතල කනස්සල්ල හා භීතිය පල කරන අතර ආචාර්ය උඩගමට අපගේ සහයෝගීතාව සහ සහයෝගය පලකර සිටින්නෙමු.

ආචාර්ය උඩගමගේ නායකත්වය යටතේ මානව හිමිකම් කොමිෂන් සභාව විසින් සිදු කරන ලද ස්වාධීන, සැලකිය යුතු හා විනිවිදභාවයෙන් යුතු ප්‍රතිපත්තිමය මැදිහත්වීම් අගය කිරීමට අපි මෙම අවස්ථාව යොදාගන්නෙමු. කොමිසම මගින් තනි පුද්ගල නඩු පිළිබඳ සිදු කරන ක්රියාකාරී විමර්ශන සහ රාජ් හා රාජ්‍ය නොවන ආයතනද ඇතුළුව ස්ථාපිතකර ඇති උපදේශක ක්‍රියාවලීන් හා යාන්ත්‍රණයන්ද අපි අගය කරමු. කොමිසමේ එක කාර්යභාරයක් වන එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම්වලට යොදවන හමුදා සමාජිකයින් පරීක්ෂණයට ලක් කිරීමේ ස්වාධීන යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම මෙම තර්ජන වලට මූලික වී ඇත. මෙම ස්වාධීන යාන්ත්‍රණය පවත්වා ගැනීම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ නිලලත් කාර්යක් බව අප නැවත අවධාරණය කරන අතර තර්ජන නොසලකා අඛණ්ඩව එය සිදුකර ගෙනයාමට ඇති කැපවීම අපි අගය කරන්නෙමු. ඇතැම් මාධ්‍ය විසින් ඉදිරිපත් කරන ලද නොමඟයවන සුළු සහ අසත්‍ය තොරතුරුවලට ප්‍රතිචාර දක්වමින් මෙම කාර්යයට අදාල ක්‍රියාවලිය පැහැදිලි කිරීම හරහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පෙනවන ලද විනිවිදභාවය අපි අගය කරන්නෙමු.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනිය වශයෙන් ආචාර්ය උඩගමට එරෙහිව එල්ල වූ තර්ජන, සිවිල් ආරක්ෂක බලකායේ හිටපු අධ්‍යක්ෂක ජෙනරාල් රියර් අද්මිරාල් (විශ්රාමික) සරත් වීරසේකර මහතා විසින්ජාතික සංවිධාන එකතුවමඟින් කැඳවන ලද මාධ්‍ය සාකච්ඡාවේදී ප්කාශ කරන ලද අතර, එය 2018 ජුනි මස 29 වැනි දිනමව්බිමසතිපතා සිංහල පුවත්පතෙහි පල විය. මෙම තර්ජන හ්‍රී ලංකා රජයේ ඉල්ලීම මත සහ ශ්‍රී ලංකා යුධ හමුදාවේ එකඟතාව මත සිදු කරනු ලබන නිලධාරීන් පරීක්ෂණයට ලක්කිරීමේ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කාර්යභාරයට ඍජුවම සම්බන්ධය. ආචාර්ය උඩගම රාජ්‍ය නොවන සංවිධාන සමඟ එක්ව කොටින්ගේ අභිලාෂයන් ඉටු කිරීම උදෙසා ද්රෝහීව කටයුතු කරන බවටද චෝදනා කළ අතර, දේශප්‍රේමී ආණ්ඩු පාලනයක් යටතේ සියලු දේශද්‍රෝහීන් වෙනුවෙන් මරණ දණ්ඩණය ලබාදෙන ලෙසටද රියර් අද්මිරාල් වීරසේකර විසින් ඉල්ලා සිටින ලදී.

ආචාර්ය උඩගමට එරෙහි ප්‍රහාරයේ ස්වභාවය කිසිසේත්ම අලුත් දෙයක් නොවේ. රියර් අද්මිරාල් වීරසේකර සහ ඔහු වැනි අනෙකුත් අය, ඔවුන් සමඟ එකඟ නොවන පුද්ගලයින්ග් අදහස් හා ක්රියාකාරකම් පිළිබඳව තර්කානුකූල විවාදයට සම්බන්ධනොවී, ‘රාජ්‍ය නොවන සංවිධාන, කොටි ත්‍රස්තවාදීන් සහ දේශද්‍රෝහීන්ගේ ක්‍රියාකාරිත්වයන්ලෙස අපකීර්තියට ලක්කිරීමට, නීත්‍යානුකූල තත්ත්වය ඉවත් කිරීමට හා නිෂ්ප්රභ කිරීමට නිරන්තරයෙන්  ප්‍රයත්න දරයි. කුමක් ප්‍රකාශ කළේද යන්න පිළිබඳව කිසිදු විශ්ලේෂණයක් හෝ විමර්ශනයක් නොමැතිව ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් මෙම ප්‍රකාශනයන් නැවත ඉදිරිපත් කරනු ලබයි.

ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ වර්තමාන නායකත්වය රාජ්‍ය හා පෞද්ගලික ආයතනයන්ගේ බලපෑමෙන් ස්වාධීනව කටයුතු කරන ආකාරය බොහෝ අවස්ථාවන්හිදී ප්රදර්ශනය කර ඇත. ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් තෝරා පත්කර ගන්නා ලද්දේ, 2015දී ශ්රී ලංකා ආණ්ඩුක්රම ව්යවස්ථාවට ගෙනෙන ලද 19 වැනි සංශෝධනය ප්‍රකාරව, ජනප්රිය ඉල්ලීම මඟින් ස්ථාපනය කරන ලද ව්‍යවස්ථාදායක සභාව විසින් බව අපි අවධාරණය කිරීමට කැමැත්තෙමු. ලොව පුරා ජාතික මානව අයිතිවාසිකම් ආයතනවල කටයුතු යොමු කරනු ලබන 1993 පැරිස් මූලධර්ම යටතේ, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ශ්‍රේණිගත ආයතනයක් බවට නැවත පත්කිරීමට වත්මන් නායකත්වය විසින් ස්ථාපනය කරන ලද උද්යෝගය හා යහ භාවිතය හේතුසාධක විය. ආචාර්ය උඩගමගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් නැවත ස්ථාපනය කළ ආයතනික සුපිළිපන්බව පිළිබඳ තවත් දර්ශකයක් ලෙස මෙම අගය කිරීම අපි පිළිගන්නෙමු.

මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනිය මේ ආකාරයෙන් ප්රසිද්ධියේ තර්ජනයට ලක්වීමත්, සහ එවැනි වගකීම් රහිත ප්රකාශනයන් මව්බිම පුවත්පත විසින් ඉස්මතු කිරීමත්, බරපතල කනස්සල්ලට කාරණයකි. අපි මෙම ප්‍රකාශන සහ ඒවා සිදු කරනු ලබන දඬුවම් නොලබන තත්ත්වය හෙලා දකින්නෙමු. මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති සහ මානව හිමිකම් කොමිෂන් සභාව පිළිබඳව ඔවුන්ගේ විශ්වාසය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලෙසටත්, සභාපතිනියගේ හා මානව හිමිකම් කොමිෂන් සභාවේ අනෙකුත් කොමසාරිස්වරුන්ගේ හා කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කරන ලෙසටත්, බාධා කිරීම්, තර්ජන හෝ සම්මුතියෙන් තොරව මානව හිමිකම් කොමිෂන් සභාවේ ක්‍රියාකාරීත්වයන් සඳහා හිතකර වු, ආරක්ෂාකාරී සන්දර්භයක් ඇති කරන ලෙසටත්, අපි ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යවරයා සහ සියලු දේශපාලන නායකයින්ගෙන් ඉල්ලා සිටින්නෙමු.

Signatures 

Dr. Kumari Jayawardena

Prof. Gananath Obeyesekera 

Prof. Jayadeva Uyangoda

Prof. Ajit Abeysekera

Prof. Arjuna Aluwihare

Prof. Jayantha Seneviratne

Prof. Kumar David

Prof. Neloufer de Mel

Prof. S. Ratnajeevan H. Hoole

Dr Reeza Hameed

Dr. Gameela Samarasinghe

Dr. Malathi De Alwis

Dr. Selvy Thiruchandran

Dr. Sepali Kottegoda

Dr. Shermal Wijewardene

Dr. Vasuki Nesiah
Dr. Sakuntala Kadirgamar

Gamini Viyangoda

Ruki Fernando

Anushya Coomaraswamy

Anberiya Hanifa

B. Gowthaman 

Balasingham Skanthakumar

Bhavani Fonseka

Brito Fernando

Phillip Dissanayake

D.B.S. Jeyaraj

Suren Perera

Lakshman Gunasekara

Lionel Guruge

Shreen Saroor 

Sumika Perera

Anthony Vinoth

Aritha Wickramasinghe

Arjun Guneratne

Aruna Alwis

Asma Rahman

Avanti Ratnayeke

Buddhima Padmasiri

C.R. Gnanarajah

Chamila Thushari

Charmaine Ratnagopal

Raisa Wickrematunge

Ranee Ratnayeke 

Damith Chandimal

Deekshya Illangasinghe

Dilini Hemachandra

Farah Mihlar

Fathima Razik Cader

Freddy Gamage

Gamini Akmeemana

Gayathri Gamage

Mario Gomez

Marisa De Silva

Marsha Daniel

Rosanna Flamer-Caldera

Mathuri Thamilmaran

Meena Udeshi

Melani Manel Perera

Lucille Abeykoon

Suriya Wickremasinghe

Dr. Jayantha Dhanapala

Danesh Casie Chetty

Geoffrey Alagaratnam, PC

Lal Wijenayake

Chandra Jayaratne

Manel Fonseka

Chandraguptha Thenuwara

Kumudini Samuel

Fr. Nandana Manatunga

Dilrukshi Handunnetti

Herman Kumara

Chulani Kodikara

Sr. Nichola

Sandhya Ekneligoda

Sandun Thudugala

Godfrey Yogarajah

Sunanda Deshapriya

Kumaravadivel Guruparan

Faaiz Ameer

Deanne Uyangoda

Dinushika Dissanayake

Druki Martinstyne

Emil van der Poorten

Ermiza Tegal

Gehan Gunatilleke

Ramani Muttettuwegama

Sanjana Hattotuwa

Sarala Emmanuel

Jayanthi Kuru-Utumpala

Jayathilaka Bandara

Jehan Perera

Jensila Majeed  

F. Zackariya

Udaya Kalupathirana

Joanne Senn

Juwairiya Mohideen 

Natasha Balendra

Nigel Nugawela 

H.J.F. Silva

Hans Billimoria

Hasanah Cegu Isadeen

J. Henry de Mel

Jayanta de S Wijeratne

K. Aingkaran

Kalani Subasinghe

Kamani Jinadasa

Kanishka Goonewardena

Kaushalya Fernando

Kshama Ranawana

Mahalaxumy Kurushanthan 

Mangaleswary Shanker

Manthri Perera

Meneka Galigamuwa

Kusal Perera

Miyuru Gunasinghe

Mohandas Thangarajah

Mujeebur Rahman

Paba Deshapriya 

Thiyagaraja Waradas

Anuratha Rajaretnam

Anushika Amarasinghe

Nilantha Ilangamuwa

Nilshan Fonseka

Christine Perera

Damaris Wickremesekera

Kushlani Perera

Nirmanusan Balasundaram.

P. Selvaratnam

Prabha Nagalingham

Peter Munieram

Peter Rezel

Prabodha Rathnayaka

Prabu Deepan

Prasanga Fernando

Priya Mohan 

Priyalal Sirisena

Priyantha Gamage

R.M.B Senanayake

Rumala Morel

Ruvini Perera

Sabra Zahid

Sachini Perera

Sahira Lafir

Sampath Samarakoon

Sato Jayamaha

Savithri Rodrigo

Shalomi Daniel

Shamila Daluwatte

Sharanya Sekaram

Sheila Richards

Shenali De Silva

Shyama Perera

Shyamala Gomez

Stella Victor

Subha Wijesiriwardena. 

Sucharitha Patnatunga

Swasthika Arulingam

Tanuja Thurairajah

Tara Ramanayake

Tehani Ariyaratne

Thaha Muzammil

Tharanga de Silva

Thenu Ranketh

Thyagi Ruwanpathirana

Udeni Thewarapperuma

Vanie Simon 

Vasanthi Harasgama

Visaka Dharmadasa

Yasir Ismail

Zahabia Adamaly

Organizations

  1. Affected Women’s Forum, Ampara 
  2. Afriel Youth Network. 
  3. Alliance Development Trust
  4. Alternative Generation for Social Justice and Rights,  Jaffna
  5. Ampara District Women’s Network (ADWN), Kalmunai/Ampara
  6. Association of War Affected Women
  7. Batticaloa District Aruvi Women’s Network (BDWN), Batticaloa
  8. Center for Humanitarian and Integrated Development (CHID – Mullai), Mullaitivu
  9. Civil and Political Rights AMAYAM (CPR AMAYAM), Eastern Province
  10. Civil Rights Forum (CRF), Kilinochchi
  11. Equal Ground, Sri Lanka
  12. Families of the Disappeared
  13. Forum for Affected People , Mannar
  14. Future in Our Hands Development Fund Badulla
  15. Human Development Organization
  16. Human Rights Office, Kandy
  17. Humanitarian and Human Rights AHAM (HHR – AHAM)
  18. INFORM Human Rights Documentation Center
  19. International Center for Ethnic Studies (ICES)
  20. Law and Human Rights Center (LHRC), Jaffna
  21. Law and Society Trust, Colombo.
  22. Mannar Social and Economical Development Organization  (MSEDO), Mannar
  23. Mannar Women’s Development Federation
  24. Movement for Land and Agricultural Reform (MONLAR)
  25. Muslim Women Development Trust Puttalam
  26. NAFSO – National Fisheries Solidarity Movement
  27. National Peace Council
  28. North East Coordinating Committee (NECC) 
  29. People for Justice Center (PJC),  Vavuniya
  30. People’s Collective for Climate Justice (PCCJ),  Eastern Province
  31. Right to Life Human Rights Center
  32. Rights now – Collective for Democracy
  33. Trincomalee District Women’s Network (TDWN), Trincomalee
  34. Venasa Transgender Network
  35. Women and Media Collective
  36. Women’s Action Network 
  37. Workers Solidarity  Union

 

Archive

Latest news

Related news