මෑතකදි එක්තරා අධිකරණයකදි එහි විනිසුරුතුමා මොරටුවේ වල් ඌරන් සිටිදෑයි අසුවේ යම් ඉඩමකට වල් ඌරන් එන බවට කල කතාවක් හේතුවෙනි, මම එම නඩුවේ කොටස්කාරයකු නොවුවත් මට නෑගිට සිට කියන්නට උවමනා වුයේ මොරටුවේ වල් ඌරන් නම් කිසිම ලෙසකින්වත් සිටිය නොහෑකි බවයි කෙසේ වේතත් එම ඉඩම පිහිටියේ මොරටුවේ නොවන බව පෑවසු නිසා මොරටුවේ වල් ඌරන් කතාව යට ගියේය.
මොරටුව සහ ඌරන් පිලිබන්ද කතාව එකිනෙකට දෑඩිව බද්ධවුවකි.
මොරටුවේ ගමක් වන කඩලාන ප්රදේශයේ පවතින කියමනක් මේ බවට කදිම උදාහරනයකි. කඩලාන ගම්වෑස්සෝ කියන්නේ ” තෙල් කෑල්ලක් කාල වතු කෑල්ලක් ගියත් කමක් නෑ කියලාය” , ( තේරුම – ඌරුමස් වලට කොතරම් ලොල්ද යත් තමන්ගේ ඉඩමක් හෝ විකුනා ඌරුමස් කන්නට කෑමති බවය ) මොරටුවේ අය ඒසේය .
මෙම කියමන කඩලානට පමනක් නොව මොරටුවේ ගම් 18න් බොහෝ ගම්වලට පොදු සාධකයකි. අදටත් ඉරිදට කඩලාන ප්රදේශයේ ඌරුමස් ලෑලි හතරක පහක ඌරුමස් විකුනයි , අවම වශයෙන් ඌරුමස් කිලෝ 200-300ත් අතර ඉරිදට කඩලානේදි පමනක් විකිනෙයි , සමහර තෑන්වල මිටර් 20 ක පමන දිගු පෝලිමක්ද ඈත. ඒ පෝලිම පෑට්රොල් වලට හෝ වෙන කුමන පාරිභෝගික භාන්ඩයකට තිබුනොත් යහපාලනයට හෝ පවතින කුමන ආන්ඩුවකට බනින මිනිසුන් කඩලානෙදි ඌරුමස් පොලිමට නම් බනින්නේ නෑත.
මොරටුවට උරුමස් එතරම් වටිනවාය. මොරටුවේ ඌරුමස් කඩ හෝ ලෑලි අඩුමවශයෙන් 15 කට වඩියෙන් ඈත, එවයේ සති අන්තයේ උරුමස් කිලෝ 2000-3000 කට ආසන්න වශයෙන් විකිනේ. මොරටුවේදි ඌරුමස් කිලෝවක් විකිනෙන්නේ රුපියල් 800කට ආසන්නවය , එය රාගම දි හෝ ජා-ඈල දි විකිනෙන්නේ කිලෝව රුපියල්400-450 අතරය , කාටහරි මොරටුවට කිලෝ දෙසියක් උරුමස් රාගමින් ගෙනත් විකුනුවොත් සති අන්තයෙදි රුපියල් 75,000 ක් ලේසියෙන්ම උපයා ගත හෑක
උසාවියේ ඈසු මොරටුවේ වල් ඌරුමස් කතාව මගේ මතකය බොහෝ අතිතයට ගෙන ගියේය , මොරටුවේ ජීවත් වුන මට කුඩා කල මාසිතු දෙයක් මතක් විය මා කුඩා කල සිතුයේ මොරටුවේ වල් ඌරන් සිටින බවය , මන්ද සෑම දිනකම පාහේ මා ජීවත්වු රාවතාවත්තේ පාරවල් වල දෑල් වලින් ඔතාගත් වල් ඌරන් උන්ගෙ කකුල් වලින් ගෑට ගසා කත් ලීයක හෝ දිගු දන්ඩක ගෑට ගසා ඌරන් යටි ගිරියෙන් කෑගසද්දි කොහාටදෝ රෑගෙන යාම සුලභ දර්ශනයක් විය, එය 70ව දශකයේ මගේ මතකයයි,
අසූව දශකය වන විට එම දර්ශන කෙමෙන් මෑකි ගියෙය , මා පසුව දෑනගත්තේ මෙම ඌරන් වල් ඌරන් නොව නිදෑල්ලේ හෑදුනු ගම් ඌරන් බවය ඔවුන්ට අයිතිකරුවන් සිටියත් කිසිවේකුටත් අල්ලන්නට බෑරිය උන්ව අල්ලා ගත හෑකි වුයේ කිහිප දෙනකු එකතු වි දෑල් දමා එම දෑල් වලට ඔවුන්ව කොටු කරගත් විටය . එසේ අල්ලා ගත් ඌරන් කත් ලීයක හෝ දන්ඩක කකුල් වලින් ගෑට ගසා ඔවුන් කොහේ රෑගෙන ගියාදයි මම නොදනිමි සමහර විට දුම් රියෙන් ජ-ඈල ප්රදේශයට විය හෑක.
මොරටුවේ ඌරු මස් වලට ලොල් ජනතාවක් සිටියත් මොරටුවට ඌරුමස් සන්කෘතියක් නෑත ඌරුමස් සන්ස්කෘතියක් ඈත්තේ ජ-ඈලය. මොරටුවේ ලින්ගුස් හෝ බෙකන් නිපදවන්නේ නෑත , එව නිපදවන්නෙ ජ-ඇල සිට වෙන්නපුව දක්වාය. වෙඩි ලුනු දමා නිපදවාගන්නා ලින්ගුස් හා බෙකන් මොරටුවේ අය තලු මරමන් රස බලති ( ලින්ගුස් නොකෑ අයට කියනුයේ එවා කිසිම ලෙසකින් වත් සොසේජස් යයි වදවා වටහා නොගන්නා ලේසයි )
මොරටුවේ ඌරුමස් උයන්නේ මොරටුවටම විශේෂවු අකාරයටය එවා ජාඈලට වෙනස්ය, ඌරුමස්, සුදු හාලේ බත් , තක්කලි දෙහි ඈම්බුල හා කොස් තම්බා කලවම් කල පොල් සමගය. අවසාන වශයෙන් මොරටුවෙ අද ඌරු මස් කඩ හෝ ලෑලි අඩු වුවත් ඊට සමනව සුපිරි වෙලන්දසෑල් වලින් අති විශාල ප්රමනයක් ඌරුමස් අලේවි වෙයි.
ආහර වල කුල කතා ඈත මොරටු ආහරවල එම කුල කතා ඈත එවා කර පින්නගෙන නොසිටියත් එවා අනිවර්යය සමාජවිද්‍ය ලක්ශනය.
මොරටුවේ මන්ගල්ල (කතෝලික මුනිතුමන්ලගේ මන්ගල්ල ) තියන කාලයට , පාස්කුවට හා නත්තලට ඌරන්ට බොහෝ අපලය.
(ලක්ෂාන් ඩයස්ගේ මුහුණු පොතෙනි)